සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

අපේ හාමුදුරුවන්ගේ පුරාණ කාලසටහනක්...

පුරාණයේ වුසූ භික්ෂූන් වහන්සේ විසින් භාවිත සිංහල දිනචරියාවක් මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ශාසනාවතරණය ආදි සාමණේර බණ දහම් පොත්හි දැකගත හැකි ය. මෙම සිංහල පෞරාණික දිනචරියාව කවරකු විසින් කවර කලෙක රචනා කරන ලද්දේ ද යන වග අප්‍රකට ය. මෙයට පාදක වූ පාලි දිනචරියාවක් ද හඳුනාගත හැකි ය. එය ‘දිනචාරිත්තසංගහ’ නම් වෙයි. මේ එම පාලි හා සිංහල භික්ෂු දිනචරියාවන් ත්‍රිපිටක අට්ඨකථාගත කරුණු සමඟ විමසමින් පැරණි භික්ෂු අධ්‍යාපනයට වෙන් ව තිබූ කාලය පිළිබඳ සංක්ෂිප්ත විමසුමකි.

දිනචාරිත්තසංගහ නම් කෘතිය අභාවයට යමින් පවත්නා හා දැනට සොයාගැනීමට අපහසු පාලි කෘති අතරින් එකකි. මෙහි දී අපගේ විමසුමට ලක් වූ පිටපත ද මීට වසර එකසිය විසිතුනකට පමණ පෙර සංස්කරණය කොට මුද්‍රිත වූවකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ විපුලසාර නම් නවක භික්ෂුවක විසින් සංස්කරණය සිදු කොට ඇති අතර, කෘතියෙහි කතුවරයා පිළිබඳ දැනුමක් සංස්කාරක හිමියන් තුළ ද පැවතී නැත. ඒ අනුව කෘතියෙහි කතුවරයා තවමත් අවිනිශ්චිත ය. මේ හැරුණු විට මෙම කෘතිය පිළිබඳ වැඩි දුර තොරතුරක් ලබාගැනීමට පාලි සාහිත්‍යය පිළිබඳ ව ලියවුණු කෘති මඟින් ද එතරම් ආලෝකයක් නො ලැබේ. පිටු දහඅටකට සීමා වන මෙම ග්‍රන්ථ සංස්කරණයෙහි ද තැනින් තැන තවදුරටත් නිවැරදි විය යුතු පාලි වාක්‍ය හා පද බෙදීම් ආදිය ශේෂ ව තිබේ.
අප අතට පත් වු පිටපත නම් කර තිබුණේ ‘දිනචාරිත්තසංගහො සාමණෙර සික්ඛාදිසහිතො’ යනුවෙනි. ග්‍රන්ථ නාමයට අනුව ද මෙහි භික්ෂු දිනචරියාව හා සාමණේරවරුන් විසින් හික්මිය යුතු තැන් දක්වා ඇත. භික්ෂු දින චරියාව, සාමණේර දශ ශීලය, දස පාරාජික, දස නාසනා, දස වස්තු වතාවත් යනාදි ශීලය හා සම්බන්ධමූලික කරුණු, භවයෙහි ඇල්ම දුරු කරන භවවිරති ගාථා, මරණානුස්මෘති හා මෛත්‍රී භාවනා කමටහන්, කර්තෘ ප්‍රාර්ථනා යන අංග මෙහි අනුපිළිවෙළින් ඇතුළත් වේ.
සිංහලෙන් රචනා වී ඇති, කර්තෘ අවිනිශ්චිත පැරණි සාමණේර දින චරියාවට ද මෙම කෘතියෙහි නොමඳ ආලෝකය ලැබී ඇති බව පැහැදිලි ය. මෙහි එන භවවිරති ගාථා ඇතුළත් පුස්කොළ පත්ඉරු කිහිපයක් අපට මාතර හිත්තැටියේ රජමහා විහාරයෙන් හමු වී ඇත. තව ද මෙහි අන්තර්ගත පාලි මෛත්‍රී භාවනා වැකි නූතන භික්ෂූන් විසින් ද කටපාඩමින් පවත්වාගෙන යනු ලැබේ. ධම්මපදය වැනි පැරණි ග්‍රන්ථයන්ගෙන් ද ගාථා ආදිය උපුටාගනිමින් පෝෂණය කොට ඇති මෙම කෘතිය පසුකාලීන බොහෝ කෘතිවලට ද නොමඳ ආභාසයක් සපයා ඇති බව පෙනේ.
