රේරුකානේ රූබෙල්...
නිබඳව නිල්ලෙන් පිරි නිසි කලට වැසි වසින තෙත් කලාපයේ කෙත් යායකට මැදි වූ රේරුකාන නම් ගම සුන්දර ය. හරියටම පවසන්නේ නම් එය බස්නාහිර පළාතේ කළුතර, දිස්ත්‍රික්කයේ,රයිගම් කෝරළයේ,අධිකාරි පත්තුවේ, බණ්ඩාරගම ආසනයට අයත් අප්‍රකට ගමකි. ගමට ම තිබුණේ ගෙවල් දහයක්, පහළොවක් පමණි. පුදුම හිතන්න එපා! ඔබව මා මේ රැගෙන යන්නේ එක්දහස් අටසිය ගණන්වල අග භාගයට ය.
ඇති හැකි විදියට හදා ගත්තු පොල් අතු සෙවලි කළ එහි වූ එක්තරා සාමකාමී නිවසක 1897 වසරේ ජූලි මාසයේ 19 වන දා හා පුරා කියා කුළුඳුලේට පින්වන්ත කුමාරයෙක් ඉපදුණි. කාගෙ කාගෙත් කේන්දරේ ලියැවෙන්නේ පින්වන්ත කුමරකු කියා වුවත් මේ කුමාරවරුන් බොහෝ දෙනාගේ කරඳඬු උස්වන විට පින්වන්ත කම ද හැලී කුළය ද පරිහානියට පත්වෙයි. සත්‍ය වශයෙන්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පැවසුවහොත් ඇසළ මාසයේ ජනිත වූ මේ කුමරා නම් සුපින්වත් කුමරෙක්ම ය.
බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ බුද්ධ කාරක ධර්මයන් සපුරා වෙසක් සුපුන් පොහෝදා ලොව්තුරා සම්බුද්ධත්වයට සපැමිණ, තමන් වහන්සේ අවබෝධ කරගත් පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය පස්වග තවුසන් ප්‍රමුඛ අටලොස් කෝටියක් වූ දෙව් බඹුන්ට දේශනා කළේ
ඇසළ මාසයේ පුර පසළොස්වක දිනයකදී ය.එසේ තුන් ලොවටම සදහම් ආලෝකය පැතිරුණු මාසය ඇසළ මාසයයි. එවන් ඇසළ මහේ උපන් මේ භාග්‍යවත් පුත් කුමරා මව් බිමට මිණි පහනක් වෙමින් කය ක්‍ෂය වුව ද අදත් නාමය නොනසා එහි ගුණ සුවඳ වාතලය පුරා විසිර පැතිරි වීමට සමත් වෙතැයි එදා කිසිවකු සිතන්නට නැත.
තමා ජාතක කළ කුළුදුල් දරුවා පිරිමි දරුවකු වු නිසාම දොන් බස්තියන් පවුලිස් ගුණවර්ධන උන්නැහැට දැනුණේ නිම් හිම් නැති සතුටකි.
මොහොතකට පෙර ජීවිතයේ විඳිය හැකි වේදනාකාරිම අද්දැකීම වූ විලිරුදාව ඝන හිරු කිරණින් සැනෙන් වියැකී ගිය පිණි බිඳුවක් සේ කොහෝ ගියා දැයි මුණසිංහ පොඩිනෝනා මාතාවට නො දැනුණේ ස්වභාව ධර්මය ද උත්තම කොට සැලකූ සෙනෙහස නිසාම රතු ලේ ධාරාව කිරි බවට පරිවර්තනය කරනා ඒ අසිරිමත් මාතෘ පදවිය ලද අහිංසක සාඩම්බරය ඈ ආත්මයම පුරවා ලූ බැවිනි.
එදා එය උප්පැන්න සහතිකයේ ලියැවෙන, ආණ්ඩුවේ රෙජිස්ටාර් කන්තෝරුවේ ගණන් තැබෙන සාමාන්‍ය දරු උපතකි. (ඒ කාලේ හැටියට මේවා ලේඛන ගත වූවා දැයි ද නොදනිමි) එහෙත් මෙවන් පින්වත් පුත් කුමරෙකු උපැද්දූ පිනම මේ මව්පිය යුවළට නිවන් දකින්නට ප්‍රමාවත් නොවේ දැයි ආපසු හැරී බලන විට සිතෙයි. අම්මාට අප්පාට පමණක් නොව දළ රළ පහරින් ඝෝර වූ මහා සංසාර සයුරෙන් නිවන් කෙම්බිම වෙත රැගෙන යන්නට අවැසි උතුම් සම්බුදු දහම අප කාට කාටත් සරල සිංහල බසින් ලියා පළ කරමින් සසර සයුර තරණයට පහුරක් බැන්දා වූ මේ පුත් රුවන ජාතක කළ පියා ද වැදූ මව ද නිවුණේම වෙයි. එය එසේ වූයේ කෙසේදැයි ඉදිරියේදි ඔබට ඒත්තු ගත හැකිය.
නිබඳව නිල්ලෙන් පිරි නිසි කලට වැසි වසින තෙත් කලාපයේ කෙත් යායකට මැදි වූ රේරුකාන නම් ගම සුන්දර ය. හරියටම පවසන්නේ නම් එය බස්නාහිර පළාතේ කළුතර, දිස්ත්‍රික්කයේ,රයිගම් කෝරළයේ,අධිකාරි පත්තුවේ, බණ්ඩාරගම ආසනයට අයත් අප්‍රකට ගමකි. ගමට ම තිබුණේ ගෙවල් දහයක්, පහළොවක් පමණි. පුදුම හිතන්න එපා! ඔබව මා මේ රැගෙන යන්නේ එක්දහස් අටසිය ගණන්වල අග භාගයට ය.
ඇසළ මාසයේ පුර පසළොස්වක දිනයකදී ය.එසේ තුන් ලොවටම සදහම් ආලෝකය පැතිරුණු මාසය ඇසළ මාසයයි. එවන් ඇසළ මහේ උපන් මේ භාග්‍යවත් පුත් කුමරා මව් බිමට මිණි පහනක් වෙමින් කය ක්‍ෂය වුව ද අදත් නාමය නොනසා එහි ගුණ සුවඳ වාතලය පුරා විසිර පැතිරි වීමට සමත් වෙතැයි එදා කිසිවකු සිතන්නට නැත.
