සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

භික්‌ෂුව උපැවිදි වන්නේ ඇයි?

පූජ්‍ය දීගල්ලේ සෝමවංශ හිමි, 
මහින්ද මධ්‍ය මහා විද්‍යාලය, නක්‌කාවත්ත

භික්‌ෂුව යනු බුද්ධ පුත්‍රයන් වහන්සේලාය. එසේත් නැත්නම් අප මහා ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේගේ අවුරසපුත්‍ර වූ ශ්‍රාවකයන්ය. මනා කෙස්‌, රැවුල් බහා තබන ලද ඉඳුරන් දමනය කරන ලද්දොaය. බුද්ධත්වයෙන් පසු සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ තමන්ට දුෂ්කර ක්‍රියාකරන සමයේ උපස්‌ථාන කරන ලද පස්‌වග තවුසන් සොයා ගොස්‌ ඔවුන්ට දහම අවබෝධ කරවීමෙන් පසු භික්‌ෂුන් පස්‌ දෙනෙක්‌ බවට පත්වූහ. ඉන් පසු යසකුල පුත්‍රයා සමග තම යහලුවන් ද පැවිදි බිමට පත් ධර්මය අවබෝධ කරගත්තෝ වූහ. මෙම ප්‍රථම රහත් හැටනම ඇමතූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝවැසියන්ගේ හිතසුව පිණිස දහම් චාරිකාවේ යෙදෙමින් අන් අයට නිවැරැදි මාර්ගය කියාදීමට ලෝවැසියන්ගේ හිතසුව පිණිස දහම් චාරිකාවේ යෙදෙමින් අන් අයට නිවැරැදි මාර්ගය කියාදීමට යෙදවූහ. ඉන් ඇරැඹි භික්‌ෂුවගේ කාර්යභාරය විවිධ ගම් නියම්ගම් නගර ජනපද පමණක්‌ නොව විවිධ රට රටවලටද දහම් පණිවිඩය බෙදා දුන්නේය. භික්‌ෂුව මුල් කාලයේ සංචාරක ජීවිතයක්‌ ගත කළ ද පසුව වෙහෙර විහාරස්‌ථාන සකසා ගනිමින් ජනතාවට අර්ථයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ කරමින් අධ්‍යාත්මය කරා යොමුවූහ. ඉන්පසු ධර්මය මෙන්ම අධ්‍යාපනයටද යොමු වෙමින් ග්‍රන්ථධුර හා විදර්ශනා ධුර වශයෙන් කටයුතු කළහ.

වර්තමානය වනවිට ලෝකය තාක්‌ෂණික අතින් දියුණුවීමත් සමගම බෞද්ධයන්ගේ දුකේදී පිහිට වෙමින් සමාජ සාරධර්ම ප්‍රගමනයට බෙහෙවින් කටයුතු කරන්නෝ භික්‌ෂුහුමය. පොදු කටයුතුවලදී බෞද්ධ භික්‌ෂුව වටා එක්‌රොක්‌ වෙමින් කටයුතු කරන අතර භික්‌ෂුන් නායකත්වය රටේ ඉතා ප්‍රබලවී ඇත.

එය එසේ වුවත් වර්තමානය වනවිට ලංකාව තුළ භික්‌ෂුන් වහන්සේලා සීග්‍ර ලෙස අඩුවෙමින් පැවැතීම බුද්ධ සාසනයේ පමණක්‌ නොව රට තුළ ද ලොකු ගැටලුවක්‌ව ඇත. විස්‌තෘත පවුල න්‍යෂ්ටික පවුලක්‌ බවට පත්වීමත්, එය හේතුවෙන් පවුල තවතවත් කුඩාවීමත්, තාක්‌ෂණික අතින් දියුණුවීමත්, මෙන්ම ආර්ථිකය පසුපස මිනිසා හඹා යාමත් නිසා 

සමාජයේ ගැටලු රැසකට හේතුවී ඇත. මෙම ගැටලු ප්‍රබල ලෙසම භික්‌ෂු සමාජයේ අඩුවීම සඳහා හේතුකාරකයන් ලෙස දැකගත හැකිය.

භික්‌ෂුව උපැවිදිවීමද භික්‌ෂුන් වහන්සේලාගේ ප්‍රාමාණික අඩුවීමට හේතුවක්‌ව ