සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි 1

රියර් අද්මිරාල් (ආචාර්ය) 
සරත් වීරසේකර ලියන
විශේෂ ලිපි පෙල ...

කෝට්‌ටේ රාජ්‍ය යුගයේ තොටගමුවේ සිරි රහල් සංඝරාජයන් විසින් ඉටුකළ අතිශය විශිෂ්ට සාහිත්‍ය සේවය ශ්‍රී ලාංකිකයන් කිසි කලෙකත් අමතක නොකරනු ඇත. විශිෂ්ට ගණයේ කවියෙක්‌වූ උන්වහන්සේ සැලලිහිණි සහ පරෙවි යන සංදේශ දෙකද, කාව්‍යශේඛරය නම් වූ මහා කාව්‍යයද ප්‍රබන්ධ කළහ. තවද උන්වහන්සේ විසින් රචිත වියරණ කෘතියක්‌ වූ පඤaචිකා ප්‍රදීපයද, බුද්ධප්පසාදිනියට ලියූ ටීකාවද රාහුල හිමිගේ විසල් බුද්ධිය මනාව පිළිබිඹු කරයි.
එසේම ත්‍රිපිටක වාගීශ්වර, සකල කලා සර්වඥ ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාම ලද උන්වහන්සේ ආයුර්වේද විද්‍යාවේත්, නක්‍ෂත්‍රයේත්, අමනුෂ්‍යයන් පලවා හැරීමේ ඥනයෙනුත් හෙබි අතර දේව කතා, අද්භූත කථා යනාදිය ගැනද උසස්‌ අවබෝධයක්‌ තිබිණි.
හය වන පරාක්‍රමබාහු (15 වන සියවස) විසින් කුඩා කල හදා වඩා ගන්නා ලද රාහුල හිමි සෑම විටම රජුට කෘතවේදීව කල් ගෙවීය. සපුමල් කුමරු 6 වන පරාක්‍රමබාහු රජුගේ මුණුපුරාවූ ජයබාහු කුමරා මරා බුවනෙකබාහු නමින් රජවූ පසු රාහුල හිමි දකුණේ අම්බෙන නම් ලෙනෙහි හුදකලාව ජීවත් වූ බව ජනප්‍රවාදයේ දැක්‌වේ. දක්‍ෂ වෛද්‍යවරයකු වූ උන්වහන්සේ අපවත් වීමට මොහොතකට පෙර "සිදුහත් රසය" නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද ඒ හේතුවෙන් එම මෘත දේහය දින දශලක්‍ෂයක්‌ තබා ගැනීමට හැකි යෑයිද විශ්වාස කරනු ලැබේ.
දැනට ඉන්දියාවේ ගෝවේ නුවර තබා ඇති ශාන්ත සේවියර් පියතුමාගේ මෘත ශරීරය එතුමාගේ නොව සිරි රහල් හිමිගේය යන්න සිංහල ජනයා අතර පවතින මතයයි. ජනප්‍රවාදයට අනුව පෘතුගීසීහු සොලොස්‌වන සියවසේදී රාහුල හිමිගේ දේහය ඉන්දියාවේ ගෝවේට ගෙන ගොස්‌ ඇති අතර ඒ පිළිබඳව සූක්‍ෂම විග්‍රහයක යෙදෙන විට අනාවරණය වන්නේ රටේ එකල පැවැති දේශපාලන වාතාවරණයද එවැනි සිදුවීමකට හිතකරව පැවැති බවය. එම දේහය පිළිබඳව පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන්ද එම දේහයේ අයිතිකරු පිළිබඳව යම් නිගමනයකට ඒමට උදව් කරයි.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින් රචිත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ යන පර්යේෂණ කෘතියේ අද ගෝවේ තිබෙන සාන්ත සේවියර්තුමාගේ යෑයි කියන දේහය රහල් හිමිගේ දේහය බවට සනාථ කරන කරුණු හොඳින් දක්‌වා ඇත.
දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාද, දැනට ගෝවේ තිබෙන එම මිනී පෙට්‌ටියේ මිනුම්ද, එකල පැවැති දේශපාලන තත්ත්වයද, සිරුර ගෙනගිය සිද්ධිය ආශ්‍රිත සිංහල ජනකවිද, දේහය රාහුල හිමිගේ යයි සිංහලයන් විසින් ඉදිරිපත්කර ඇති සාධකද අඩංගු ලිපි මාලාව...

ගෝවේ ඇති දේහය රාහුල හිමිගේමයි
සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුදපත් වතාවේ

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මෙතෙක්‌ පහළ වූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ ත්‍රිපිටකයෙහි කෙල පැමිණි බැවින් "ත්‍රිපිටක වාගීශ්වර" යෑයිද සියලුම කලාවන්හි අගතැන්පත් වූ නිසා සකල කලා සව_ඥ යෑයිද භාෂා සයක්‌ මැනවින් දත් බැවින් "ෂඩ් භාෂා පරමේෂ්වර" යන ගෞරව නාමවලින් පිදුම් ලද්දොa වූහ.
රාහුල හිමි කුඩා කල හදා වඩා ගනු ලැබුවේ සයවන පරාක්‍රමබාහු රජ විසිනි. පැවිදි වූ පසු රහල් හිමියෝ රජුගේ රාජාභිෂේකයෙන් 15 වන වසරේ පරෙවි සංදේශය ද, 34 වන වසරේ කාව්‍යශේඛරය ද, 35 වන වසරේ සැලළිහිණිය ද, 45 වන වසරේ පඤ්චිකා ප්‍රදීපය ද, රජුගේ අභාවයෙන් පසු බුද්ධිපසාදිනිය ද රචනා කරන ලදී. පඤ්චිකා ප්‍රදීපය, පාලි ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක්‌ වන අතර එයින් රාහුල හිමිගේ මහත් වූ පරිණත සහ උදාර වූ බුද්ධිය පිළිබිඹු කරයි. එහි සඳහන් පෘථුල සාහිත්‍යය, සංස්‌කෘත සහ පාලි උපුටන සමුදාය සත්‍ය වශයෙන්ම විශ්මයජනකය. එහි අන්තර්ගතව ඇති අසූ දෙනකුට අධික දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් සම්ප්‍රදායෙන්ම උසස්‌තම විශිෂ්ට කෘතීන් කොපමණ රාශියක්‌ ඔහු විසින් හදාරා ඇත්දැයි සනාථ වෙයි. 
රාහුල මාහිමි "වෙද හාමුදුරුවෝ" යනුවෙන්ද හඳුන්වා තිබිණ, පුරාවෘතයකට අනුව මාහිමි සතුව විවිධ රෝගාබාධ සඳහා වූ බලගතු තෙල් වර්ග තිබිණ. උන්වහන්සේගේ ඖෂධ පිළිබඳ ඥනය විශ්මයජනකය. සංස්‌කෘත භාෂාව පිළිබඳව තිබූ හසල දැනුම හේතුවෙන් භාරතීය වෛදික වෛද්‍ය ග්‍රන්ථ රාශියක්‌ කියවා ලබාගත් ඥනය මෙරට අත්දැකීම් සමග මුසුවීමෙන් උන්වහන්සේ මෙරට පහළ වූ උසස්‌ම පන්තියේ වෛද්‍යවරයකු වූවාට නිසැකය. රහල් හිමි යම් යම් වතාවත් කරන ලද බවත්, ඉන්පසු විශ්මයජනක ලෙස රෝගීන් සුවපත්ව ඇවිද ගිය බවත් පවතින විශ්වාසයයි. එසේම උන්වන්සේ අපවත් වන්නට මොහොතකට පෙර "සිදු අලු රසය" නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද, ඒ හේතුවෙන්ම මෘත දේහය නරක්‌ නොවී දින දශ ලක්‍ෂයක්‌ තබා ගැන්මට හැකි විය යන්නද විශ්වාස කරනු ලැබේ. 
ක්‍රි. ව. 1505 දී පෘතුගීසිහු ලංකාවට පැමිණි අතර, අනතුරු වර්ෂයන් සිංහල සාහිත්‍යයට පමණක්‌ නොව බුදු දහමට ද අතිශයින් අඳුරු කාල පරිච්ඡේදයක්‌ විය. රටේ දේශපාලන තත්ත්වය අස්‌ථාවර වූ අතර, රජවරු තම තමන්ගේ බලය ලබාගැනීම සඳහා පෘතුගීසීන්ගේ උදව් පැතූහ. පෘතුගීසීන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් අතර ධර්මපාල කුමරු කතෝලික ආගම වැළඳගත් දොන් ජුවන් ධර්මපාල නමින් කෝට්‌ටේ රජ විය. පෘතුගීසීන් විසින් තම පාලන කාලය තුළ ඉතා දුෂ්ට ලෙස බෞද්ධයෝ කතෝලික ආගමට හරවන ලදහ. රජතුමා අකාර්යක්‍ෂම සහ ජාතිය කෙරෙහි කිසිදු ඇල්මක්‌ නොමැති වූ හෙයින් පෘතුගීසිහු සියලුම පන්සල් විනාශ කර කොල්ලකා, දහම්, සාහිත්‍ය වියරණ පොත පත ගිනිබත් කළහ. රහල්හිමිගේ ප්‍රතිභාව ගැන සලකා බලන කල්හි උන්වහන්සේ, දැනට ප්‍රකටව ඇති ග්‍රන්ථ 5 ට අමතරව, දර්ශනය, ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය යනාදිය සම්බන්ධයෙන් තවත් බොහෝ ග්‍රන්ථ රැසක්‌ අනිවාර්යයෙන් ලියා ඇති බව නිසැක නමුත් ඒ සියල්ල ද දුෂ්ට පෘතුගීසීන් අතින් විනාශයට පත් වන්නට ඇති බැව් හැඟෙන විට ඇති වන්නේ මහත් සංවේගයකි. 
එසේ නම් මෙසේ ලක්‌දිව ඉතා ප්‍රකට, ජනප්‍රිය පඬිවරයෙකුගේ දේහය, අපවත්වූ පසු ඉන්දියාවේ ගෝවේ නගරයට ගෙන ගියේ කෙසේද? එසේ ගෙන යාම සඳහා උන්වහන්සේ අපවත්වී වදාළේ කොහිද? දේහය පෘතුගීසීන් විසින් රැගෙන යනකල් සිංහලයෝ අත්වැල් බැඳගෙන උන්නාද? රජකෙනකුගේ සෙනෙහසින් හැදුනු වැඩුනු රජුගේ රැකවරණය ලැබූ පඬිරුවනකට මෙවන් අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ අත්විය හැකිද? එසේම මෙවන් මහා අපරාධයක්‌ කිරීමට, එනම් ශ්‍රී රහල් දේහය ගෝවේ නගරයට වැඩි කලබලයක්‌ නොමැතිව ගෙන යාමට, සුදුසු දේශපාලන වාතාවරණයක්‌ රටතුල තිබුණේද? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම දේහය පිළිබඳ නියම තතු දැනගැන්මට ඉහවල්වන බැවින් අප මඳක්‌ ඒ පිළිබඳව ප්‍රථමයෙන් සොයා බලමු.