තමා ජාතක කළ කුළුදුල් දරුවා පිරිමි දරුවකු වු නිසාම දොන් බස්තියන් පවුලිස් ගුණවර්ධන උන්නැහැට දැනුණේ නිම් හිම් නැති සතුටකි.![]() මහා නා හිමි උපන් නිවසේ පසු කාලීන දසුනක් |
මේ අලුත උපන් කුළුඳුල් දරුවාට නම් තැබුවේ රූබෙල් කියා ය. වාසගමත් සමඟම හැඳීන් වුව හොත් රූබෙල් ගුණවර්ධන ය. පසුව උපන් සෙලෝහාමි, නීලිස්, එඩ්මන්, ඇක්මන්, ඒඩින් ද පවුල් කැදැල්ලට එකතු වූ විට රූබෙල් ද සමඟ දරුවන් සය දෙනකුගෙන් මේ පවුල් කුටුම්භය පොහොසත් විය.
අපගේ් කතා නායකයා වූ රූබෙල් කොලු ගැටයා පාසල් ගියේ දෙවැනි කැලෑසියට පමණි. එය ද තම දක්‍ෂතාවය ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. දෙවැනි පන්තියට මේ දරුවා සමත් උණේ හොරට කොපි කිරීමෙනි. විභාගය දවසේ ළමයින් වාඩිකර තිබුණේ මුහුණට මුහුණ සිටින සේය.
ගුරුන්නාන්සේ හඬ නගා මෙසේ පවස යි
‘තේ වතුර බීම ගුණ ය’
‘හොඳයි දරුවනේ මා කියු ඒ වැකිය ගල් ලෑලිවල ලස්සනට ලියන්න .
දැන් ළමයි ලියන්නට පටන් ගනිති. රූබෙල් කුඩා දරුවා දුරුවලයෙකි. ඔහුට ඒ වාක්‍ය ලියන්නට අකුරු මතක නැත. ඒත් මූණ ඉස්සරහ හිටි දරුවා වාක්‍ය ලස්සනට ලියා තිබෙන බව රූබෙල් හොඳින් දකි යි. ඔහු ද ඒ අනුව අර වාක්‍ය කොපි කර ගනි යි. එසේ යාළුවට පින් සිදු වන්නට රූබෙල් ට ද දෙවැනි පන්තියට සමත්වීමට හැකි වෙයි.
එහෙත් දෛවය කරන හාස්කම් බලන්න! එදා එසේ යාළුවාගේ පහනින් එළිය බලා දෙවෙනි පන්තියට පමණක් ගිය දරුවාම පසුකලෙක දහම් පිපාසයෙන් පෙළුණු දන මන අඳුර දුරැලමින් ආලෝකය විදාහළ පහනක් බවට පත් විය. ගරු නම්බු නාමයක් වශයෙන් මහාචාර්ය පදවියකින් ද පිදුම් ලැබුවේ ය.
අකුරු මතක නැති වූ දරුවා ගැඹුරු ධර්මය පවා සරල සිංහලෙන් පහදා දෙන්නට සමත් පොත් පෙළක් ලියා පළ කළ පඬිරුවනක් විය.
සම්බුදු දහම වෙනුවෙන් ග්‍රන්ථ තිහකට ආසන්න සංඛ්‍යාවක් ලියා ඵලකරමින් වියතුන්ගේ, බහුශ්‍රැතයන්ගේ, සංසාර විමුක්තිය සොයා යන යෝගාවර භික්ෂූන් වහන්සේ මෙන්ම සමාජ ගත වූ සැබෑ භික්ෂූන් වහන්සේ පමණක් නොව සකල බෞද්ධ ජන සමාජයේම ගරු බුහුමනට සම්භාවනාට පාත්‍ර වූණි. ඉතින් බලන්න දෛවය – ඉරණම මොනතරම් වෙනස්වන සුළු ද අසිරිමත් ද යන වග.
හොඳයි අපි නැවත ගමන් මඟට පිවිසෙමු. කාලය මෙසේ ගෙවී යද්දී 1906 වසරේදී බුරුම ජාතික විනයාලංකාර භික්‍ෂූන් වහන්සේ ලංකාවට සපැමිණෙ යි. උන්වහන්සේ පැමිණෙන්නේ අප බිමේ ඉපැරැණි පූජනීය ස්ථානයන් දැක වැඳ පුද ගැනීමට බොහෝ ප්‍රදේශයන්හි සංචාරය කිරීමේ අපේක්‍ෂාවෙනි. ඔය සංචාරය අතරතුර දී උන්වහන්සේ ඉහත අප සඳහන් කළ ගම් ප්‍රදේශයට පැමිණෙ යි.
ගම ආසන්නයේ ඇති ‘කුළුපන’ නම් කන්දේ ඇති ගල් ගුහාවක උන්වහන්සේ දින කීපයක් වැඩ සිටිති. පිටරටකින් වැඩිය මේ භික්‍ෂූන් වහන්සේ දකින කුතුහලෙන් ගම් බිම් වල බොහෝ ඇත්තෝ බුරුම හාමුදුරුවන් දකින්නට ‘කුළුපන’ කන්දට යන්නට වූහ.ඔවුන් සමඟ හාමුදුරුවන් ද කැඩිච්ච සිංහලෙන් ඇයි හොඳයිකම් පවත්වන අතර හැළෙන වදන් අහුලමින් අපහසුවෙන් ධර්ම දේශනා ද පවත්වති. හාමුදුරුවන්ගේ ඇවැතුම් පැවතුම් දකින ගැමියන්ගේ සිත් හි උපදින්නේ ප්‍රසාදයකි.
ඒ නිසා දුප්පත් ගැමියෝ තියෙන විදියට දානමානාදිය ද සෙසු පිරිකර අටපිරිකාරාදිය ද උන්වහන්සේට පූජා කරති.
එසේ දවස් ගෙවෙන විට පිරිකර ද ගොඩගැසෙන අතර විනයාලංකාර හාමුදුරුවෝ ඒවා තණ්හාවෙන් බදා ගෙන නොසිට බෙදා දමන්නට තීරණය කළහ.
උන්වහන්සේ මේ සඳහා සියක් නමකට දානයක් දෙන්නට අදහස් කර දානමය පින් කමට අවට විහාරස්ථානයන්හි භික්‍ෂූන් වහන්සේට ආරාධනා කළ ද ඒ කිසිම භික්‍ෂූන් වහන්සේ නමක් මේ ආරාධනය පිළිගත්තේ නැත. භික්‍ෂූන් වහන්සේලා වුවත් උන්වහන්සේලාගේ සිත් නිහතමානීත්වය අභිබවන අභිමානයෙන් සහ උජාරුවෙන් පිරී පැවැති නිසා මෙවැනි තීරණයකට එළඹුණා විය හැක.
