Ven Kotte Devananda Thero
උපත
මෙතුමෝ 1918 ජනවාරි පළමු වැනි දින කෝට්ටේ දී උපත ලදහ. පියා කුරුවිටගේ ජොන් ද සිල්වා මහතාය. මව සිංහබාහු ආරච්චිගේ දෝන එන්සිනා හාමිනේ වූවාය. දෙමාපියන්ට සිටි එකම දරුවා වූ මෙතුමන් කුරුවිට ගේ ප්‍රේමදාස නමින් හැඳන්වූහ.
අධ්‍යාපනය
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමෝ බටහිර ඔසුවේදී විභාගයට උගෙන ගෙන, ඉන් ද සමත්වූහ. ඉන්පසු ඔසුවේදියෙකු වශයෙන් රැකියාව පටන්ගෙන, 1960 වන තෙත් එම රැකියාවෙහිම නිරත වී සිටියහ. පැටි වයසේ සිටම එක්තරා හුරුවක් මේ ජීවිතය තුළ දිස්වන්නට විය. බොහෝවිට කෙළිසෙල්ලම් වශයෙන් සම වයසේ දරුවන් සමඟ එක්වී රෙදි කඩක් උරේ දමාගෙන මහණ වෙස් ගෙන බණකීම් කළ බව ප්රකටය.
තරුණ විය
තරුණ වියට පත්වීමත් සමඟ සුසිලෝදය නමින් තරුණ සංවිධානයක් පිහිටුවා ගෙන ප්‍රදේශයේ තරුණ පිරිස සමඟ ආගමික හා සමාජිය කටයුතුවල නිරත වූහ. යුගයේ අවශ්‍යතාවයන් සපුරමින් පින් බෙහෙත් ශාලාවක් ආරම්භ කළහ. ඊට බෙහෙත් බඩු රැස්කොට පෙරහරින් ගෙනවුත් භාරදීම පුරැද්දක් කොට ගත්හ. වෙසක් පෝය දිනවල සිසිල් පැන්, තැබිලි ආදිය බෙදා දෙන දන්සැලක් පැවැත්වූහ. අසරණ වූ සියලු දෙනාටම පිහිටවීම ජීවිතයේ ප්‍රධානතම අංගයක් කොට ගත්හ.
ධර්ම ගවේෂණය
එදා වැඩසිටි, උගත් ධර්මධර මාහිමිපාණන් වහන්සේ ලා ආශ්‍රය කරමින් ධර්මය ගැඹුරින් හැදෑරීම මේ අවදියේ පටන් ගන්නා ලදී. ධර්ම කරුණු ගැඹුරු චින්තනයකින් යුතුව හදාරන්ට වූයේ තමන්ගේ අදහස් සනාථ කිරීම වශයෙන් වාද-විවාදවල පැටලුන අවස්ථා ද ඇතිවූ බව දනිමු. එක වචනයකින් දෙන තේරුම දීමට තවත් වචනයක් නැති බවත්, ධර්මයෙහි එන සෑම වචනයකින්ම එක්තරා ක්‍රියා ස්වරූපයක්ම හඳුන්වන බවත් මෙතුමෝ තරුණ වයසේ දිම තේරුම් ගත්හ.
තරුණ සංවිධානය
නව ආරක් ඔස්සේ යමින් තමාගේ දහම් දැනුම තරුණ සංවිධානයේ සාමාජිකයින්ට තේරුම් කර දෙන්ට වූහ. මේ සඳහා කථාවට වඩා රූප සටහන් සහ වෙනත් උපමා රූපක ප්‍රයෝජනයට ගත්හ. සිය තරුණ පිරිස සමඟ කෝට්ටේ රාජමහා විහාරයෙන් ද, කැලණි රාජමහා විහාරයෙන් ද උපෝසත සීලය සමාදානය වීම චාරිත්‍රයක් වශයෙන් පටන් ගෙන, නොකඩවා ම එහි නිරත වූහ. එක දිගට තුන් දිනයක්, හත් දිනයක් වශයෙන් සිල් සමාදන්වීම පුරුද්දක් කොටගත් පළමුවන ගිහි පිරිස මෙතුමාගේ පිරිස වූහ.