දෛනික භික්ෂු අධ්‍යාපනය ආරම්භ වනුයේ අරුණට ප්‍රථම අවදි වීමෙනි. ඉන් අනතුරු ව වත් කොට, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනා කිරීම සිදු වේ. අනතුරු ව ගුණ සලකා වැඩිහිටියන් වන්දනා කිරීම, කැඳ වැළඳීම, පිඬුසිඟාවැඩීමාදි සාමාන්‍ය දෛනික කටයුතු සිදු වේ. මෙම සාමාන්‍ය දෛනික කටයුතු නිමවා අනතුරු ව අතීත ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රත්‍යාවේක්ෂා කොට සිල් බලා තම ධුරයට අදාළ කටයුතු කිරීම ආරම්භ වෙයි. එනම්: ග්‍රන්ථ ධුරය පුරන භික්ෂුව ග්‍රන්ථ ධුරය ද, විදර්ශනා ධුරය පුරන භික්ෂුව විදර්ශනා ධුරය ද පුරයි.
අතීතයෙහි පැවති මෙම ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය යන ධුර දෙකෙන් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ ග්‍රන්ථ ධුරයෙහි පමණක් නො වේ. සාමාන්‍යයෙන් ග්‍රන්ථ ධුරය නූතන අධ්‍යාපනයට සමාන බවක් පෙනෙන්නට ඇත. විදර්ශනා ධුරය වඩන භික්ෂුව විසින් ද ප්‍රථමයෙන් තමන් වහන්සේ ප්‍රගුණ කරන කමටහන්
ආදිය පිළිබඳ ව දැනුමක් ඇති කරගත යුතු ය. තමන් වහන්සේ විසින් සුතයෙන් ලබාගත් එම දැනුම ප්‍රායෝගික ව අත්දැකීමක් වශයෙන් ම ප්‍රත්‍යක්ෂ කරගැනීම විදර්ශනා භාවනාව වැඩීමේ දී සිදු වේ. එබැවින් එය භික්ෂු අධ්‍යාපන ක්‍රියා පටිපාටියෙහි ඉතා උසස් අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැකි ය. පාලි දිනචාරිත්තසංගහයෙහි ග්‍රන්ථ ධුරයට
සම්බන්ධ ව පොත කියවීම, පත ලිවීම, වනපොත් කිරීම ආදි විස්තරයක් දක්නට නොමැත. එහි සඳහන් වනුයේ ගන්ථධුර යන්න පමණකි. එහෙත් සිංහල දිනචරියාවෙහි දී මෙකරුණු දැකගත හැකි ය. එපමණක් නො ව, සිංහල දිනචරියාවේ දී විදර්ශනා ධුරය වඩන්නවුන් විසින් ද ග්‍රන්ථ ධුරය පිරූ සැටි දක්වා ඇත. ඒ මෙසේ ය:
“පැයක් විතරකින් අත ගසා ලූ කලැ පොත කියවා පත ලියවා අසන පිරුවහන දෙය වනපොත් කොටැ විදර්ශනා ධුරයෙහි යෙදෙන්නවුන් විසින් වෙන වෙන මැ හිඳැ තම හට නියම පෙළ වනපොත් දීලා අසාගෙන වේලා ඇත හොත් වනපොත් කැටැ ලැ රෑ වන්නට පැයක දී ගෙමළු හැමැන්ද යුතු” යනුවෙනි.
දහවල දානයෙන් පසු ව සිදු වන යථෝක්ක ග්‍රන්ථ ධුර පූරණය දැක්වීමෙන් පසු එළැඹෙනුයේ සවස වත් කිරීම ය. පහන් දල්වා ධර්මාසනය පනවා ධර්ම දේශනයට ආරාධනා කොට දහම් අසනු ලැබේ. පිරිත් සජ්ඣායනය ද සිදු
 වේ. අනතුරු ව විමසිය යුතු ප්‍රශ්න විමසා සැක තැන් දුරු කරගැනීමත්, අපැහැදිලි තැන් පැහැදිලි කරගැනීමත්, නොදන්නා දෑ දැනගැනීමත් සිදු වේ. ගණයා සමඟ කළ මෙම කටයුතු නිමවා සිය වාසස්ථානය වන කුටිය හෝ යම් තැනක් වේ නම් එතැනට එළැඹ සජ්ඣායනය කළ යුතු ධර්ම කොට්ඨාස සජ්ඣායනය කරමින් රාත්‍රියේ පළමු යාමය අවසන් කැරේ.
අනතුරු ව පශ්චිම යාමයෙහි අවදි වන්නෙමි යි සිහි ඇති ව නින්දට එළැඹෙති. මෙහි ලා රාත්‍රී මධ්‍යම යාමයට වෙන් වනුයේ පැය හතරක පමණ කාල සීමාවකි. එනම් රාත්‍රී පළමු යාමය, මධ්‍යම යාමය සහ පශ්චිම යාමය යනුවෙන් සමාන කොටස් හතරකට බෙදූ විට සවස 06.00 පමණ සිට රාත්‍රී 10.00 දක්වා කාලය පළමු යාමය වශයෙන් ගත හැකි ය. රාත්‍රී 10.00 සිට පෙරවරු 02.00 දක්වා කාලය මධ්‍යම යාමය වේ. පෙරවරු 02.00 සිට පෙරවරු 06.00 දක්වා කාලය පශ්චිම යාමය වශයෙන් සැලකිය හැකි ය. රාත්‍රී පශ්චිම යාමයෙහි අවදි වන භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා කිරීම චතුරාරක්ෂාව, රතන, මෙත්ත සූත්‍රයන්ගෙන් පිරිත් බිණීම ආදිය යථා පරිදි සිදු කරයි.
මෙහි දැක්වූ දිනචරියාවේ සෑම අවස්ථාවක් ම පාහේ කර්මස්ථාන මෙනෙහි කිරීම සම්බන්ධ ය. ඒ අනුව මෙම දිනචරියාව අවිජහිත කර්මස්ථාන පුහුණුවේ නියැලෙන්නන්ගේ පහසුව පිණිස හා ඔවුන්ට ඕවාද දානය පිණිස ම සකස් කළ එකක් බඳු ය. බුද්ධ කාලීන භික්ෂුවගේ දිනචරියාව පාලි ත්‍රිපිටකයේ තැනින් තැන විසිර පවතින කරුණුවලින් දැකගත යැකි ය. එම විස්තර අතරින් මජ්ක්‍ධිමනිකායේ දන්තභූමි සූත්‍රය වැදගත් වේ.
ඒ අනුව දිවා කාලය, රාත්‍රී පළමු යාමය හා රාත්‍රී පශ්චිම යාමය යන අවස්ථාවන්හි දී සක්මනින් හා හිඳගෙන භාවනා කිරීමෙන් කාලය ගත වෙයි. රාත්‍රී මධ්‍යම යාමය නින්දට වෙන් වේ. මේ අනුව බුද්ධ කාලයේ නින්දට වෙන් වී තිබූ කාලය ම පසු කාලීන දිනචරියාවේ ද නින්දට වෙන් කොට ඇත. සංයුක්තනිකායට්ඨකථාවේ කලිංගරසුත්තවණ්ණනාවට අනුව රාත්‍රී ප්‍රථම යාමය හා පශ්චිම යාමය භික්ෂුව වෙන් කරනුයේ සක්මන් කිරීමට ය.
මෙතෙක් දැක්වූ සියලු කරුණුවලින් මතු වන පැරණි භික්ෂු දිනචරියාවේ අධ්‍යාපනයට සම්බන්ධ වැදගත් කරුණු මෙලෙස පිඬු කොට දැක්විය හැකි ය:
01. අඩු කාලයක් නින්දට වෙන් කරමින් අධ්‍යයන කටයුතුවලට කාලය ඉතිරි කරගැනීම
02. දෛනික ව සිදු කැරෙන අනෙකුත් කටයුතු අතරේ පවා මනසිකාරය මගින් ප්‍රායෝගික ව ක්‍රියාත්මක වීම
03. ශ්‍රවණය මගින් මෙන් ම සජ්ඣායනය මගින් ද මතකය තහවුරු කරගැනීමට වැඩි තැනක් ලබා දීම.
04. ඉගෙනගන්නා දේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගැනීම සඳහා එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට ද වැඩිකාලයක් ලබාගැනීම
05. එමඟින් අධ්‍යයනයෙන් බලාපොරොත්තු වන තත්ත්වයට පැමිණීම යනුවෙනි. දපවත්වාගෙන යනු ලැබේ. ධම්මපදය වැනි පැරණි ග්‍රන්ථයන්ගෙන් ද ගාථා ආදිය උපුටාගනිමින් පෝෂණය කොට ඇති මෙම කෘතිය පසුකාලීන බොහෝ කෘතිවලට ද නොමඳ ආභාසයක් සපයා ඇති බව පෙනේ.