එහෙත් මෙම තීරණය නිසා සිත් කැලඹුණේ සැබෑවටම විනයාලංකාර බුරුම හාමුදුරවැන්ට ඇලුම් කළ ප්‍රදේශයේ ගැමි දනන්ගේ ය.
ජනක වෙත්තසිංහ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 2
රූබෙල් පුංචි දරුවා රේරුකානේ චන්දවිමල නමින් සසුන් ගත වෙයි
1897 ඇසළ මාසේ 19 වෙනි දින රේරුකාන නම් ග්‍රාමයේදී රූබෙල් ගුණවර්ධන නමින් කුළ කුමරෙක් මෙලොව එළිය දකියි. මෙම දරුවා පාසල් ගියේ දෙවෙනි කැලෑසියට පමණි. ඔය අතර වාරයේ ගම් ප්‍රදේශයේ වූ ‘කුළුපන’ කන්දට බුරුමයේ සිට විනයාංලකාර නම් භික්‍ෂූන් වහන්සේ නමක් වඩිති. ගැමියන්ගෙන් උන්වහන්සේට ලැබුණු පිරිකර පූජාකර සියක් නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් සිදු කිරීමට බුරුම නා හිමියෝ තීරණය කරති. එහෙත් ප්‍රදේශවාසී භික්‍ෂූන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරති.
අද එතැන් සිට .....
මෙම බුරුමයේ විනයාලංකාර භික්‍ෂූන් වහන්සේගේ දානමය පින්කම පිළිබඳ යහපත් අපේක්‍ෂාව දැනගත් වස්කඩුවේ සුභූති හිමියෝ එම පුණ්‍ය කටයුත්තට තම සහාය ඵල කිරීමට ඉදිරියට පැමිණෙති. ප්‍රදේශයේ භික්‍ෂූන් බහුතරයක් ප්‍රතික්ෂේප කළ දානය වෙනුවෙන් සුභූති හිමියන් ඉදිරිපත් වීම ඇත්තෙන්ම නිර්භීත ව්‍යායාමයකි. අභියෝගාත්මක ක්‍රියාවකි. ඒ වකවානුවේ සුභූති හිමියන් ප්‍රකටව සිටියේ ද එවන්වූ සුවිශේෂීතා ප්‍රදර්ශනය කළ යති චරිතයක් වශයෙනි.
![]() අද දකින පොකුණුවිට විනයාලංකාර විහාරය |
මෙම පෙළඹවීම නිසාම දානයට අවශ්‍ය භික්‍ෂූන් වහන්සේ සුභූති හිමියන්ගේ අනුග්‍රාහකත්වයෙන් සැපැයෙන අතර පින්කම ද ගරු සරුවට සිදු කෙරෙයි.
මෙයින් වඩාත් සතුටු වන්නේ ගම්මැදි ගැමි ජනතාව ය. ඒ සමඟම ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා විනයාලංකාර හාමුදුරුවන් වෙත පෑ නොපනත්කම නිසා ප්‍රදේශවාසීගේ සිත් තුළ පැලපදියම් වන්නේ උන්වහන්සේලා පිළිබඳ අප්‍රසාදයකි.
ඒ කලකිරීම් සහගත සිදුවීම නිසා ගැමි දනන්ට අවශ්‍ය වන්නේ විනයාලංකාර හිමියන් වෙනුවෙන් අලුතෙන් පංසලක් ගොඩ නැගීමට ය.
එළඹී ඇති ගැටලුවට මුහුණ දිමට ගමේ බොහෝ මිනිස්සු එකතු වෙති. තනි මංසලමේ නොව රොද බැඳ ගතහොත් දැල උස්සන් යෑමට හැකි වු වටු රැළ සේ එතැන ජනිත වන්නේ එකමුතුකමේ සවියයි.
දැන් ඉතින් පිරිස එකතුවී ඉඩම් කැබැල්ලක් සොයති.
ඒ වැයික්කියේම පොකුණුවිට නම් ග්‍රාමයේ වෙල් එළියක් ඉහැත්තෑවේ ඇති ‘ඉඳීකැටිදෙණිය’ නම් ඉඩම ඇස ගැසෙන්නේ ප්‍රශ්නයට සහනදායී උත්තරයක් වශයෙනි. හැබැයි ‘ඉඳිකැටිදෙණිය’ ඉඩම ඒ කාලේ බූටෑවට වසන්ව වල් බිහිවූ ඉඩමකි. ගම් බිම්වල කරක් ගහන විෂඝෝර සරුපයන් අල්ලාගෙන ගෙනත් දමන්නේ මේ ඉඩමට ය. ඒ විතරක් ද නොවේ. මෙය හරක් හොරුන්ගේ තිප්පොළකි. හොරෙන් පන්නා ගෙන එන හරකුන් මළපුඬුවට දක්කා ගෙන යන්නට පෙර මෙම ඉඩමේ බැඳ තබන්නේ ඉඩම මිනිස් ඇසින් වහන්වී පැවැති බැවිනි. ඉඳිකැටිදෙණියට අයිතිවාසිකම් කියූ කිහිපදෙනෙක් ද වූහ. ගම්මුන්ගේ ඉල්ලීම මත එසේ සරුප පහස රැඳවුණු භූමිය මෙන්ම මරණ දඬුවමට පෙර ජීවිතයේ අවසන් ඉම සටහන් කළ ගවයන්ගේ සිර කඳවුර – පන්සල් භූ®මියක් වෙනුවෙන් පුජා කිරීමට ඔවුහු කෙසේ හෝ කැමැත්ත පළ කරති.
‘ඉඳීකැටිදෙණිය’ නම් වූ බන්ධනාගාර භූමිය එළි පෙහෙළි වෙමින්, සුදු වැලි ඇතිරෙමින්, සැනසුමේ, නිදහසේ, කෙම් බිමක් බවට පරිවර්තනය වෙමින්, අද මේ බිමෙන් එපිට දේශ දීපංකරවල පවා ප්‍රසිද්ධියට පත්වූ ලාංකේය විහාර නාමාවලියේ විශේෂිත නමක් තැබූ පින්බිමක් බවට පත්වන්නේ ඔන්න ඔය ආකාරයට යි. කෙසේ හෝ එවන් රුදුරු බිමක් මෙවන් ඉසුරු ඉසව්වක් බවට පත් කිරීම වෙනුවෙන් ඉඩම පූජාකළ ඇත්තන්ටත් ඒ මහඟු පුණ්‍ය කර්මයට මඟ පෙන්වූ ගමේ මානවයන්ටත් මහත් පිනක් අත්වනවා නො අනුමාන ය.