ගිහිවීම පිළිකෙව් කිරීම
මවගේ එකම පුතා ලෙස තරුණ වියට පත් වූ මෙතුමා මවට ඉමහත් ගෞරවයක් දැක්විය . මව විසින් කී සියල්ල ඉටු කළහ. එහෙත් එක් ඉල්ලීමක් පමණක් ප්‍රතික්ෂේප කළහ. තම පුත්‍රයා සහකාරියක සමඟතැන්පත්වනු දැකීම මවගේ එක්තරා කැමැත්විය. මේ ඉල්ලීම පමණක් පිළිකෙව් කළ මෙතුමෝ මවට කරුණු පහදා දුන්නහ. රැකියාවක් කරමින් තමා ඉපයූ සියළු ධනය පින්කම් වලට වැය කළහ. ඒ වෙනුවට එතුමෝ ශ්රද්ධාවත්, සීලයත් , හිරියත්, ඔත්තප්පයත් ධනය වශයෙන් ගොනු කළහ. සමකාලීන උගත් බහුශ්‍රැත හිමිපාණන් වහන්සේලා හමුවෙමින් ධර්මය හදාරමින් සුත ධනය එකතු කළහ. එතුමා ළග උපතින්ම ගෙන එන ලද ප්‍රඥා ධනය නිධානයක් වශයෙන් තැන්පත්ව තිබිණි. තමාගේ පියා 1949 ජනවාරි 30 දින අභාවප්‍රාප්ත විය. ඊට පසු තම රුක්ම බැල්මේ පසු වූ , ආදණීය මව 1959 දෙසැම්බර් මස 08 වැනි දින පරලෝ සැපත් වූවාය.
නිශ්ක්රමනය
මවගේ භුමදාන කටයුතු අවසන් කළ මෙතුමෝ ගේ දොර ඈ සියල්ලම අතහැර දමා ඇදිවත පමණකින් සෑහීමකට පත්ව පැවිදි බිමට ඇතුළුවීමේ බලවත් අධිෂ්ඨානය කරපින්නා ගෙන මහ මගට බැස්සාහ.
පැවිදිවීම
ශ්‍රී කළ්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාල - කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇසුර ලබා , උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් මෙතුමෝ 1960 ජනවාරි පළමුවැනි දින ප්‍රවෘජ්ජා භූමියට ඇතුළු වූහ. කෝට්ටේ දේවානන්ද නමින් සසුන් ගතව පැවිදි ජීවිතයට අවශ්‍ය ධර්ම විනය පුහුණු කර ගැනීම සඳහා ආරණ්‍ය සේනාසනයක් සොයමින් සිට, පුහුල්වැල්ලේ ආරණ්‍ය සේනාසනය තම යෝගාවචර භූමිය වශයෙන් තෝරා ගත්හ. මෙහි වනවාසි කුටියක හුදකලාව වාසය කරමින් තමාගේ සුතමය ඥානයත්, චින්තාමය ඥානයත්, භාවනාමය ඥානයත් උද්දීපනය කරන්ට වූහ.
කොළඹට වැඩවිම
මේ යුගයෙහි කොළඹ ජර්මන් ධර්මදූත ආශ්රමයේ දායක පිරිස එකී ආශ්‍රමය භාරකාරත්වය සඳහා සුදුසු හිමි නමක් සොයන්නේ, තමන්ගේ අභිප්‍රාය පූජ්‍ය කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මාහිමිපාණන්ට සැළකළහ. මේ ගැන සිත් මෙහෙය වූ එතුමෝ යෝගාවචරයාණ කෙනෙක් වශයෙන් කීර්ති ඝෝෂාවක් ලබා ඇති , තමන් වහන්සේ ගේ ශිෂ්‍යරත්නය වන කෝට්ටේ දේවානන්ද යෝගාවචරයාණන් මේ කාර්යෙහි සමත් බව එක හඩින් තීරණය කර, කොළඹට වඩින ලෙස ඉල්ලා සිටිය සේක.