දෛනික භික්ෂු අධ්‍යාපනය ආරම්භ වනුයේ අරුණට ප්‍රථම අවදි වීමෙනි. ඉන් අනතුරු ව වත් කොට, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනා කිරීම සිදු වේ. අනතුරු ව ගුණ සලකා වැඩිහිටියන් වන්දනා කිරීම, කැඳ වැළඳීම, පිඬුසිඟාවැඩීමාදි සාමාන්‍ය දෛනික කටයුතු සිදු වේ. මෙම සාමාන්‍ය දෛනික කටයුතු නිමවා අනතුරු ව අතීත ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රත්‍යාවේක්ෂා කොට සිල් බලා තම ධුරයට අදාළ කටයුතු කිරීම ආරම්භ වෙයි. එනම්: ග්‍රන්ථ ධුරය පුරන භික්ෂුව ග්‍රන්ථ ධුරය ද, විදර්ශනා ධුරය පුරන භික්ෂුව විදර්ශනා ධුරය ද පුරයි.
අතීතයෙහි පැවති මෙම ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය යන ධුර දෙකෙන් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ ග්‍රන්ථ ධුරයෙහි පමණක් නො වේ. සාමාන්‍යයෙන් ග්‍රන්ථ ධුරය නූතන අධ්‍යාපනයට සමාන බවක් පෙනෙන්නට ඇත. විදර්ශනා ධුරය වඩන භික්ෂුව විසින් ද ප්‍රථමයෙන් තමන් වහන්සේ ප්‍රගුණ කරන කමටහන්
ආදිය පිළිබඳ ව දැනුමක් ඇති කරගත යුතු ය. තමන් වහන්සේ විසින් සුතයෙන් ලබාගත් එම දැනුම ප්‍රායෝගික ව අත්දැකීමක් වශයෙන් ම ප්‍රත්‍යක්ෂ කරගැනීම විදර්ශනා භාවනාව වැඩීමේ දී සිදු වේ. එබැවින් එය භික්ෂු අධ්‍යාපන ක්‍රියා පටිපාටියෙහි ඉතා උසස් අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැකි ය. පාලි දිනචාරිත්තසංගහයෙහි ග්‍රන්ථ ධුරයට
සම්බන්ධ ව පොත කියවීම, පත ලිවීම, වනපොත් කිරීම ආදි විස්තරයක් දක්නට නොමැත. එහි සඳහන් වනුයේ ගන්ථධුර යන්න පමණකි. එහෙත් සිංහල දිනචරියාවෙහි දී මෙකරුණු දැකගත හැකි ය. එපමණක් නො ව, සිංහල දිනචරියාවේ දී විදර්ශනා ධුරය වඩන්නවුන් විසින් ද ග්‍රන්ථ ධුරය පිරූ සැටි දක්වා ඇත. ඒ මෙසේ ය:
“පැයක් විතරකින් අත ගසා ලූ කලැ පොත කියවා පත ලියවා අසන පිරුවහන දෙය වනපොත් කොටැ විදර්ශනා ධුරයෙහි යෙදෙන්නවුන් විසින් වෙන වෙන මැ හිඳැ තම හට නියම පෙළ වනපොත් දීලා අසාගෙන වේලා ඇත හොත් වනපොත් කැටැ ලැ රෑ වන්නට පැයක දී ගෙමළු හැමැන්ද යුතු” යනුවෙනි.
දහවල දානයෙන් පසු ව සිදු වන යථෝක්ක ග්‍රන්ථ ධුර පූරණය දැක්වීමෙන් පසු එළැඹෙනුයේ සවස වත් කිරීම ය. පහන් දල්වා ධර්මාසනය පනවා ධර්ම දේශනයට ආරාධනා කොට දහම් අසනු ලැබේ. පිරිත් සජ්ඣායනය ද සිදු වේ. අනතුරු ව විමසිය යුතු ප්‍රශ්න විමසා සැක තැන් දුරු කරගැනීමත්, අපැහැදිලි තැන් පැහැදිලි කරගැනීමත්, නොදන්නා දෑ දැනගැනීමත් සිදු වේ. ගණයා සමඟ කළ මෙම කටයුතු නිමවා සිය වාසස්ථානය වන කුටිය හෝ යම් තැනක් වේ නම් එතැනට එළැඹ සජ්ඣායනය කළ යුතු ධර්ම කොට්ඨාස සජ්ඣායනය කරමින් රාත්‍රියේ පළමු යාමය අවසන් කැරේ.