![]() විනයා ලංකාර විහාරය නා හිමි |
ලබාගත් ඉඩමේ පන්සලක් සාදා එය විනයාලංකාර හිමියන් වෙත පූජා කෙරෙන අතර විහාරස්ථානයට ‘විනයාලංකාරය’ ලෙස නම තැබෙන්නේත් විනයාලංකාර බුරුම හිමියනට දැක්වූ ගෞරවයක් වශයෙනි.
භාෂා සන්නිවේදනයේ අඩුලුහුඬුකම් කොතෙක් තිබුණත් බුරුම හාමුදුරුවන් සැබෑ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් තම යුතුකම නොපිරිහෙලා ඉටු කරති. පන්සලට පැමිණෙන ප්‍රදේශවාසීන්ට නිබඳව ධර්ම දේශනා කරමින් ඔවුන්ට ධර්මාවබෝධය ලබා දෙති.
නිතර පන්සල ඇසුරු කරන්නන් අතර පවුලිස් ගුණවර්ධන උපාසක මහතා ද දකින්ට ලැබෙයි.
බුරුම හාමුදුරුවන් වැඩිමනක් බණ කියන්නේ පැවිද්දේ ඇති වටිනාකම සහ ආනිශංස පිළිබඳව ය. මේ දහම් කරුණු අපේ උපාසක මහතාගේ හිත ද අවධි කරවන සුළු විය.
ඔහු පෙරලා නිවසට පැමිණ මුණිවත නො රකිමින් දරු මල්ලන් සමඟ දොඩමළු වෙමින් බුරුම හාමුදුරුවන්ගේ දේශනා පිළිබඳ කතා කරයි.
එක් දිනෙක පවුලිස් උන්නැහේ යෝජනාවක් මෙසේ ඉදිරිපත් කරයි. “ පුතේ උඹටත් නරකද මහණ වුණොත්” ඔහු එසේ ඇසුවේ අනාගතයේ දවසක පවුලේ බර කරට ගන්නට සිටි තම වැඩිමහල් පුත්‍රයා වූ රූබෙල් වෙතට එක එල්ලේ ඇස් යොමු කරවමිනි.
“ හොඳයි තාත්තේ”
ප්‍රශ්නයේ වැල්වටාරම් නොමැත. උත්තරය කෙටිය. සරළ ය. හයක් හතරක් නොදත් මේ පුංචි එකා දෙවරක් නො සිතුවේ ය. මහණකමේ දිගක් පළලක් ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් ද මේ පොඩි එකාගේ හිත තුළ නොමැත. එහෙත් මහණ වෙනවා යන්න ගෙදරින් ඈත් වීමකි. ඇලේ - දොලේ දියබුං ගසමින් ලන්දේ - දෙණියේ හිතුමතේ කෙළි සෙල්ලමින් ගත කළ දඟකාර ළමා දිවියට විරාමය තැබීමකි. මේ වනවිට අවුරුදු 09ක් වත් සම්පූර්ණ කර නැති පුංචි දරුවකු නිබඳව අම්මාගේ ඇකයේ දැවටෙයි. තුරුලේ සැනසෙයි. උණුසුමේ පහස විඳි යි. ඉතින් පුංචි ශරීරයේ සිවුර දැවැටුණු පසු ආයෙත් කිසිදා නො එනා හුරතල් ළමා කාලයට පිවිසෙන්නට ඉඩක් නො ලැබේ. මහණ වෙන්නට කැමැත්ත ප්‍රකාශ කළ මේ පුංචි හිතට වෙන්වීම පිළිබඳ එවන් හැඟුමන් බිඳුවක් හෝ හිතට නොදැනුනායැයි කියා සිතන්නට ද නොපුළුවන.
එසේ නම් මේ පුංචි දරු පැටියා එකපාරටම මහණවීමට කැමැත්ත ප්‍රකාශ කළේ ඇයි? ඒ පිළිබඳව අපට හිතන්නට ඇත්තේ මෙපමණකි. පින්වත් රූබෙල් කුළ කුමරුවාගේ සංසාර ගත ගමනේ දී මෙවන් තැන් තවත් බොහෝ හමුවන්නට ඇත. මේ භවයේ ද සසුන්ගත වීමට දෛවය විසින් පාර කපා තැබුවා විය හැකි ය. කොටින්ම එය සංසාරගත පුරුද්දක් නිසා වූවක් විය හැකි ය. ගිහිගෙය හැරයාමේ බරසාරකම නොදැන හෝ ඒ ඉල්ලීම සැහැල්ලුවෙන් බාර ගත්තේ ඒ නිසාම වෙන්නට පුළුවන.
අද අප ‘බුදුසරණින්’ මේ මහා යති චරිතාපදානය ලියා තබන්නට පෙළඹෙන්නේ ඒ තුළ වූ උදාර සුවිශුද්ධ ගුණ කදම්භයක අගය අපි සිත් ද උද්දීපනයට පත්කළ බැවිනි. එසේම ලාංකේය බිමට ආලෝකයක් වූ බැවිනි. එවන් ගති ස්වභාවයන්ගෙන් හෙබි උත්තම මානව චරිතාංග අතර රැඳෙන්නට ලැබෙන්නේ අතලොස්සකට පමණි. ඒ අතර මේ අයෝමය පුරුෂකාය සුදිලෙන්නේ කාය ශක්තිය නිසා නොව දිවිය පරිපූර්ණ කළ සුශීල සුසුවඳ අදත් අප සිත් සතන් ප්‍රසන්න කරවන බැවිනි.
එදා එසේ පියා ඉදිරියේ තම කැමැත්ත ප්‍රකාශයට පත් කළ රූබෙල් දරුවා පාසල් ජීවිතයේ දෙකේ පන්තියෙන් උඩට නොයමින් තම සමනල ළමා වියෙන් සමුගැනීමට තීරණය කරයි. වර්තමානයට වඩා ඒ යුගයේ දෙමාපියන් තම දරුවන් සසුනට පූජා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ බව පෙනෙයි. ඔහු මෙන්ම ඒ ප්‍රදේශය තවත් කුඩා දරුවන් විසිහය දෙනෙකු පමණ මෙසේ මහණවීමට පෙළඹෙන්නේ ඒ නිසාම ය. ඒ අනුව 1906 ජනවාරි මාසේ 08 වෙනි දින මේ දරුවන් 27 දෙනා බුරුම ජාතික විනයාලංකාර ගුරු හාමුදුරුවන් යටතේ සසුන්ගත වෙති.