රාහුල හිමි අවසාන කාලයේ සිටියේ කොහිද?

සැළලිහිණි සංදේශයේ රාහුල හිමි විභීෂණ දෙවියන්ට කන්නලව්වක්‌ කරයි. එනම් සයවන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමාරියට (එනම් ලෝකනාථ කුමාරිට) පුතෙක්‌ ලබාදෙන ලෙසයි. මෙම පුත් කුමරුවා එනම් ජයබාහු කුමරු රජුගේ අභාවයෙන් රජ වූවාට පසු සපුමල් කුමරු ඔහු මරා සයවන බුවනෙකබාහු නමින් රජවිය. සපුමල් කුමරු තුන්වරක්‌ම ජයබාහු ඝාතනය කිරීමට තැත්කළ අතර රාහුල හිමි ඒ ඝාතන කුමන්ත්‍රන තුනම වැළැක්‌වූ නමුත් සිව්වන වර උන්වහන්සේට ජයබාහු බේරා ගැනීමට නොහැකිවිය.
තමා හදාවඩා ගත් සයවන පරාක්‍රමබාහුගේ මුණුපුරාවූ ජයබාහුගේ ඝාතනයෙන් පසු මහත්සේ කලකිරීමට සහ ශෝකයට පත් රාහුල හිමි හුදකලා ජීවිතයක්‌ ගත කරනු වස්‌ විජයබා පිරිවෙන හැරදමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු "අම්බත" නම් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බව වාර්තා වේ. එසේ හුදකලාව සිටීමට තීරණය කළේ සයවන බුවනෙක බාහුගෙන් උන්වහන්සේට ජීවිත තර්ජන තිබූ නිසාද විය හැක. කෙසේ නමුත් රාහුල හිමි අපවත්වීමට පෙර අම්බතහි විසූ ගල්ගුහාවෙහි එතුමාගේ දේහය තබා තිබූ ගල් ඇඳ රඳවා තිබූ ගල් කණු අද පවා දක්‌නට තිබේ.
රාහුල හිමි අවසාන කාලයේ හුදකලාව සිටි බවට සහ කිසිම රාජ්‍ය උත්සවයකට සහභාගි නොවූ බවට තවත් වැදගත් සාධකයක්‌ බුරුමයේ සේගු නගරයේ ඇති කල්‍යාණ ශිලා ලිපි සාක්‍ෂි දරයි. සයවන බුවනෙකබාහු සමයේ (සපුමල්කුමරු) බුරුමයේ ධම්මෙච්තිය රජ විසින් මොග්ගල්ලාන නම් භික්‍ෂුව ඇතුළු භික්‍ෂූන් 22 නමක්‌ ලංකාවට වැඩම වූ බවද ඔවුන් කැලණියේ කල්‍යාණි සීමාවේදී උපසම්පදාව ලබා නැවත බුරුමයට ගිය බවත් එහි සඳහන්වේ. ඒ සඳහා ලංකාවේදී සහභාගීවූ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා 4 නමකගේ, එනම් වීදාගම තෙරණුවෝ, ධම්මකිත්ති තෙරණුවෝ, වනරතන තෙරණුවෝ සහ සිහල රාජ මහාතෙරණුවෝ නම් සඳහන් වන අතර එකල විසූ සුප්‍රසිද්ධ තෙරනමක්‌වූ ශ්‍රී රාහුලගේ නම් සඳහන් නොවේ. නමුත් සයවන පරාක්‍රමබාහු කල පැවැත්වූ වැදගත් ආගමික උත්සවයන්හි ප්‍රධාන තැනක්‌ ඉසිළුවේ රාහුල හිමිවන අතර පෙර කී කළ්‍යාණි ශිලා ලිපියේම එය සඳහන් වෙයි. බුවනෙකබා රජ දවස රාජකීය අනුග්‍රහයක්‌ ලත් උත්සවයකට රාහුල හිමි සහභාගී නොවීමෙන් පෙනෙනුයේ පරාක්‍රම රජුගේa මුණුපුරු ජයබාහුට කරන ලද අසාධාරණය නිසාම ඔවුන් අතර දැඩි විරසක බවක්‌ තිබූ බවය. තවද රහල් හිමි සාමාන්‍ය ජනතාව ඇස නොගැටෙන හුදකලා ස්‌ථානයක ජීවත්වූ බවටද එය හොඳ සාක්‍ෂියකි.

එසේම පරම්පරා ගණනක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ආ ජනකවි 2 කින්ද රාහුල හිමි හුදකලාව ජීවත්වූ බවක්‌ උන්වහන්සේගේ දේහය පෘතුගීසීන් විසින් ගෝවේ නුවරට ගෙනගිය බවත් තවදුරටත් සනාථ වේ.

සොඳුරු රාහුල අපත්වී සක දහස සිව් සක තෙලෙස්‌ වේ

ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු සපුමල් රෝස වේ

සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසා වේ

ඇදුරුගේ දෙන ලෙනින් ගත් දින දනෝ යුද කළෙ ඒ නිසා වේ

ආදරණීය රහල් හිමි අපවත් වූයේ ශක වර්ෂ 1413, එනම් ක්‍රි.ව.1413Ý78-1491 දීය. සවැනි බුවනෙකබාහු තෙරිඳුට සතුරුකම් කළනිසා හිමි ගල්ලෙනට වැඩියහ. උන්වහන්සේගේ දේහය ගල්ලෙනින් පිටතට ගත් දින ජනතාව එයට විරුද්ධව යුද්ධ කළෝය

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුද පත් වතාවේ

ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ

මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ

මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ "ගෝවේ"

සෙන්පති සේවියර් සිංහලයාට සතුරුව යුද වැද සිටියහ. රහල් හිමිගේ දේහය මන්ත්‍ර ජපකොට යක්‍ෂයන් විසින් ආරක්‍ෂා කරමින් සිටියහ. දහසක්‌ කල් තබා ගැනීමට ජීවම් කර තිබූ රහල් හිමිගේ මළ සිරුර උන් ගෝවේ නගරයට රැගෙන ගොස්‌ තැබූහ.
ජනප්‍රවාද අපට අවඥවෙන් බැහැර කළ නොහැක. ජනප්‍රවාදයෙන් සහ ඉහත සාක්‍ෂි වලින් පෙන්වනුයේ රාහුල හිමි අවසන් කාලය ගෙවූයේ ඉතා හුදකලාව බවය. එසේම එක්‌ කවියකින් කියෑවෙන්නේ එම දේහය ගෝවේට ගෙනගිය බවය. රාහුල හිමි අම්බෙන වාසය කළ බව සනාථ වන තවත් කරුණු සහ දේහය ගෙන යාම පිළිබඳ විස්‌තර ඉදිරියේ සඳහන් කරමු.