තමන් වහන්සේ නගරයක සිට වනවාසයට පත්වූයේ සසර කෙටිකර ගැනීමේ එකම අභිලාශයෙන් බව පැහැදිලි කළද , සිය දිවි දෙවෙනි කොට ගරු කරන ගුරු දේවයාණන්ගේ ඉල්ලීම පැහැර හැරිය නොහැකිකම තදින් සිතේ බලපාන්ට විය. දෙවැනිව හැම විටම අමාරු කාරියක් කරගසා එය සාර්ථක අන්දමින් ඉටුකරලීමේ අධිෂ්ඨාන ශක්තිය නිසා, ඕනෑම අභියෝගයකට නොබියව මුහුණදීමේ සහජ ගතිය බලපාන්නට විය. තෙවැනිව බටහිර සංස්කෘතියට නැබුරු වෙමින් , සුඛෝපභෝගීගතියට හුරු වෙමින් සිටින මහ පිරිසකට තමන්ගෙන් සේවාවක් ඉටුවිය යුතුය, යනුවෙන් මතු වූ “සබ්බපානි හිතානු කම්පි” මානව දයාව බලපාන්ට විය. මේ ත්‍රිවිධ බලපෑම් නිසා තමාගේ සිත තුලින් ම නැගීගත් බ්රහ්මාරාධනාව හෙවත් ,උතුම් ආරාධනාවට ඡන්දය දෙමින් 1964 මාර්තු මස කොළඹට වැඩම කර , ජර්මන් ධර්මදූත ආශ්රමයේ අධිපති වශයෙන් කටයුතු භාරගත්හ.
විපස්සනා භාවනා මධ්‍යස්ථානය භාර ගැනිම
තවද, මෙකල විජේරාම මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙ හි අධිපති ව වැඩවිසූ , මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ අපවත් වූයෙන්, එහි අධිපති ධූරයට සුදුසු හිමිනමක් සොයාදෙන ලෙස එහි දායක පිරිස යෝගාශ්‍රම සංස්ථාවේ අධිපතින් ආරාධනා කළහ. මෙ සඳහා ද උන්වහන්සේගේ තේරීම වූයේ කෝට්ටේ දේවානන්ද මාහිමිපාණන්මය. මේ අනුව 1970 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිකම ද භාරගැනීමට උන්වහන්සේට සිදුවිය.
කල්‍යාණ ධර්ම සංවිධානය ගොඩනැගීම
තමාගෙන් ශාසනයට ඉටුවිය යුතු මෙහෙයත්, සමාජයට ඉටුවිය යුතු මෙහෙයත් ගැන සලකා බලා ඒ ඉටු කරලීමේ උපාය මාර්ගය සංවිධාන කර ශ්‍රී කල්‍යාණ ධර්ම සංවිධානය නමින් සංවිධාන හයකින් සමන්විත ආයතනයක් ගොඩනැගූහ. මේ සංවිධාන උපයෝගි කොට ගනිමින් මේ වීරෝත්තමයාණන් විසින් දසක තුනක් පුරා කරන ලද සදහම් විප්ලවය ගැන බිඳක් සදහන් වෙයි. දස දහස් ගණනක් නිවන් මගට යොමුකරමින් තිස් වසරක් පුරා ඔබ විසින් කරණ ලද මහා සේවාව අවසන් කොට වැඩියද. වෙනත් තැනක මේ සේවාව ඔබ අරඹන බව අපගේ විශ්වාසයයි.
අපවත්විම
1990 අගෝස්තු මස 14 වැනි අඟහරුවාදා උදැසන අති මහත් ජනතාවකට දහම් දෙසමින් නැනපහන් දල්වා ජීවිත සැනසීම උදාකළ ඒ මහා පහන නිවි ගියාහ.
ප්‍රාර්ථනාව
“තමාගේ ජීවත්ව අනෙකාගේ සැපය සඳහා විය යුතුය” යන ඔබගේ ආදර්ශ පාඨය අනුව යමින් අනන්ත අප්‍රමාණ සත්ත්වයන් නිවා සනසවා අමා මහ නිවන් දැක්වීමෙන් පසු අමා මහ නිවන් ලැබේවා’ යි අපි ප්‍රාර්ථනා කරමු.
|
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support

"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images

බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples

"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples

ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...
