සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

විදුරුනැණ විදුරු මිණි පහන, පරමපූජ්‍ය පැළෑණේ සිරි වජිරඥාණ මහනායක මා හිමිපාණන්

(පරමපූජ්‍ය පැළෑණේ සිරි වජිරඥාණ 
මහනායක මා හිමිපාණන්ගේ 60 වන සමරුව නිමිත්තෙනි)

මීගොඩ සුත හිමි
දැයේත් සසුනේත් ඉතාම දුබග කාල අන්තරයන්හිදී කලින් කලට පහළ වූ මහා පුරුෂයෝ ඒ ඊශ්වර විංසති සමය බ්‍රහ්ම විංසති සමයක්‌ කළෝය. බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ, වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ වැනි මහෝත්තමයන් වහන්සේලා ඒ ඒ යුගයන්හි පහළව තමන් වහන්සේලාගේ යුග කාර්ය ඉටුකොට වැඩි සේක. ඒ සඟ පෙළපතෙහි විසිවන සියවස ශෝභාවත් කළ උතුමන් වහන්සේ නමකි පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමියන් වහන්සේ.

රාජ්‍යය තන්ත්‍රය හා දහම දැඩිව බැඳුණු රටක රජ්‍ය තන්ත්‍රයේ ප්‍රබල බිඳවැටීම් සිදුවන විට ඒ හා සසුනේද ප්‍රබල පරිහානියක්‌ සිදුවීම ස්‌වාභාවික සංසිද්ධියකි. දහසය වන සියවසින් පසු ඇතිවූ සතුරු බලපෑම් හේතුවෙන් ලංකා සමාජය නොයෙකුත් ව්යුසනවලට පත්වීමත් මහා විහාරය විනාශ වීමත් නිසා සංඝ ශාසනය නැතිව ගොස්‌ උපසම්පදා භික්‌ෂුන් නැති තත්ත්වයක්‌ උදා විය. සිල්වත් සමාගම බිහිකරමින් වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ උපසම්පදාව ස්‌ථාපනය කිරීම සඳහා ප්‍රබාaධයක්‌ ඇති කළ අතර ක්‍රි.ව. 1753 දී යළි උපසම්පදාව පිහිටුවීම මෙරට ශාසන සම්ප්‍රදායේ අද්විතීය අවස්‌ථාවක්‌ විය. එහි ඊළඟ පියවර ලෙසින් දකුණේ අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය බිහිවිය. උඩරට ස්‌ථාපිත සඟ සසුන විසින්, සම්ප්රකදාය සුරක්‌ෂිත කරද්දී නිරිත දිගින් බිහිවූ ශාසනික ව්‍යාපාරය නව මඟක්‌ ගත්තේය. නව ලෝකය හා සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව තිබූ මේ භූමියේ සිටියවුන් නව ලෝක තත්වයන් හඳුනා ගනිමින් සිය ජාතික ව්‍යාපාරය මෙහෙය වීය. මෙහි එක්‌ සන්ධිස්‌ථානයක්‌ වූයේ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ දර්ශනය වූ කිතුනු දහමට එරෙහිව සෘජු මතවාදී අරගලයක්‌ ආරම්භ කළ බෞද්ධ භික්‌ෂුව කිතුනුවන් සමඟ කළ විවාදයන්ගෙන් ජයග්‍රහණය ලැබීමයි. මෙහිදී මතවාදීව බිඳ වැටුණේ හිරු නොබසින අධිරාජ්‍යයායේ චින්තනය හා දර්ශනයයි. ඕල්කට්‌තුමාගේ පැමිණීම හා ධර්මපාලතුමාගේ නැගීම ආදී කේන්ද්‍රීය සංසිද්ධීන් මේ හා සමකාලීනව සිදුවිය. කොළඹ නගරය කේන්ද්‍ර කොට ගත් තදාසන්න සමාජයේ විශාල ජාතික හා ශාසනික අවපාතයක ලකුණු මෙකල ප්ර කට වන්නට විය. වෙසෙසින්ම ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නිලධාරීන්ගෙන් වරප්‍රසාද හා තනතුරු ලාභයන් උදෙසා කොළඹ ප්‍රභූ පන්තිය ශීඝ්‍රගයෙන් අන්‍යාගමික කරණය වෙමින් පැවති අතර මුළුමනින්ම බටහිර අනුකාරකවාදී ජීවන රටාවකට පරිවර්තනය වෙමින් තිබිණි.

මෙතෙක්‌ කුලය ප්‍රධාන කොටගෙන මෙහෙයෑවුණු සිංහල සමාජ සංස්‌ථාව වෙනුවට මුදල ප්‍රමුඛ කොට මෙහෙයවෙන සමාජයක ලකුණු පහළ වෙමින් තිබිණි. මීට සියවස්‌ එකහමාරකට පෙර සරණංකර සංඝරාජයන් වහන්සේ උඩරට ප්‍රභූ පන්තිය කේන්ද්‍ර කොට ගෙන ඇති කළ ශාසන නවෝදය මේ වන විට ශාඛා පරිශාඛා පැතිර යමින් තිබූ නමුත් එහි නව ප්‍රවණතාවයක අවශ්‍යතාවද මේවන විට පැනෙමින් තිබිණි. අනාගතයෙහි වඩා බලවත් වන්නේ මෙම නැගෙමින් පැවති නව අර්ථපති පිරිස බව දුටු පැළෑණේ මහ නා හිමියෝ ඔවුන් අන්‍යාගමික වීම විශාල ශාසනික අනතුරක්‌ සේ දුටහ.

සැබෑ ලෙසම උන් වහන්සේ ථෙරවාද භික්‌ෂු සම්ප්‍රදාය මූර්තිමත් කළ ආදර්ශ පිණ්‌ඩයක්‌ විය. උන් වහන්සේ තම ශාසනික කාර්යාවලිය වඩාත් පුළුල්ව පැතිරවීමට හැකි හා එය පහසුවෙන් ඇකීමැකී යා නොහෙන පරිදි ආදර්ශවත් විහාරාරාමයක්‌ ද පිළිවෙත් සරු සිසු පිරිසක්‌ ද තනා ගත්හ. බම්බලපිටියේ සිරි වජිරාරාමය ඒ අසිරිමත් පුණ්‍ය භූමියයි. සමකාලීනව මතුනොව එකල සිට මෙකල දක්‌වාම එකම විහාරස්‌ථානයකින් එකම ආචාර්යයන් වහන්සේ නමක්‌ ඇසුරින් මෙබඳු ශිෂ්‍ය භික්‌ෂු පිරිසක්‌ බිහි නොවූ තරම්ය. උන් වහන්සේලා එක නමකට එක නමක්‌ දෙවැනි නොවන සේ සිය ආචාර්යයන් වහන්සේ ගත් මඟ වඩ වඩාත් උද්දීප්ත කළෝය.

වජිරාරාමයට පැවැරුණු ප්‍රමුඛතම අභියෝගයක්‌ වුයේ බිහිවෙමින් පැවති මෙම නවීන සමාජයට බුදු දහම ගෙනයාමයි. රාත්‍රී පහන්වන තුරු පුස්‌කොළ පොත කියවමින් සිදු කළ ධර්ම දේශනා සම්ප්‍රදාය ඇල්මැරුණු ස්‌වභාවයක්‌ ගත් අතර මෙකල ධර්මපාලතුමන්ගේ උණුසුම් වාග් වින්‍යාසය ධර්ම දේශනාවට වඩා ප්‍රබලව ගම් දනවු සිසාරා පැතිර යමින් තිබිණි. විෙද්‍යාදය පිරිවෙනේ මහගොඩ ඥානිස්‌සර නා හිමියන් වදාළ පරිé පැළෑණේ මහ නා සමිඳුන්ට බණ කියන පැලෑණ හමුවිය. උන් වහන්සේ රාත්‍රී පහන් වන තුරු දෙසන බණ දෙසුම වෙනුවට පැයෙක කාලයකට ධර්ම දේශනාව සීමා කොටගෙන එක්‌ ධර්ම මාතෘකාවක්‌ උද්ධෘත කොට ගනිමින් පවත්වන සෘජු දේශනා විලාසයක්‌ අනුගමනය කළෝය. මෙම ධර්ම දේශනා වේගයෙන් ප්‍රචලිත වූ අතර බණ ඇසීමට දහස්‌ ගණන් ජනී ජනයා පැමිණෙන්නට විය. කල් යත්ම ගුවන් විදුලිය ඔස්‌සේ ද මෙම ධර්ම දේශනා විකාශය විය. ප්‍රථම ගුවන් විදුල් ධර්ම දේශනාව උන් වහන්සේගේ වූ අතර පසු කලෙක ප්‍රථම රූපවාහිනී ධර්ම දේශනාව සිදු කරන්නේ ද උන් වහන්සේගේ ශිෂ්‍ය පියදස්‌සී මාහිමියන් විසිනි. ඉංග්‍රීසිය නවීන ලෞකිකත්වයේ ලකුණක්‌ ලෙස සලකා සිය ශිෂ්යයයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට පැරණි මහ තෙරුන් වහන්සේලා පසුබට වූ යුගයක ඊට වඩා වෙනස්‌ අදහසක්‌ දරමින් සිය ශිෂ්‍ය භික්‌ෂුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමටත් ඉංග්‍රීසි මධ්‍ය කොට ගත් ධර්ම දේශනා සම්ප්‍රෑදායක්‌ ඇති කිරීමටත් උන් වහන්සේ සමත් විය. ඉංග්‍රීසි උගත් කොළඹ සමාජය දහමින් ආමන්ත්‍රණය කිරීමේ ප්‍රබලම මාධ්‍ය පිළිබඳ උන් වහන්සේ අවබෝධයෙන් හුන් සේක. පසු කලෙක අපරදිගට බුදුදහම සන්නිවේදනය කිරීමෙහි ලා ප්‍රමුඛතම භික්‌ෂුන් වහන්සේ බවට පත්වුයේ පැළෑණේ මහ මහ නා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේය. ඉංග්‍රීසි ජාතික ඤාණවීර ඤාණමෝලි වැනි ශිෂ්‍ය හිමිවරු වජිරාරාමයේ පැවදි වීම මෙම සේවාව වඩාත් පුළුල් වීමට හේතු විය. පොහොය දින නිවාඩුව රජය මඟින් අනුමත කිරීමට පූර්වයෙහි පටන්ම ක්‍රමවත් පෝය වැඩ සටහනක්‌ වජිරාරාමය මඟින් ක්‍රියාත්මක කරන ලදී. ඒ පොහොය යෙදෙන සති අන්ත නිවාඩු දිනයක්‌ ඇසුරු කොට ගනිමිනි. අද වන විට එම ආදර්ශ ආකෘතිය සෑම විහාරස්‌ථානයකටම පොදු ලක්‌ෂණයක්‌ වීමම එහි සාර්ථකත්වයට දෙස්‌ දෙයි. 