රාහුල හිමි දකුණු බාහුවේ කොටාගත් කවි දෙක

මෙතෙක්‌ කතාව 

රාහුල හිමි ලක්‌දිව විසූ අති විශිෂ්ට පඬිරුවනක්‌ විය. උන්වහන්සේගේ ඖෂධ පිළිබඳ දැනුමද ඉතා උසස්‌ විය. රහල් හිමි කුඩා කල හදා වඩාගත්තේ 6 වන පරාක්‍රමබාහු රජුය. එම රජුගේ ඇවෑමෙන් රජුගේ මුණුපුරා වූ ජයබාහු රජ වූ පසු සපුමල් කුමරු ඔහු මරා 6 වන බුවනෙකබාහු නමින් රජ විය. රහල් හිමි තුන්වරක්‌ එම ඝාතන තැත වැළැක්‌වූ නමුත් සිවුවැනි වතාවේ අසාර්ථක විය. ඉන්පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ "අම්බන" නම් ස්‌ථානයේ හුදකලාව ජීවත් විය. අපවත්වීමට මොහොතකට මත්තෙන් උන්වහන්සේ, දේහය දින ලක්‍ෂයක්‌ නරක්‌ නොවී තබා ගැනීමට හැකි "සිදු අළු රසය" නම් ඉතා ප්‍රබල ඖෂධයක්‌ වැළඳීය. උන්වහන්සේ අවසන් කල අම්බන විසූ බවත්, පෘතුගීසීන් දේහය ගෝවේට ගෙන ගිය බවත් සඳහන් වන ජනකවි දෙකක්‌ද පරම්පරා ගණනක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ඒ.
එතැන් සිට..

රාහුල හිමි තම අවසන් කල "අළුබන" හි විසූ බව සනාථ කිරීම, දේහය ගෝවේවලට ගෙන ගියාය යන අපගේ තර්කය ගොඩනැගීම සඳහා උපකාරී වේ. එදා දොඩන්දූව වරාය පිහිටා තිබුණේ ඊට නුදුරිනි. දොඩම්දූව ජනතාව රුවල් නෞකා නිෂ්පාදනයේ අති දක්‍ෂ වූවෝය. 15 වන සියවසෙහි දොඩම්දුව ඉන්දීය යාත්‍රා සඳහා ප්‍රසිද්ධ තොටුපළක්‌ වූ බවද පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති කරුණකි.
රාහුල හිමි අපවත් වූයේ අම්බන ඉදුරුලෙන්ගිරි ගල්ගුහාවක්‌ තුළය. අදටත් සඳ නැති රැයක අම්බන ගුහාව දෙසින් අමුතු ශබ්ද සහ ගල්දොරක්‌ විවෘත වන ශබ්ද ඇසෙන බවත් අමාවක දිනවල ඒ පෙදෙසින් "දේවතා එලිá "දෙයියන්නේ වෙල" දෙසට ගමන් කරන බවත් ප්‍රදේශයේ ජනතාව කියති. (දෙයියන්ගේ වෙල යනු රහල් හිමියනට සහල් සැපයූ වෙලයි).
මෙම ප්‍රදේශයේ ගම්මානවල නාමයන් රාහුල හිමි සම්බන්ධ කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස සෑදුණු බැව් ජනතාව විශ්වාස කරති. රාහුල හිමි සත්‍ය වශයෙන්ම 6 වන බුවනෙක බාහු සමග විරසක වී මෙම ප්‍රදේශයේ සිටි බැව් සනාථ කිරීමටද මෙය කදිම සාක්‍ෂියක්‌ වී ඇත. 

(අ) අම්බන - පෘතුගීසීන්ට රහල් හිමිගේ දේහය පෙන්වීමට ඔවුන්ව රැගෙන ගිය සිංහල මිනිහා ඈත සිට එම ගල්ගුහාව පෙන්වා "ආන් බෙන" යෑයි කීවාලු. ඉන්පසු එම පෙදෙස "ආන්බෙණ" - අම්බෙන වී පසුව "අම්බන" විය.

(ආ) සිල්වත්ගොඩ - රහල් හිමිට සිවුපසෙන් සංග්‍රහ කරමින් (සිවුරු, පාත්‍ර, ඇඳ, ආහාර) ජීවත්වූ සිල්වත් මිනිසුන් ජීවත් වූ පෙදෙස "සිල්වත්ගොඩ" නම් විය.

(ඇ) ගනේගොඩ - ගන - භික්‍ෂූන්, ගනේගොඩ යනු භික්‍ෂූන් වහන්සේලා ජීවත් වූ ස්‌ථානයයි.

(ඈ) මහරක්‌කන්ද- මහරක්‌කන්ද යනු අම්බන කන්දට යන මාර්ගය ආරක්‍ෂා කළ මිනිසුන් ජීවත්වූ ගමයි. මග මාර්ගය, 6 ක්‌ රක්‍ෂා කළ කන්ද, මගරක්‌කන්ද, මහරක්‌කන්ද විය. 

(ඉ) මලපලවත්ත - රාහුල තෙරණුට මල් සහ පලතුරු සැපයූ ගම මලපල වත්ත විය.

(ඊ) මහම්මගෙදූව - රහල්හිමිට උපස්‌ථාන කළ මහම්මා නමැති උපාසිකාව විසූ, කුඹුරුවලින් වටවූ පෙදෙස මහම්මගෙ දූව විය. 

(උ) ඇවිලුම - රහල් හිමිගේ දේහය පෘතුගීසීන් විසින් රැගෙන යැමට උත්සාහ කළ අවස්‌ථාවේ එක්‌තරා ස්‌ථානයක ගම්මුන් විසින් එය වැළැක්‌වීමට පෘතුගීසීන් හා සටන් කරන ලදී. එම සටන ඇවිලුණු ස්‌ථානය "ඇවිලුම" නම් විය. 

(ඌ) රෑකඩහේන - පෘතුගීසීන් හම්බනට පැමිණෙන විට රැයක්‌ ගත කළ ස්‌ථානය රෑ - රාත්‍රිය, කඩ - කඩ කළ ගත කළ, හේනවත්ත ස්‌ථානය රෑකඩවත්ත විය.

(එ) යක්‌ බටේ - රහල්හිමි දේහය ආරක්‍ෂා කළ යක්‍ෂයන් පලවා හැරිය ස්‌ථානය එනම් යක්‍ෂයන්ට බැටේ දුන් ස්‌ථානය යක්‌බටේ විය. 