මේ දරු පිරිස මහණ වෙන්නට කලින් ‘සාමණේර බණ දහම් පොත’ ‘පාළි වර නැගිල්ල’ වැනි පොත් කීපයක් පාඩම් කිරීමට සිදුවන්නේ බටුවිට සුසීම හිමියන් සමීපයේ ය. දරු පිරිස අතර ළා බාල දරුවා වූයේ ඒ වනවිට අවුරුදු 09 වත් සපුරා නොතිබුණු රූබෙල් ය. ඔහු උසින් වැඩිම කොලු ගැටයා ය. නමුත් ශරීරය හුඟක් දුරුවල ය. මෙසේ වූ රූබෙල් ගුණවර්ධන නම් කුළ කුමරුවා සසුන්ගත වන්නේ රේරුකානේ චන්දවිමල නමිනි.
ජනක වෙත්තසිංහ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 3
රේරුකානේ චන්දවිමල හිමි බුරුමය බලා නැව් නගියි
බුරුම ජාතික විනයාලංකාර නා හිමි වෙනුවෙන් පොකුණුවිට ග්‍රාමයේ විහාරස්ථානයක් ගොඩනැගේ. විනයාලංකාර හාමුදුරුවන්ගේ අපේක්‍ෂාව මුදුන්පත් ගැන්වෙමින් දානමය පින්කම සාර්ථකව සිදුවෙන අතර ගමේ දායකයන්ට අවශ්‍ය වන්නේ උන්වහන්සේ වෙනුවෙන් අලුතෙන් විහාරස්ථානයක් ඇරැඹීමට ය. පොකුණුවිට ග්‍රාමයේ විනයාලංකාරාම ය නමින් විහාරස්ථානයක් ඉදිවන්නේ ඒ වෙනුවෙන් ය. විනයාලංකාර භික්‍ෂූන් වහන්සේ එහි වැඩවසමින් යනෙන ඇත්තන්ට ධර්ම දේශනා කරති. තාත්තා ඇසූ ධර්මයේ ප්‍රතිඵලය ලබාගන්නේ රූබෙල් නම් කොලු ගැටයාය.
මහත් වගකීම් සමුදායක් හිසමත දරා, ගිහිගෙදර මහ බරක් උර දරා, දිගු ගමන් යන්නට සිටි මේ දරුවා ඒ සියල්ල එළිපත්තේ තබා වත්තේ කඩුල්ලෙන් පැන ආවේ හතර වරිගයක් නිවන වෙත කැඳවීමට සමත් මහණදම් පිරීමේ අපේක්‍ෂාවෙනි රූබෙල් ගුණවර්ධන නම් වූ කොලු ගැටයා රේරුකානේ චන්දවිමල නමින්, අපමණ වූ ක්ලේශයන්ගේ දුක් කඳක පෝෂණයෙන් සසර මඟ දික් කරනා ගිහි දිවියෙන් මිදී මේ සංසාර චක්‍රයේ භ්‍රමණය නවතාලන ඒකායන සංසාර විමුක්තිය උදෙසා ම වූ උතුම් සසුන් මඟට ප්‍රවිශ්ෂ වූ සේකඑදා සසුන්ගත වූ කුළ දරුවන් 27 දෙනා අතර ලාබාලම දරුවා වූයේ චන්දවිමල සාමණේරයන් ය. එහෙත් අනෙක් පොඩි උන්නාන්සේලා පරදන උසකින් ද කෙසඟ සිරුරකින් ද හෙබි චන්දවිමල හිමි ගතින් දුර්වලයෙකි. එය එසේ වුව ද පවුලේ සිටි වැඩිමහල්ම පිරිමි දරුවා කිසිදු පැකිලීමකින් තොරව සසුනට පූජා කිරීමට දෙමාපියන්ගේ සිත් පැහැදීම උසස් පරිත්‍යාගයකි. එය එක්තරා විදියක පාරමී පිරීමක් වැනි ය.
භික්‍ෂූන් වහන්සේ යනු ගගණත සැරිසරණ පක්‍ෂියෙකුට සමාන කර ඇත. භික්‍ෂූවගේ කිසිදු බරක් නොමැති සිත සැහැල්ලු ය. පක්‍ෂියාට අත්තටු දෙකසේ භික්‍ෂූන් වහන්සේට එකම බර සිරුර දරන චීවරය පමණි. එසේ උපහැරණ ගෙනහැර දක්වන්නේ බැඳුම් වරපටින් මිදුණු භික්‍ෂූත්වයේ සැහැල්ලුව නිදහස අගැයීමට ය.
එහෙත් මේ චීවරය චන්දවිමල කුඩා සාමණේරයන්ට නම් මහා බරකි. එය එසේ වූයේ උන්වහන්සේ උප්පත්ති අලසයකු වූ නිසාය. සිරුරෙන් ද දුර්වලයකු වු බැවිනි. ඉතින් කුඩා දෑත් පොඩි එකට තබා අතුල්ලමින් සෝදා සිවුර පිරිසුදු කර ගැනීමට අපේ පොඩි හාමුදුරුවන්ට අපහසු සෙයකි.
එසේම කාලසටහනට අනුව නියමිත වේලාවට අලුයම අවදි වී මුහුණකට සෝදා පවිත්‍රවීමද නුහුරු ය. නුපුරුදු ය.
ඒ නිසාම ඇවැතුම් පැවතුම් චන්දවිමල හිමියන් අතින් අතපසු වී යන අතර අනෙක් යහළුවන් චන්දවිමල හිමියන්ගෙන් ඈත් වන්නේ පොඩි උන්නාන්සේ ළඟ ගඳ ගහනවා යැයි පවසමිනි.
එදා ගඳ ගහනවා යැයි ප්‍රතික්‍ෂේප කළ චන්දවිමල නාමය අද අපට මෙනෙහි වන විට ආත්මය පුරවන්නේ ඒ මහා යතිවර සුවඳින් ම ය.