දේශපාලන ක්‍ෂේත්‍රයට නොබැස දේශපාලඥයින්ට දහමින් අනුශාසනා කිරීම ප්‍රතිපත්තිය කොටගත් පැළෑණේ මහ නා හිමියන් ප්රපමුඛ වර්රාරාම භික්‌ෂුන්ගේ සිරිත වඩා පුළුල් භාවිතවකට ගෙන ගියාහු උන් වහන්සේගේ ශිෂ්‍ය මඩිහේ මහ නා හිමිපාණෝය. උන්වහන්සේ දේශපාලඥයින්ට සිදු කළ සියුම් අනුශාසනා මඟින් ලාංකීය සමාජයට අත් වූ ප්‍රතිලාභයන් නම් සියුම් නොවේ. පැළෑණේ මහ නා හිමියන් ප්‍රධාන වජිරාරාමවාසී භික්‌ෂුහු මේ සියල්ල මෙසේ සිදු කරන ලද්දේ ප්‍රාතිමෝක්‌ෂ ශික්‌ෂා පදවලට ඇති ගෞරවය බිඳකුදු ඉක්‌මවා නොවේ. එම ශික්‌ෂාවට කෙතරම් ගරුසරු වූයේ ද යත් අතිශය කාර්යබහුල බම්බලපිටිය නගරාශ්‍රිතව පාරිශුද්ධ සීමා සම්මතයක්‌ සිදුකිරීම පිළිබඳ ගැටලු තිබු නමුත් සෑම අඩ මසකට වරක්‌ වර්රාරාම භික්‌ෂූන් පොහොය විනය කර්මාදිය කිරීම අතපසු නොකරන ලද්දේ බම්බලපිටියේ වෙරළ තීරයට බැස අපහසුකම් ඉවසා පෝය විනය කර්ම කරමිනි.

පැළෑණේ මහ නායක මා හිමිපාණන් වහන්සේ සේම එකම කාල වකවානුවක "උගත් ප්‍රභූ පවුලක ඉපිද, උන්වහන්සේ සේම සිය පවුලේ සමීපතමයෙකුගේ වියෝවෙන් කම්පිතව ගිහිගෙයින් නික්‌මැ, බ්‍රහ්මචාරීව, උන්වහන්සේ සේම යටත් විජිත අඳුරු සමයෙහි දැයත් සසුනත් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ, නමුත් උන් වහන්සේට වඩා සාකල්‍යයෙන්ම වෙනස්‌ මඟක්‌ ගත් යුග පුරුෂයකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වෙනි ජන්ම සංවත්සරයත් පැළෑණේ මහානායක මාහිමිපාණන්ගේ 60 වන ගුණ සමරුවත් එකට එක්‌ව යෙදෙනා මේ සාරානීය අවස්‌ථාවෙහි දී දන් දී පින් අනුමෝදන් කරන්නා සේම ඊටත් වඩා පෘථුල කෘතෝපහාරයක අවශ්යාතාවය අප යෝජනා කරනු කැමැත්තෙමු. එනම් නව යුගයෙහි ජාතික ශාසනික අවශ්යනතාවය මනාව හඳුනා ගතහැකි සාරපූර්ණ මිනිසුන් විසින් ඒ අවශ්‍යතාවයන් සැපිරීම උදෙසා සිය ජීවිතය අකලංකව කැප කිරීමයි. එය පූර්වෝක්‌ත යුග පුරුෂයන් දෙපළටම කරන මහත්ම උපහාරය වනු ඇත.


free counters

දහම් රස වින්දෝ