අදටත් එම පෙදෙසෙහි ඇබිත්ත ගොඩැල්ල යන වාසගම ඇති මිනිසුන් ඉතාම ආඩම්බරයෙන් තමන් රහල් හිමිට උපකාර කළ අයගෙන් පැවතෙන්නන් යෑයි කියති.
රාහුල හිමි තම අවසාන මොහොතේ දේහය නරක්‌ නොවී තබා ගැනීම සඳහා "සිදුඅළු රසය" නම් වූ බලවත් ඖෂධයක්‌ වැළ» බව අප සඳහන් කළෙමු. උන්වහන්සේ අපවත්වූ ගල්ලෙන තුළ හෝ ඒ අසළ එම ඖෂධයේ ඉතිරි කොටස, විවිධ වර්ගයේ වටිනා වස්‌තූන්, වැදගත් ග්‍රන්ථ, යන්ත්‍ර මන්ත්‍ර යනාදිය තවමත් සැඟවී තිබේය යන්න ගම්මු විශ්වාස කරති. එසේම වැඩ කටයුතු කිරීමට යොදවා ගත් යක්‍ෂයන්ම තම දේහය අඩංගු ගුහාව ආරක්‍ෂා කිරීමටද යොදවා තිබූ බවට ද විශ්වාස කෙරේ.
ජනප්‍රවාදයට අනුව තමා අවසන් හුස්‌ම හෙලන අවස්‌ථාවේ උන්වහන්සේම තම පෙට්‌ටියෙහි සැතපී තමා අපවත්වූ විගස පියන්පත වසා දමන මෙන් යක්‍ෂ සේවකයන්ට අණකර ඇත. රාහුල හිමි සියලුම ආරක්‍ෂක විධිවිධාන යොදවා රහසිගතව තම මළ සිරුර නිරුපද්‍රිsතවම තබා ගැනීමට බෙහෙවින්ම උත්සුක වූයේ තමාට ඉතා සතුරු බුවනෙකබාහු රජු තමා මිය ගිය ද තම සිරුරට හෝ නිග්‍රහ වන අන්දමේ යම් දෙයක්‌ කරතැයි යන සැකය නිසා විය හැක.
රාහුල හිමිගේ උපක්‍රමය සාර්ථක වූවා යෑයි කිවහැක්‌කේ බුවනෙකබාහු රජුට රහල් හිමි ගැන හෝ උන්වහන්සේගේ දේහය ගැන හෝ කිසිම තොරතුරක්‌ දැනගැනීමට නොහැකි වූ හෙයිනි. රහල් හිමිගේ දේහය ගලෙන් නිම කරන ලද ඇඳක තබා යාත්‍රාවක්‌a වැනි) එය ගල්කනු 4 ක්‌ මත තබන ලදී. (මෙම ගල්කණු 4 අදටත් අම්බන ගුහාවේ දක්‌නට ඇත.
පෘතුගීසීන් දකුණු වෙරළබඩ තීරය තම අණසකට යටත් කරමින් සිටිනවිට මෙම "නරක්‌ නොවී" තිබෙන දේහය ගැන ආරංචි වී එය ගැනීමට ආ කල දේහය ආරක්‍ෂා කිරීමට සිsටි යක්‍ෂයන්ගෙන් බොහෝ බාධා ඇති විය. එසේම ජනප්‍රවාදයේ ම පැවසෙන පරිදි රාහුල හිමි අම්බන සිටින විට උන්වහන්සේගේ ආවතේවකම් කළ පුංචිත්තා" නමැත්තා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් රාහුල හිමිගෙන් උගත් අතර අවසානයේ පෘතුගීසීන් පුංචිත්තාගේ උදව් ඇතිව මන්ත්‍ර බලයෙන් යක්‍ෂයන් පලවා හැර දේහය ගැනීමට සමත්වූ බැව් ද කියෑවේ.
රාහුල හිමි තම දකුණු අතෙහි පහත සඳහන් කවි දෙක කොටා තිබූ බව විශ්වාස කෙරේ.

සවර ලද මුල් කඳ
සිදු අළු රස වැළඳු නේද
දහසක්‌ දිනා ලද
රහල් හිමි නැඟූ මෙදිය දිය දද

(රහල් හිමි වන මා වර සයක්‌ ලද අතර මුල් වරය ස්‌කන්ධ දෙවියන්ගෙනි. සිදු අළු රසය වළඳා දින දහසක්‌ දිනා මෙලොව ජයග්‍රාහී ධජය එසවීමි).

නිරිඳු බුවනෙක බා
බලය තෙවිටක්‌ පසුබා
රුපු යුදයට නොබා
මමය පැරකුම් රජුගෙ ගජබා

(බුවනෙකබා රජුගෙ බලය තුන්වරක්‌ පරාජයකොට ඔහු හා යුදයට නිබයව ඉදිරියට ගිය පැරකුම් රජුගේ ශක්‌තිමත් හස්‌තය මම වෙමි.) 

රහල් හිමි මෙම කවි දෙක තම දකුණු බාහුවේ කොටා ඇත්තේ තමා හුදකලාව සිටි බැවින් කවදා හෝ පසුව තමාව හඳුනා ගැනීමට විය යුතුය. අද ශාන්ත සේවියර්ගේ යෑයි ගෝවේ තබා තිබෙන දේහයේ දකුණු අත අතුරුදන්වී ඇතැයි යන පුවත ඇසුවොත් ඔබට කුමක්‌ සිතේද?

කවුද මේ ශාන්ත සේවියර් පියතුමා?

රාහුල හිමියන්ගේ දේහය තැන්පත්කර ඇති ගෝවේ වේල්හා බැසිලිකාව 

මෙතෙක්‌ කතාව

15 වැනි සියවසේ ලක්‌දිව විසූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ වූ රාහුල හිමිගේ ඖෂධ පිළිබඳ ඥනයද ඉතා උසස්‌ විය. රහල් හිමි කුඩා කල හදා වඩාගත් සයවන පරාක්‍රම බාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු රජුගේ ඇවෑමෙන් රජ වූ පසු සපුමල් කුමරු ඔහු මරා 6 වන බුවනෙකබාහු නමින් රජ විය. ඉන්පසු රහල් හිමි දකුණේ "අම්බන" නම් පෙදෙසෙහි රහසිගතව හුදකලාව ජීවත් විය. සිදු අලුරසය නම් ප්‍රබල ඖෂධයක්‌ වළ¹ ඇත. රාහුල හිමි අම්බන විසූ බවට සනාථ වන ඒ අවට ගම්මානවල නම් සෑදී ඇති අයුරු ද මෙතෙක්‌ සාකච්ඡා විය. තවද රාහුල හිමිගේ දකුණු බාහුවේ උන්වහන්සේ හඳුනා ගැනීම සඳහා කවි දෙකක්‌ කොටා තිබිණි. අද ගෝවේ තබා ඇති ශාන්ත සේවියර්ගේ යෑයි කියනු ලබන දේහයේ දකුණු අත අතුරුදන් වී ඇති බවද සත්‍යයකි.

අද එතැන් සිට

වර්තමානයේ ඉන්දියාවේ ගෝවේහි "ඡේසු ජන්ම බැසිලිකා" නම් පල්ලියෙහි 16 වැනි ශතවර්ෂයේ විසූ ශාන්ත සේවියර්පියතුමාගේ දේහය යෑයි විශ්වාස කරන දේහයක්‌ තිබේ. තිබෙන වාර්තාවලට අනුව මෙම දේහය මිය ගිය පසු කිසිම දිනෙක "එම්බාම්" කර නොමැති අතර බොහෝ කලක්‌ ඉතා හොඳ තත්ත්වයේ තිබී දැන් කෙමෙන් කෙමෙන් දිරාපත් වන තත්ත්වයට පත්වෙමින් තිබේ. සිංහලයන් විශ්වාස කරනුයේ මෙම දේහය අන් කිසිවකුගේ නොව ශ්‍රී රාහුල හිමිගේ දේහයම බවයි. රාහුල හිමි සම්බන්ධයෙන් අප සැකෙවින් විස්‌තර කර ඇති නිසා ශාන්ත සේවියර් යනු කවුරුන්දැයි අපි කෙටියෙන් සොයා බලමු.
වර්ෂ 1506 අප්‍රේල් මස 7 වැනි දින ස්‌පාඤ්ඤයේ නවාරාහි වෛද්‍ය ජෝආඩි සේවියර්ට සහ මේරියාඩි ඇස්‌පිල්කිමාට දාව සේවියර් මාළිගයේදී පවුලේ අවසාන සහ අන්තිම දරුවා ලෙස පිරිමි දරුවෙක්‌ උපත ලද අතර ඔහුගේ නම ෆ්‍රැන්සිස්‌ නම් විය. වර්ෂ 1512 දී ස්‌පාඤ්ඤය නවාරා ආක්‍රමණය කොට තම ප්‍රාන්තයක්‌ බවට පත් කරගත් අතර ෆ්‍රැන්සිස්‌ගේ පියා ඊට මාස 4 කට පසුව මිය ගියේය. 1525 දී 18 හැවිරිදි ෆ්‍රැන්සිස්‌ පැරිස්‌ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීම සඳහා ප්‍රංශය බලා පිටත් විය. 
විශ්වවිද්‍යාලයේදී ෆ්‍රැන්සිස්‌ ඉනීගෝ ලොයොලා නම් වූ කතෝලික මිත්‍රයා සමඟ එකම කාමරයේ කල් ගෙවූ අතර ඉනිගෝ ක්‍රම ක්‍රමයෙන් ෆ්‍රැන්සිස්‌ට ඡේසුතුමාගේ සුප්‍රසිද්ධ කියමන් දේශනා කරමින් ඔහුව කතෝලික ආගමට හරවන ලදී. කතෝලිකයෙක්‌ බවට පත්වූ ෆ්‍රැන්සිස්‌ දුප්පතුන්ට උපකාරී වීම සඳහා තම දිවිය කැප කිරීමට තීරණය කළේය.
1537 දී ෆ්‍රැන්සිස්‌ සහ ඉනීගෝ තම මිත්‍රයන් සමඟ ආශිර්වාද ලබා ගැනීම සඳහා රෝමයේ පාප්වහන්සේ හමුවීමට ගිය අතර එහිදී ඔවුන් සියලුදෙනාම කතෝලික පූජකයන් බවට පත් කෙරිණ. ඉන්පසු ඔවුන් ඡේසු නාමය යටතේ සමිතියක්‌ පිහිටුවාගෙන නගරයේ රෝගීනට උපකාර වීමට පටන් ගති.
පාප් වහන්සේ විසින්, පෘතුගාලයේ රජුගේ ඉල්ලීම පරිදි ඈත ඉන්දියාවට ආගමික/ සුබසාධක කටයුතු සඳහා පූජකවරයෙක්‌ නම් කළ නමුත් ඔහු දැඩි සේ රෝගාතුර වූ නිසා ඒ වෙනුවට ෆ්‍රැන්සිස්‌ පූජකවරයාව නම් කරන ලදී. ෆ්‍රැන්සිස්‌ පියතුමා 1542 දී දීර්ඝ සහ අසීරු ගමනකින් පසු ඉන්දියාවට පත් කළ නව පෘතුගාල ආණ්‌ඩුකාරවරයා වූ මාටිම් අපොන්සෝ සමග ඉන්දියාවේ ගෝවේ නුවරට සැපත් විය. මේ වනවිට පාප් වහන්සේ විසින් ෆ්‍රැන්සිස්‌ සේවියර් පූජකතුමා ඈත පෙරදිග තමාගේ නියෝජිතයා ලෙස පත් කර තිබිණ.
ගෝවේ නුවරදී බිෂොප්තුමා හමුවූ ෆ්‍රැන්සිස්‌ ඔහුගේද උපදෙස්‌ සහ සහාය මත එම නුවර දුප්පතුන්ට සහ රෝගීන්ට උවටැන්/උපකාර කිරීම ආරම්භ කළ අතර ඒ අතරතුර පෘතුගීසීන්ගේ ගෝවේ නුවරට ආසන්න ඉතාම වැදගත් නගරයක්‌ වූ, කොචින් නගරයටද යන ලදී.
ඉන්පසු ඔහු මලක්‌කාවටද, කොමරින් තුඩුවටද, ජපානයට ද, ගෝවේ සිට වරින්වර ගොස්‌ ඡේසුතුමාගේ පණිවුඩය ප්‍රචාරය කළ අතර ඔහුගේ නිතර ගමන් හේතුවෙන් ම ඔහුට "සංචාරක පූජකතුමා" යන නාමයද පටබැඳින. ජපානයේ සිට ගෝවේ නුවරට යළි පැමිණි ෆ්‍රැන්සිස්‌, ගාගො පියතුමා, අල්වාරෝ ෆෙරෙයිරා පූජකතුමා, චීන ජාතික සැන්ටා ෂෙ සහ ඉන්දියානු සේවක ක්‍රිස්‌ටෝවා සමඟ චීනය බලා යැමට පිටත් විය. චීනයට යන අතරතුරේ ඔවුන් "සැන්ක්‌ෂන්" යන දූපතට ළඟා විය.
වසර ගණනාවක්‌ තිස්‌සේ ඉතාම දුෂ්කර ගමන්වල යෙදී ආගමික ප්‍රචාරක කටයුතුවල සහ සමාජ සුබසාධන කටයුතුවල දිවා රෑ නොබලා ක්‍රියා කරමින් සිටි ප්‍රැන්සිස්‌ "සැන්ක්‌ෂන්" දූපතේදී තද බල ලෙස රෝගාතුර විය. ඉන්පසු ඔහු එම දූපතේදීම 1552 දෙසැම්බර් 3 වන දින මිය යන ලදී. මිය යනවිට මහලු පෙනුමෙන් යුක්‌ත වුවද ඔහුගේ වයස අවුරුදු 46ක්‌ විය.

"කැතලික්‌ මැසෙන්ජර්" නම් පුවත්පතෙහි (1931 දෙසැම්බර් 1 වැනිදා) එම දේහයට ඉන්පසුව වූ දේ පිළිබඳව පහත දක්‌වා ඇති අයුරින් විස්‌තර කර ඇති අතර එය ලබා ඇත්තේ ටි්‍රචිපොලෙහි කැස්‌ටස්‌ පූජකතුමා විසින් සම්පාදනය කරන ලද "කෘත්‍රිම එම්බාම් කරණයෙන් තොරව මළ සිරුර නරක්‌ නොවී සකස්‌ කිරීම" යන කෘතිය ආශ්‍රයෙනි.

අ. ෆ්‍රැන්සිස්‌ පූජකතුමා මිය ගිය පසු චීන ජාතික සැන්ටා ෂෙ විසින් චීන චාරිත්‍රයට අනුව, දේහය රළු මිනී පෙට්‌ටියක බහා එහි විශාල ප්‍රමාණයක්‌ හුනු දමා කුඩා කන්දක්‌ යට වළලනු ලැබීය. (හුණු දමන්නේ සිරුර නරක්‌වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටය)

ආ. මාස දෙකහමාරකට පසු එනම් 1553 පෙබරවාරි 13 වන දින සැක්‌ස්‌ෂන් සිට මලක්‌කාවට නෞකා යාත්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇටකටු ඉන්දියාවට යෑවීමට සැලසුම් කොට මිනිය ගොඩගන්නා ලදි. 

ඇ. මිනී පෙට්‌ටිය විවෘත කර හුණු ඉවත් කළවිට අපේක්‍ෂා කළ පරිදි ඇටකටු සහිත ඇටසැකිල්ලක්‌ දක්‌නට නොතිබුණු අතර සිරුර එදා මියගිය කෙනකුගේ මෙන් ඉතා හොඳ තත්ත්වයෙන් තිබිණ. එසේම ඉන් මිහිරි සුවඳක්‌ද වහනය වන්නට පටන් ගෙන තිබිණ. මෙයින් පුදුමයට පත් පිරිස සිරුර පරීක්‍ෂා කිරීම සඳහා කකුලේ කලවයට කුඩා තුවාලයක්‌ කළ විට ඉන් පිsරිසිදු ලේ වහනය වීමට පටන් ගති. පුදුමයට පත් වූ ඔවුහු ඉන්පසු සිරුර යළි පෙට්‌ටියට දමා නැවතත් හුණුවලින් ආවරණය කර ඒ වනවිට වරායට පැමිණ සිටි "සැන්ටක්‍රෝසෙ" නම් වූ නෞකාවට පටවන ලදී.

ඈ. මෙම නෞකාව ඉන්පසු 1553 මාර්තු 27 වනදින මලක්‌කාවට සේන්දු විය. ඉතා අලංකාර උත්සවයකින් නෞකාවේ සිට එම මිනී පෙට්‌ටිය මලක්‌කාවේ "අවර් ලේඩි ඩි මොන්ටෝ" යන පල්ලියට ගෙන යන ලදී. මිනී පෙට්‌ටිය විවෘත කළවිට පෙරසේම දේහය ඉතා හොඳින් (ඇඳුම් පැළඳුම් ද සහිතව) තිබෙන බැව් නිරීක්‍ෂණය කරන ලදී. ඉන්පසු නැවත වරක්‌ පල්ලිය භූමියේ භූමදාන කරන ලදී. 

දේහය මෙවර භූමදාන කළ අයුරු විස්‌තර කර ඇත්තේ මෙසේය. දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්‌ටියක්‌ ද නොමැතිව, හිසට කුඩා මෙට්‌ටයක්‌ තබා, මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කර බහාලන ලදී. මිනීවළ දේහයට වඩා ටිකක්‌ කුඩා වූ බැවින් එයබලෙන් ඇතුලට ඔබා පස්‌ දමා තද කරන ලදී. මේ අවස්‌ථාවේදී සිරුරෙහි බෙල්ල කැඩී තුවාලයක්‌ සිදුවී රුධිරය පිටවූ අතර ඉන් මිහිරි සුවඳක්‌ ද වහනය වන්නට පටන් ගති.

ඉ. එම වසරේම අගෝස්‌තු මස සේවියර් පියතුමාගේ හොඳ මිතුරෙකු වූ ජෝන් ඩි බර්ස්‌ නමැති පියතුමා මලක්‌කාවට පැමිණ දේහයට ගෞරවනීය භුමදානයක්‌ දෙනු පිණිස එය යළි ගොඩ ගන්නා ලදී, එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්‍ෂාවකින් තොරව තෙත බරිත පස්‌ගොඩක මාස 5 ක පමණ කාලයක්‌ තිබූ සිරුර කිසිසේත්ම නරක්‌ නොවී තිබුණු බැව් ඔහු නිරීක්‍ෂණය කර ඇත. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරෙහි තුවාල ද සටහන් කරන ලදී.

"පස්‌ දමා තද කරනවිට තියුණු ගලක කොනක්‌ වැදීම නිසා මුහුනේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක්‌ ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණ ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්‌ටය ලෙයින් නැහැවී තිබේ. ශරීරය ඇතුළේ සිදුවී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත." යනුවෙනි.
ඉහත සඳහන් පුවත්පතෙහි සහ පොතෙහි දේහය පිළිබඳ කරුණු දක්‌වා ඇත්තේ එසේය. දේහය ඉන්පසු ගෝවේවලට ගෙන යැම පිළිබඳවත් ඉන්පසුව එයට සැලකූ ආකාරයත් (එම පොත්පත් ඇසුරින්) මතුවට සඳහන් කරනු ලැබේ. රාහුල හිමිගේ දේහය පෘතුගීසීන් විසින් දොඩන්දූව වරායට ගෙන යැමට තැත් කිරීමේදී ගම්වාසීන් (සිංහලයන්) එය වැළැක්‌වීමට සටන් කරන විට දේහයට තුවාල සිදු විය හැකි බව උපකල්පනය කළ හැක. (දේහයේ තුවාල / කැපුම් තිබෙන බැවින්) නමුත් ආශ්චෛර්යයක්‌ ලෙස නරක්‌ නොවී තිබුණ, පූජකතුමකුගේ දේහයක්‌ ඉතා උත්සවාකාරයෙන් මලක්‌කාවේ වරායේ සිට පල්ලියට රැගෙන ගොස්‌ සාමානය මිනිසකුගේ සිරුරකට සලකනවාටත් වඩා ඉතා කෲර ලෙස (ඉහත සඳහන් කර ඇතිවාක්‌ මෙන්) සලකයිද? එසේ නැත්නම් එය දේහයේ තිබෙන කැපුම් කෙටුම් "සාධාරනීය" කිරීම සඳහා නිර්මාණය කොට ගෙතූ කතාවක්‌ ද? නැතිනම් සාන්තුවරයකුගේ "පින්වත්" දේහයක මෙතරම් තුවාල තිබෙන්නේ කෙසේද? 

දේහය නරක්‌ නොවන 'සිඳුඅළුරස' මහිමය
මෙතෙක්‌ කතාව

15 වන සියවසේ විසූ අති විශිෂ්ට පඬිරුවනක්‌ වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන්ත්‍ර මන්ත්‍රයන් හි කෙළ පැමිණි ඖෂධ පිළිබඳ උසස්‌ ඥනයක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ ද විය.


තමන් හදාවඩා ගත් 6 වන පරාක්‍රමබාහු රජුගේ මුනුපුරා වූ ජයබාහු රජ වූ පසු සපුමල් කුමරු ජයබාහු මරා දැමීමට තෙවරක්‌ උත්සාහ කළ ද රාහුල හිමි එය වැලැක්‌වීය. සිවුවන වතාවේ එම උත්සාහය සාර්ථක වූ අතර සපුමල් ජයබාහු මරා 6 වන බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි ඉන්පසු කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ 'අම්බන' නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේ තම දකුණු බාහුවේ කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ගෝවේ තබා ඇති ශාන්ත සේවියර්තුමාගේ දේහය යෑයි කියනු ලබන මෘත ශරීරයෙහි දකුණු අත නැත. 
ශාන්ත සේවියර්තුමා ස්‌පාඤ්ඤයේ වර්ෂ 1506 දී උපත ලැබූ කෙනෙක්‌ වූ අතර පාප්වහන්සේ විසින් ඔහුව "ඈත නැඟෙනහිර" තම නියෝජිතයා ලෙස පත්කරන ලදී. ආගම පතුරුවා හැරීම සහ සමාජ සුබසාධක කටයුතු වල නියෑලුණු උන්වහන්සේ චීනය බලා යන අතරතුර "සැන්ක්‌ෂන්" නම් දූපතෙහි මරණයට පත් විය. ක්‍රිස්‌තියානි පොත පතෙහි දත්තයන්ට අනුව මෙම සිරුර "සැන්ක්‌ෂන්හි" වලලා මාස කිහිපයකට පසුව මලක්‌කාවට ගෙන යැමට ගොඩගන්නා විට එදා මියගියාසේ ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර ඉන්පසු නෞකාවෙන් මලක්‌කාවට ගෙන ගොස්‌ උත්සවාකාරයෙන් පල්ලියට ගෙන ගොස්‌ පසුව ඉතා කෲර ලෙස වත්තෙහි වළලා ඇත. මේ හේතුවෙන් ශරීරයට තුවාල සිදුවී ඇත. අද එතැන් සිට
ශාන්ත සේවියර්තුමා පිළිබඳ කිතුනුවන් ලියා ඇති පොතපත අනුව මෙම සිරුර ඉන්පසු ලෝපෝ ඩි නොරොඤ්ඤෝ නම් වූ කපිතාන්වරයාගේ නෞකාවෙන් ඉන්දියාවේ ගෝවේ නුවරට ගෙන යන ලදී. මේ සඳහා සේවියරගේ ධනවත් මිතුරෙකු වූ වියාගෝ පෙරේරා නම් වූ මහතෙක්‌ උදව් විය. 1553 සැප්තැම්බර් මස මලක්‌කාවෙන් පිටවූ යාත්‍රාව 1554 මාර්තු 15 වැනි දින ගෝවේට ළඟා වී ඇත. මෙහිදී දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සවශ්‍රීයෙන් ශාන්තපෝල් ඉපැරැණි පල්ලිය වෙත ගෙන යන ලදී. එහි දින තුනක්‌ බැතිමතුන්ගේ ගෞරවය දක්‌වනු පිණිස තබන ලදී. 
ඉන්පසු තුන් වැනි වරට සිරුර බලලා ඇත්තේ ශාන්ත පව්ලෝ නම් වූ පල්ලිය අසලය. මෙම පල්ලිය 1560 වසරෙහිදී කඩා දැමූ අතර දේහය නැවත ගොඩගෙන වෙනත් පල්ලියක්‌ වෙතට ගෙන ගොස්‌ මහජන ගෞරවය සඳහා විවෘත කර තබන ලදී. මෙහිදී ඉතා උසස්‌ කුල කාන්තාවක්‌ වූ රජකීය දොaන ඉසබෙලා ඩි කැරොන් නම් පෘතුගීසි කාන්තාව දේහයේ දකුණු පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කොට ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන් ගති. මෙම දේහය පිළිබඳව ඉන්පසු කාලීනව කරුණු දක්‌වා ඇත්තේ මෙසේය.

(අ) රෝමයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පියතුමෙකු වූ ක්‌ලෝඩියෝ ඇක්‌වවිවෝ මෙම දේහය පිළිබඳ විමසූ අවස්‌ථාවේ ගෝවේ ප්‍රාදේශීය බලවතා වූ ෆැන්සිස්‌කෝ වියරා දේහය නරක්‌ නොවී තිබෙන බැව් සනාථ කිරීමට සිරුරේ කොටසක්‌ යෑවීමට තීරණය කරන ලදී. ඒ අනුව වර්ෂ 1614 නොවැ. 3 වැනි දින මධ්‍යම රාත්‍රියේදී පූජකවරුන්ගේ අධීක්‍ෂණය මත සිරුරේ දකුණු අතෙහි වැලමිටෙන් පහළ කොටස කපා රෝමයට යවන ලදී.