සීලගන්ධසමෝ ගන්ධෝ
කුතෝ නාම භවිස්සති
සෝ සමං අනුවාතේ ච
පටිවාතේ ච වායති
ශීල සුගන්ධය හා සම සුගන්ධයක් අන් කුමකින් ඇතිවේ ද, නොවේම ය, එය වෙනසක් නැතිව යටි සුළඟට ද උඩු සුළඟට ද හමයි.
ඒ මහා යතිවරයාණන් වහන්සේගේ සිල් සුවඳ යටි සුළඟේද උඩු සුළඟෙහිද මුහු වී අදද මේ බිම දසත පුරා විහිදී ඒ සුසුවඳ වාතලය පුරා පතුරුවා හරියි.
මේ පුංචි හාමුදුරුවන් මහණ වුණු ඒ දවස්වල දැන් කාලේ මෙන් ප්‍රත්‍ය පහසුකම් අඩු ය. ආවාස ගෙය පොල් අතු මඩුවකි. රාත්‍රියට නිදා ගත්තේ පැදුරු කෑල්ලක් එළා ගෙන ය. උදේ ආහාරයට ලැබෙන්නේ ලුණු කැඳ කෝප්පයකි.
දවල් දානය වෙනුවෙන් පිණ්ඩපාතයේ යෑමට සිදුවෙයි. කෑම බීම පවා අඩු වීමෙන් චන්දවිමල පොඩි හාමුදුරුවෝ තවත් දුර්වල වෙති. මේ දුර්වල සිරුර දුටු පොඩි හාමුදුරුවන්ගේ තාත්තාගේ හිතට දැනෙන්නේ මහත් දුකකි. ඒ නිසා පොඩි උන්නාන්සේව ගෙදර එක්කරගෙන ගොස් දින කීපයක් නවත්තාගෙන ඇඟට ශක්තිය ලැබෙන්න තලගුලි ආදිය සාදා වළඳන්නට ලබාදෙන්නේ ශාසනයට පූජා කළ ද කිසිදා නොමැකෙන මව්පිය සෙනෙහස නහර ඇටමිදුළු වලටද කිඳා බැස ඇති බැවිනි.
මෙසේ වසර දෙකක් පමණ කාලයක් ගෙවී යයි. ඒ වකවානුවේදී බුරුම රටින් භික්‍ෂූන් වහන්සේ නමක් මේ රටට සපැමිණෙ යි.
එම භික්‍ෂූන් වහන්සේ සමඟ අලුත මහණ වූ කුඩා සාමණේරවරුන් 27 දෙනා වැඩි දුර ඉගෙනීමට බුරුම රටට යවන්නට නායක හාමුදුරුවෝ තීරණය කරති.
ඒ දවස්වල බුරුමයට යෑමට නැව් ගාස්තුව රුපියල් දහයකි.
කලබල වෙන්න එපා! මා මේ කතාකරන්නේ මීට වසර 105 කට පමණ පෙර අතීතයේ සිටගෙන ය. හරියටම පැවසුවහොත් 1908 ජනවාරි 27 වැනිදා මෙම භික්‍ෂු පිරිස බුරුමය බලායාමට නැව් නගිති.
බුරුමයට යාම වෙනුවෙන් මේ පුංචි හාමුදුරුවරුන්ගේ දෙමාපියෝ දරුවන් වෙනුවෙන් නැව් ගාස්තු සොයා දෙති. චන්දවිමල හිමියන්ගේ පියා දුන් රු. 10 මුදල ලැයිස්තුවට ඇතුළත් වී නොතිබිණි. ටිකට් එකට වැය නොවු ඒ රු. 10 සංවිධායකවරයෙකුගේ සාක්කු පල්ලට වැටුණු බව පසුකලෙක දැනගන්නට ලැබුණි. මුදල ගෙවා දමන්නට චන්දවිමල හිමියන්ට කිසිදු වත්කමක් නොමැත. ආපසු හරවා එවන්නට ද නුපුළුවන. කෙසේ හෝ බුරුම හාමුදුරුවෝ ඉදිරිපත් වී නැව් ගාස්තුව ගෙවා දමති.
දැන් චන්දවිමල හාමුදුරුවන් සිටින්නේ බුරුමයේ ය. මෙම සාමණේර පිරිස වැඩිපුර අධ්‍යාපනය සඳහා රැගෙන යන ලද්දේ බුරුමරට ඤෞන්ඩුන් නුවර ශ්‍රී මහා මංගලාරාමයේ අධිපති වූ ද පහත බුරුමයේ ශ්වේජින් නිකායේ මහා නායක වූ ද ශාසනාලාංකාර සද්ධර්මාභිවංස සිරිපවර කවිධජ මහාධම්ම රාජාධි රාජගුරු හිමියන් වෙතය.
මෙම සාමණේරයන් වහන්සේලාට බුරුම යේදී අධ්‍යාපනය ලබන්නට සිදු වූයේ බුරුම භාෂාවෙන් ය. බුරුම අකුරක්වත් නොදත් බැවින් අසන ඇසුම්, කියන කියුම්, අණ්ඩර දෙමළ මෙන් බුරුම භාෂා වෙන් ඉගෙන ගැනීම මහා අපහසු කටයුත්තක් විය. ඒ රටේ භික්‍ෂූන් වහන්සේලා පාලි භාෂාවෙන් ද කතා කළ ද එය ද අපහසුවකි. කැඩිච්ච පාලියෙන් කතා කරමින් යන්තමින් ජාම බේරා ගැනීමට හැකි වූයේ මෙහිදී සුසීම හාමුදුරුවන්ගෙන් පාලි ටිකක් ඉගෙන ගත් බැවිනි.
එහෙත් මාස කීපයක් යන විට චන්දවිමල හිමියන් ටිකෙන් ටික බුරුම භාෂාවට හුරුවුණු අතර අවුරුදු දෙක තුනක් යන විට නම් උන්වහන්සේට බුරුම භාෂාව කදිමට හැසිරවීමට ලිවීමට හැකියාව ලැබිණි.