අනතුරු ව පශ්චිම යාමයෙහි අවදි වන්නෙමි යි සිහි ඇති ව නින්දට එළැඹෙති. මෙහි ලා රාත්‍රී මධ්‍යම යාමයට වෙන් වනුයේ පැය හතරක පමණ කාල සීමාවකි. එනම් රාත්‍රී පළමු යාමය, මධ්‍යම යාමය සහ පශ්චිම යාමය යනුවෙන් සමාන කොටස් හතරකට බෙදූ විට සවස 06.00 පමණ සිට රාත්‍රී 10.00 දක්වා කාලය පළමු යාමය වශයෙන් ගත හැකි ය. රාත්‍රී 10.00 සිට පෙරවරු 02.00 දක්වා කාලය මධ්‍යම යාමය වේ. පෙරවරු 02.00 සිට පෙරවරු 06.00 දක්වා කාලය පශ්චිම යාමය වශයෙන් සැලකිය හැකි ය. රාත්‍රී පශ්චිම යාමයෙහි අවදි වන භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා කිරීම චතුරාරක්ෂාව, රතන, මෙත්ත සූත්‍රයන්ගෙන් පිරිත් බිණීම ආදිය යථා පරිදි සිදු කරයි.
මෙහි දැක්වූ දිනචරියාවේ සෑම අවස්ථාවක් ම පාහේ කර්මස්ථාන මෙනෙහි කිරීම සම්බන්ධ ය. ඒ අනුව මෙම දිනචරියාව අවිජහිත කර්මස්ථාන පුහුණුවේ නියැලෙන්නන්ගේ පහසුව පිණිස හා ඔවුන්ට ඕවාද දානය පිණිස ම සකස් කළ එකක් බඳු ය. බුද්ධ කාලීන භික්ෂුවගේ දිනචරියාව පාලි ත්‍රිපිටකයේ තැනින් තැන විසිර පවතින කරුණුවලින් දැකගත යැකි ය. එම විස්තර අතරින් මජ්ක්‍ධිමනිකායේ දන්තභූමි සූත්‍රය වැදගත් වේ.
ඒ අනුව දිවා කාලය, රාත්‍රී පළමු යාමය හා රාත්‍රී පශ්චිම යාමය යන අවස්ථාවන්හි දී සක්මනින් හා හිඳගෙන භාවනා කිරීමෙන් කාලය ගත වෙයි. රාත්‍රී මධ්‍යම යාමය නින්දට වෙන් වේ. මේ අනුව බුද්ධ කාලයේ නින්දට වෙන් වී තිබූ කාලය ම පසු කාලීන දිනචරියාවේ ද නින්දට වෙන් කොට ඇත. සංයුක්තනිකායට්ඨකථාවේ කලිංගරසුත්තවණ්ණනාවට අනුව රාත්‍රී ප්‍රථම යාමය හා පශ්චිම යාමය භික්ෂුව වෙන් කරනුයේ සක්මන් කිරීමට ය.
මෙතෙක් දැක්වූ සියලු කරුණුවලින් මතු වන පැරණි භික්ෂු දිනචරියාවේ අධ්‍යාපනයට සම්බන්ධ වැදගත් කරුණු මෙලෙස පිඬු කොට දැක්විය හැකි ය:
01. අඩු කාලයක් නින්දට වෙන් කරමින් අධ්‍යයන කටයුතුවලට කාලය ඉතිරි කරගැනීම
02. දෛනික ව සිදු කැරෙන අනෙකුත් කටයුතු අතරේ පවා මනසිකාරය මගින් ප්‍රායෝගික ව ක්‍රියාත්මක වීම
03. ශ්‍රවණය මගින් මෙන් ම සජ්ඣායනය මගින් ද මතකය තහවුරු කරගැනීමට වැඩි තැනක් ලබා දීම.
04. ඉගෙනගන්නා දේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගැනීම සඳහා එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට ද වැඩිකාලයක් ලබාගැනීම
05. එමඟින් අධ්‍යයනයෙන් බලාපොරොත්තු වන තත්ත්වයට පැමිණීම යනුවෙනි.
හසන්ත සමරසිංහ


free counters

දහම් රස වින්දෝ