(ආ) ඉන්පසු වර්ෂ 1619 අප්‍රේල් මස 17 වැනි දින දකුණු අතෙහි ඉතිරි කොටස මුළුමණින් කපා එය කොටස්‌ 3 කට බෙදා මලක්‌කා කොඩිය සහ මකාවෝ යන ස්‌ථානයන්හි ඡේසු අධ්‍යයන පීඨක්‌ වෙත යවන ලදී. (රාහුල හිමිගේ දකුණු බාහුවෙහි මරණින් පසු හඳුනා ගැනීම උදෙසා සවර ලද මුල් කඳ සහ සතුරු බුවනෙකබා යන කවි දෙක කොටා තිබූ බවත් එනිසාම පෘතුගීසීන් විසින් දේහය ගෙනගිය පසුව දකුණු අත කපා ඉවත් කොට ඇති බවත් සිංහලයන් විසින් විශ්වාස කරන බැව් නැවත මතක්‌කර දෙමි)

(ඇ) වර්ෂ 1620 දී සිරුරේ අභ්‍යන්තර අවයව සහ බඩවැල් සියල්ල එළියට ගෙන කොටස්‌ කර ජපානය ඇතුළු ලොවෙහි සියලුම රටවල්වලට බෙදාහරින ලදී.

(ඈ) වර්ෂ 1630 දී මිනී පෙට්‌ටිය නැවත විවෘත කර පෘතුගාලයේ ලිස්‌බන් නුවර සිට පැමිණි ට්‍රැන්කියුලෝ ග්‍රාසටි නම් පියතුමාට දැකීමට ඉඩ සලසන ලදී, ඉන්පසු මහජන ගෞරවය සඳහා ද විවෘත කර තබන ලදී. මෙකල ආගමික කෙනකු වස්‌තූන් එකතු කිරීමේ දැඩි ආශාවක්‌ ජනතාව තුළ තිබී ඇත. ඒ තම ආත්මය සහ දිව්‍යලෝකය අතර සම්බන්ධයක්‌ ඇති කර ගැනීමටය. එබැවින් මෙම දේහය නැරඹීමට විවෘත කළ සෑම අවස්‌ථාවකදීම සිරුරෙන් හෝ ඇඳුමින් කුඩා කොටස්‌ කඩා ගැනීමට යුහුසුළු වී ඇත. 

(ඉ) සිරුර ක්‍රම ක්‍රමයෙන් වේලී යන තත්ත්වයක්‌ තිබෙන බැවින් මින් මතු විවෘත නොකිරීමට තීරණය කර ඇත. ගෝවේහි තබා ඇති ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි කියනු ලබන දේහය පිළිබඳව කිතුනුවන් කරුණු දක්‌වා ඇත්තේ ඉහත සඳහන් පරිදිය.

එසේම මෙම දේහය පිළිබඳව වර්ෂ 1556 සිට වරින් වර පශ්චාත් මරණ පරීක්‍ෂණ වෛද්‍යවරුන් විසින් කර ඇති අතර ඒ සම්බන්ධ වාර්තාවක්‌ කියෑවීමේදී සිරුරේ තත්ත්වය පිළිබඳව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගත හැක.

දේහය පිළිබඳ වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්‍ෂණ වාර්තාව
වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්‍ෂා කොට ඇති අතර දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.
'වයිස්‌ රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්‌මස්‌ සරාවියෝ වන මා විසින් ෆ්‍රැන්සිස්‌ පියතුමන්ගේ (ශාන්ත ෆ්‍රැන්සිස්‌ පියතුමා යෑයි සඳහන් කොට නොමැත්තේ ඔහු ඒ වන විට ශාන්තුවරයෙක්‌ ලෙස පත් කර නොමැති නිසාය) දේහය ගෝවේ නගරයේදී පරීක්‍ෂා කර බැලීමි. සිරුරේ සෑම කොටසක්‌ම පරීක්‍ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් (මඩවැල්) ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කර ගතිමි. සිරුර එම්බාම් නොකොට නරක්‌ නොවීමට කෘතිම ලෙස ශරීරයට කිසිවක්‌ ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.

"මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසෙහි සිදුරක්‌ හෝ තුවාලයක්‌ වැනි දෙයක්‌ දැක 

ඡේසුස්‌වහන්සේගේ ගිහි සහෝදරයන් දෙදෙනකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙනෙහිම පිරිසිදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ්‍රාණය කළ නමුත් එහි කිසිදු දුඟදක්‌ නොවී. පාද සහ සිරුරේ අනික්‌ කොටස්‌ මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්‍ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ. 18 වැනි දින ගෝවේ වෘතීමය දිවුරුම් දීමක්‌ මත සහතික කොට ප්‍රකාශ කරමි."
"දොස්‌තර රිබේරියෝ වන මම මෙම පූජනීය දේහය රිසිසේ පරීක්‍ෂා කළෙමි. පාද සිට දණහිස්‌ දක්‌වා සහ දෙඅත් ද පරීක්‍ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශීන්වලින් වැසී, ස්‌වාභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැකී තිබිණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්‌ත විය. වම් පාදයේ දණහිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක්‌ වූ අතර පිටවූ පසු කාලයක්‌ තිබීමෙන් කළු පැහැගැන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්‌නට ලැබිණ. උදරයේ ද වම් පැත්තේ තුවාලයක්‌ වන් කුඩා සිදුරක්‌ දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක්‌ දැමූ අතර පළමුව එහි රික්‌තයක්‌ වූ නමුත් තව දුරටත් එබීමේදී වියලී ගිය අතුණුබහන් ස්‌පර්ශ කිරීමට හැකි විය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක්‌ මට නොදැනුණි. හිස යට කුඩා මෙට්‌ටයේද, දණහිස්‌ මත මෙන් දීර්ඝකාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්‌නට ලැබිණි. මේ සියල්ල මා 1556 දෙසැ. 1 වන දින නිරීක්‍ෂණය කළෙමි. මෙම වෛද්‍ය වාර්තාවෙන් සනාථ කරනුයේ දේහය කිසිම එම්බාම් කරණයකින් තොරව නරක්‌ නොවී තිබෙන අයුරුය. මෙසේ වී ඇත්තේ රාහුල හිමි අපවත් වීමට මොහොතකට කලින් ඉතා ප්‍රබල "සිදුඅළුරසය" නමැති ඖෂධයක්‌ පානය කළ නිසා බැව් සිංහලයන් විශ්වාස කරයි.

සාන්ත සේවියර් පියතුමාගේ දේහය තිබුණේ කොයිවිදියටද ?

අද ගෝවේ පල්ලියේ තබා තිබෙන ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි කියනු ලබන දේහයේ තිබෙන තුවාල, අතුරුදන් වී ඇති අවයව පිළිබඳව එතුමා පිළිබඳව නිකුත් කොට ඇති පොත්පත්වල සඳහන් වී ඇති අයුරු මීට ඉහත පෙන්වාදී තිබේ. මියගිය සිරුරක්‌ ආශ්චර්යයක්‌ මෙන් නරක්‌ නොවී තිබෙන විට එහි කැබැලි කඩා ගනිමින්, අතපය කපා දමමින් කෲර ලෙස නැවත වළලමින් කටයුතු කළා යෑයි නිකුත් කරන ප්‍රකාශ පිළිගැනීමට අපහසුය. එවිට එය මෙම සිරුරේ තිබෙන්නා වූ තුවාල "සාධාරණය" කිරීමට ගත් ප්‍රයත්නයක්‌ ද යන්න ගැන සැක පහළ කිරීම පුදුමයට කරුණක්‌ නොවේ.
මෙම දේහය අඩංගු මිනී පෙට්‌ටිය වර්ෂ 1751 දී, ගෝවේ හිටපු පෘතුගීසි ආණ්‌ඩුකාර ඩී ලුවිස්‌ කයිමානෝ ඩි අල්මේදාට නැරඹීම සඳහා විවෘත කළ පසු ඔහු විසින් දේහයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක්‌ "නොටිසියස්‌ ඩි කෝර්පෝ ඩි ග්ලෝරියෝසෝ සෑම් ප්‍රැන්සිස්‌කෝ සේවියර් "නමින් නිකුත් කොට ඇත. එම වාර්තාව අනුව දේහය එවකට තිබූ තත්ත්වය ඔහු පවසා ඇති අන්දමින් මෙසේය. 
"මෙහි දකුණු අත නොමැති අතර එය කපා රෝමයට යෑවූ බව වාර්තා වේ. රත්තරන් යෂ්ටියක්‌ සහිත වම් අත පෙනේනට තිබේ. මෙම පූජනීය අත වියළී ඇති නමුත් ඇඟිලි සහ නියපොතු පැහැදිලිව පෙනෙන්නට තිබේ. දේහයේ පූජනීය පාදයන් ද වියළී ගොස්‌ ඇති අතර දකුණු කකුලේ කුඩා ඇඟිල්ල නොමැති අතර එහි රතුපාට රිබන් එකක්‌ බැඳ ඇත. අනෙක්‌ පා ඇඟිලි නියපොතු දක්‌නට තිබේ. පූජනීය මුහුණ නැවුම් නමුත් සුදුමැලි වී ඇත. හිස සහ නලල තරමක්‌ විශාලයි. ඇස්‌ පියා ඇත. ඇස්‌ බැමි, රැවුල, මුහුණ එකම පාටය. නාසය, ගොරෝසු අතර දකුණට ආනත වී ඇත. මුහුණ පපුව දෙසට නැමී ඇත."