දුෂ්කරතා මධ්‍යයේ වසර නවයක් බුරුමයේ සද්ධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලද චන්දවිමල හිමියෝ 1917 ඔක්. 26 වන දින බුරුම රට ධම්මිකාරාම සීමාවේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබති.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 4
මෙතෙක් කතාව
බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් වෙනුවෙන් ඉදිවූ පොකුණුවිට විනයාලංකාරාමයේදී රූබෙල් ගුණවර්ධන ඇතුළු කුළ දරුවන් 27 දෙනෙක් සසුන් ගත වෙති. සසුන් ගත වී කෙටි කලෙකින් මේ කුඩා සාමනේරුවරුන් වහන්සේලා. වැඩිදුර ධර්ම අධ්‍යාපනය සඳහා බුරුමය බලා නැව් නගිති. බුරුම දේශයේ ගත කළ මුල් කාලය මේ සාමනේර හිමිවරුන්ට මහත් අපහසු කාලයක් විය.
මව් බිමෙන් වෙන් වී පිටස්තර දේශයකට පැමිණීමෙන් එහි භික්‍ෂු ජීවිතයට හැඩ ගැසීම, ඇවැතුම් පැවැතුම් මෙන්ම කෑම බීම ආදියෙ වෙනසත් මෙයට බලපෑමකි. කුඩා සිනිදු මනසට තම තමාට හුරු පරිසරයේ ද දන්නා කියනා අයගේ ආශ්‍රයෙන් උණුසුමින් වෙන්ව වෙනත් දීපංකරයට නැව් නැගීම නිසා මේ පුංචි සිත් මදකට හෝ සසළ නොවෙන්නේ යැයි කාට කිව හැකිද?
කුඩා සිරුරකට සිවුර දරා සිටීම ද අපහසු ය. ඒ මදිවාට ඒ නුහුරු අත්දැකීම සමග උපන් රටේ ගත කරන්නට සිදු වූයේ ද සුළු කාලයකි. යම් ප්‍රමාණයකට හෝ සසුන්ගත සංවර දිවියකට හැඩ ගැසෙන්නට පෙර නන්නාඳුනන බුරුම දේශයට නැව් නගින්නට සිදුවිය. චන්දවිමල සාමනේරයන්ට බුරුමයේ අත් විඳින්නට සිදු වූ බැරෑරුම්ම ප්‍රශ්නය ඒ රටේ දී දානය ලැබෙන ව්‍යංඤජන අපේ මාළු පිනි වගේ වැළැඳීමට අපහසු වීම ය.
බුරුම බත නම් ප්‍රශ්නයක් නොවීය. මේ නිසා බත විතරක් ගිල දැමීමට අපහසුවෙන් හෝ සිදු විය. මේ ආහාර ගැටලුව නිසා චන්දවිමල පොඩි හාමුදුරුවන් තව තවත් දුර්වල විය. ඒත් තද බල අසනීපයක් නොවීම නම් භාග්‍යයකි. මෙවන් දුෂ්කරතා මධ්‍යයේ වුව කුඩා මනසට සිවුරු හැර උපැදවි වීමට සිත් නො දීම වාසනාවකි. එය ඒ හිමියන් මෙන්ම සමස්ත බෞද්ධ ජනතාව ලද භාග්‍යයකි. එසේ සිතෙන්නේ අද අප ආපසු හැරී බලන විට ය. ඒ තරමටම කුදු මහත් බොදු ජන හද වෙත සැනසිලිදායක ඇමැතුම් ලබා දීමට චන්දවිමල හිමියනට හැකි වූයේ උන්වහන්සේගේ ලේඛණ සන්නිවේදනයේ ශක්තියෙනි.
අපමණ ශාරිරික , මානසික පීඩා මැද හෝ උතුම් චීවරයෙන් මිදෙන්නට තරම් හිත හිතුවක්කාර නො වුණේ උන්වහන්සේම පසුකලෙක පවසන පරිදි සංසාරගත පුරුද්ද විසින් ශාසනාලෝකය වෙනුවෙන්ම මේ භවයේදීද රූබෙල්ව චන්දවිමල නමින් අරහත් ධජය දැරීමටම මෙලොවට ජනිත කළ නිසාම විය යුතු ය.
කෙසේ හෝ බුරුමයේදි ගත කළ වසර දහයක පමණ ආරාමික ජීවිතය තුළ බුරුමයේ උගත් රට රාජ්‍ය පවා පිළිගත් ධර්මධර, විනයධර, ආචාර්යවරුන් ඇසුරේ ධර්ම විනය අටුවා ටීකා සහිතව බුදුදහම ඉතා හොඳින් ක්‍රමාණුකූලව ඉගෙන ගන්නට ලැබීම පෙර පිනකි. බුරුම දේශයේ ආරාමික ජීවිතය භික්‍ෂු ජීවිතය ට ඉතා උචිත පසුබිමක් සම්පාදනය කළේය. චන්දවිමල නා හිමියන් තම භික්‍ෂු ජීවිතයේ අතීතය මෙනෙහි කිරීමේදි පැවැසුවේ වෙනත් මොනම රටකවත් මෙවැනි ඉගැන්වීමේ ක්‍රම තිබේදැයි නොදන්නා බවයි. බුරුම භාෂාවෙන් ලියන ලද ඉතා වටිනා පොත්පත් රාශියක් අධ්‍යයනය කිරීමට පරිශීලනය කිරීමට උන්වහන්සේට ලැබෙන්නේද බුරුම දේශයේ අධ්‍යාපනය නිසා ය. ඒ වාගේම එහි වැඩ වසන විශාරද උගත් භික්‍ෂු ගුරුවරුන්ගේ ඇසුරේද මනා දැනුමකින් පෝෂිතව භික්‍ෂූත්වය පරිපූර්ණ කර ගැනීමට ලැබෙන්නේ ද බුරුම දේශයේදී ය.
එසේම භාවනා ක්‍රම ඉගෙන ගෙන පමණක් ගිරවුන් මෙන් ඇසූ වදන වමාරමින් නොසිට එම භාවනා ක්‍රම ඉතා හොඳින් ක්‍රමාණුකූලව ප්‍රගුණ කිරීමට ලැබෙන්නේ ද බුරුමයේ දීය.
එම දේශයේ ‘රාත්‍රී වාචක’ නම් ඉගැන්වීමේ ක්‍රමය මේ අතර විශේෂ වෙයි.
රාත්‍රියේ ගන අන්ධාකාරයේ කෙරෙන මෙම රාත්‍රී වාචක ඉගැන්වීමේ ක්‍රමය සුවිශේෂී අධ්‍යාපන රටාවකි. ගුරු භික්‍ෂූන් වහන්සේ හා ගෝලයා කට්ට කළුවරේ එක තැන වාඩිවී සිටිති. පොතක් පතක් පෑනක් පැන්සලක් අසලක තිබුණත් ඒවා පරිහරණය කිරීමට මෙම ගන කළුවර ඉඩ නොදෙයි. ඒ නිසා ඒවා ළඟ තබා ගැනීමෙන් ඵලක් නො මැත. මෙතැනදි ගුරුවරයා කරන්නේ ධර්මය හොඳින් විස්තර සහිතව පැවැසීමය. ‘අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වරූප විභාගය’, ‘ධාතු කතා’, ‘යමක’ ,’පට්ඨාන’ , වාගේ පොත් මේ රාත්‍රී වාචකයේදි වාචිකව හඬ නගා උගන්වති.
අඳුරේදී සිසුවාගේ දෑස් නො පෙනේ. එහෙත් ශ්‍රවනේන්ද්‍රිය අඳුරේදි වඩාත් අවධි වී තිබේ. මෙසේ ශ්‍රවණේන්ද්‍රිය වෙත ඇදෙන ධර්ම කරුණු ශිෂ්‍යා සවනට ගෙන පොතක පතක ලියූ ආකාරයට මනසට හොඳින් ධාරණය කර ගත යුතු වෙයි. ඉන්පසුව ගුරුවරයා කියා දුන් ආකාරයටම පාඩම් තබාගෙන නැවත කියන්නට ශිෂ්‍යයා පුරුදු විය යුතු වේ.
ඇත්තට බලන්න! මෙවන් ක්‍රමයකට ධර්ම පුස්තකයේ ඇති ආකාරයටම කට පාඩමෙන් කියාදීමට ගුරුවරයා ද ධාරණ ශක්තියෙන් කොතරම් නම් අනූන විය යුතු ද බව. එය ධාරණය කර ගැනීමට නම් ගෝලයාද ගන අඳුරේදි වුව සිත හොඳීන් අවධිකර ගෙන අවධාරණයෙන් සිටිය යුතුම ය. මෙය ඇත්තෙන්ම කදිම මනෝ විද්‍යාත්මක ඉගැන්වීමේ ක්‍රමයක් නොවන්නේ ද? ඇලුම්බැලුම් වට පිට වියවුලෙන් තොර අඳුර විසින් ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට සලසන්නේ කදිම පිටුවහලකි. මෙලෙස රාත්‍රී වාචන අධ්‍යාපනය පැය 3 –4 එක දිගට සිදු කෙරෙන අපහසු ක්‍රියාවලියකි. ඉතින් මේ දැඩි අඳුරේ වාඩි වි සිටින විට සමහර දවසට චන්ද විමල සාමනේරයන් හිඳගෙනම නිද්‍රාවට වැටෙයි. පාඩම් අවසාන වී සියල්ලන්ම නැඟිට ගිය විටත් අපේ පොඩි උන්නාන්සේ හිඳි ඉරියව්වෙන්ම නිද්‍රාවේ පසුවෙති. උන්වහන්සේ සැප නින්දේ හුදෙකලා කුටියේ තනි වෙති. මේ පිළිබඳව විමසන විට චන්දවිමල හිමියන් දුන්නේ අපූරු පිළිතුරකි. “ඇත්තෙන්ම ඒ කාලයේ මං හරිම කම්මැළියි. මා තමයි ඒ කාලේ බුරුමයේ හිටිය ලොකුම කම්මැළියා” එසේ ලොකුම අලසයා වුවත් චන්දවිමල හිමියන්ගේ ධාරණ ශක්තිය පැවැතියේ ඉහළ තලයකය. ඒ නිසා ඇසූ ධර්මය හොඳින් පාඩම් හිටියි. ඒ වාගේම ඒ රටේදී ධර්ම විනය අටුවා ටීකා සහිත පොත් කියවා ධාරණය කර ගැනීමේ ශක්තිය උන්වහන්සේ සතු විය.
වැඩසිටි ආරාමයේදි හරියට පාන්දර 4.30 ට ‘ගෙඩිය’ ගසන විට අවධි විය යුතුය. ඊළඟට වන්දනාමාන කටයුතු වල යෙදීමෙන් අනතුරුව පැමිණීම සටහන් කරණු ලබයි.
පැමිණීම සටහන් තබන්නේ තම නම හඬ ගසන විට ‘ඉන්නවා’ යැයි කීමෙනි. වෙලාවට නාවොත් දඬුවමට යටත්විය යුතුය. දඬුවම වන්නේ වතුර කළ පහක් හෝ නියම කරන පරිදි ඊට වැඩි ප්‍රමාණයක් හෝ රැගෙන විත් එක්තැනකට වැක්කිරීමය. අලසයක වූ චන්දවිමල පොඩි උන්නාන්සේට මේ වතුර කල දඬුවමට නිරන්තරයෙන්ම යටත් වන්නට සිදුවන්නේ උන්වහන්සේට පාන්දර අවධිවීම දුෂ්කර කාර්යයක් වූ නිසා ය.
අපේ පොඩි හාමුදුරුවන්ගේ අලසකම කොතරම් දැයි කීවොත් නිතර දඬුවමට යටත්වන මේ හිමියන්ට දඬුවම් දීම ගුරු හාමුදුරුවන්ට ද මහත් හිසරදයකි. නිතර දඬුවම් දීමෙන් ද ප්‍රතිඵලයක් නැත. මුනින් අතට හැරවු කලයකට වතුර දමනවා වැනි ය. ඒ නිසා ගුරු හාමුදුරුවන් චන්දවිමල හිමියන්ව දඬුවමින් මුදා හරින්නේ පිනට අතහරින ගවයකු පරිද්දෙනි.
මේ මොන වියවුල් මධ්‍යයේ වුව ද ගල්පර මැදින් ගලා හැලෙනා සුන්දර වූ නදියක් පරිද්දෙන් ආපසු හැරී බලන විට චන්දවිමල භික්‍ෂු ජීවිතය ඉදිරියටම ගලා යන්නේ සසුන් කෙම්බිම රමණීය කරනා, සා පිපාසයට දිය දෝතක් ගත හැකි නිර්මල නදියක් පරිද්දෙනි.
බුරුමයේ ආරාමික ජීවිතයේ තවත් විශේෂයක් වන්නේ පාලි ව්‍යාකරණ ඉගැන්වීමට විශේෂ තැනක් ලබා දීම ය. එමෙන්ම පාලි භාෂාව ද එහිදී ගැඹුරින්ම ඉගෙනීමට චන්දවිමල හිමියන්ට ඉඩ ප්‍රස්තාව විවර විය.