මෙම වාර්තාව නිකුත් වී වසර 31 කට පසු මේරි නම් රැජනගේ අණ පරිදි 1782 ජනවාරි මස 1 වන දින දේහය පිළිබඳව තවත් නිල වෛද්‍ය පරීක්‍ෂණයක්‌ (FELICIQNO) පවත්වන ලදී. වෛද්‍ය ෂෙලිසියානෝ රාමෝස්‌ මෙම පරීක්‍ෂණය පැවැත් වූ අතර එය නිරීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා, පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසුදින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කර ඇත.
"අති අභිමානවත්, ආණ්‌ඩුකාර ෙµඩ්රික්‌ ගිල්ගර්ඩ් ඩි සොයිසා සාමිවරයාණෙනි, උතුම් වූ රැජනගේ අණ පරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂා කිරීමට එය බහාලූ පෙට්‌ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්‍ෂිතව තිබූ අතර හිසකෙස්‌ කුඩා ප්‍රමාණයක්‌ හිස්‌ කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීsරීමකට අමතරව මනාව සුරක්‍ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන් ද, සමින්ද වැසි තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර එකක්‌ නෑර දත් සියල්ලම තිබුණි. වම් අත සමින් වැසී ස්‌වභාවික වර්ණයෙන් යුක්‌ත වූ අතර දකුණු අත දක්‌නට නොවීය. ඡේසුස්‌ හා ශේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප්‍රවාදයක්‌ පවතී. ශරීරයේ අනෙකුත් අවයවයන්a පරීක්‍ෂා කිරීමේදී අතුනුබහන් නොමැති බව නිරීක්‍ෂණය කරන ලදී. කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර නහර ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක්‌ ඇඟිල්ලක්‌ නැතිව අන් සියලුම ඇඟිලි සහ නියපොතු ද විය. පාදයේ එක්‌ ඇඟිල්ලක්‌ නොතිබූ අතර එය එක්‌තරා භක්‌තිමත් කාන්තාවක්‌ විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.
මෙම දේහය පිළිබඳව ඉන්පසු පශ්චාත් මරණ පරීක්‍ෂණ 3 ක්‌ පවත්වා ඇති අතර එම විස්‌තර කෙටියෙන් මෙසේය.
වර්ෂ 1859 දී වෛද්‍ය පිලිප් මේරි සේවියර්ගේ වාර්තාව - සිරුර වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරන ලදී. හිස්‌ කබල සමින් සහ යාන්තමට වැඩුණු කෙසින් වැසී තිබූ අතර හිස්‌ කබලේ වම් පැත්තේ කෙස්‌ නොවීය. මුහුණ කර්කශ වී ඇති අතර කාලවර්ණයෙන් යුත් දකුණු පැත්තේ සීරීමක්‌ නිසා විවෘත වීමක්‌ දක්‌නට ලැබේ. එක්‌ දතක්‌ හැර අනෙක්‌ දත් සියල්ලමද, කන් දෙකද දක්‌නට ලැබෙන අතර දකුණු අත නොමැත. වම් අතේ ඇඟිලිවල නියපොතු ඇති අතර උදරයේ බිත්ති කර්කශ වී දුර්වර්ණ වී ඇති අතර අතුනුබහන් නොමැත. පාද ද කර්කශ වී ඇති අතර දකුණු පාදයේ 5 වැනි 4 වැනි ඇඟිලි නොමැත. 
සාමාන්‍ය මිනිසකුට වඩා මෙම සිරුර කුඩා බව පෙනෙන අතර එය නහර වියළීමෙන් සහ කර්කශ වීමෙන් සිදුවිය හැක. හිස කඳෙන් වෙන්ව ඇති බව පෙනුණත් හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී එසේ වෙන්වීමක්‌ දක්‌නට නොලැබිණ. 

වර්ෂ 1923 දී වෛද්‍ය ප්‍රරැන්සිස්‌කෝ සහ වෛද්‍ය කොන්රියෝ වොල්ෂන්ගෝ ඩී සිල්වාගේ වාර්තාව 

වර්ෂ 1923 අගෝස්‌තු 23 වැනි දින සෞඛ්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය µ්‍රeන්සිස්‌කෝ විසින් සිරුර පරීක්‍ෂා කරන ලදී. ඔහු පරීක්‍ෂා කළේ සිරුරේ ආවරණය නොවූ කොටස්‌ පමණි. සිරුර විජලනය /කර්කශ වී ඇති අතර සමහර ස්‌ථානවල අස්‌ථීන් දැක්‌මට ලැබේ. මුහුණ, කන්වල, හැඩය, ඇස්‌ පිහාටු වසා ඇති වැස්‌ම නියම විදියට සුරක්‍ෂිතව තිබේ. සිරුර බහාලූ පෙට්‌ටියේ දිග මීටර 1.52 ක්‌ වන අතර සිරුරේ දිග මීටර් 1.44 කි. හිසෙහි කෙස්‌ රොද ස්‌වල්පයක්‌ ඇත. මුහුණේ වම්පැත්තේද රැවුල්මෙන් කෙස්‌ ඇත. කන්වල හැඩය නියම ස්‌වරූපයට තිබෙන මුත් ඒවා ඝන වී ඇත. දත් 3 ක්‌ දක්‌නට ලැබේ. වම් අතේ මහපටඇඟිල්ලේ නියපොත්ත තිබෙන අතර 3 වැනි සහ 4 වැනි ඇඟිලිවල නියපොතු ස්‌වල්පයක්‌ ඇත.

වර්ෂ 1953 දී වෛද්‍ය අන්තෝනියෝ ද සිල්වාගේ වාර්තාව (අවසාන වෛද්‍ය පරීක්‍ෂණය)

දැනට මෙම සිරුර බහා ඇති මිනී පෙට්‌ටියේ සහ සිරුරේ මිනුම් මෙසේය.
(1923/9/27 වැනි දින ගන්නා ලද මිනුම් වාර්තාවට අනුව)

මිනීපෙට්‌ටියේ අභ්‍යන්තර දිග මීටර් 1 සෙ.මී. 52 1/2
සිරුර (හිස ඉදිරියට නවා) - මීටර් 1 සෙ.මී 41 1/2
සිරුර (හිස කෙලින්) මීටර් 1 සෙ.මී. 46

අඩි පහමාර (සෙ.මී. 169) නම් මිනී පෙට්‌ටිය ඊට වඩා කෙටි වුණේ ඇයි යන සිංහලයන්ගේ තර්ක ලබන සතියේ සිට......

වර්ෂ 1953 සැප්. 27 වැනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම්ගේ ඉල්ලීමක්‌ පරිදි කරන ලදී. "මෙම ශරීරය මෙසේ තබාගත් ආකාරය ගැන කීමට අසීරුයි. එය මමීකරණය වූවක්‌ හෝ ගල්වූවක්‌ද නොවේ පාදවල මෘදු කොටස්‌, මේ මොහොතේ එම්බාම් කළාක්‌ මෙන් දැනේ. සාමාන්‍යයෙන් මෙම සිරුර එම්බාම් කරනලද සිරුරක්‌ සේ පෙනෙයි.
උක්‌ත පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවලින් සිරුරේ නියම තත්ත්වය අපට අවබෝධ කර ගත හැක. එය පසුව මෙම දේහය රාහුල හිමියන් යෑයි යන තර්කය සනාථ කිරීමට ඉවහල් වන බැවිනි.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර


free counters

දහම් රස වින්දෝ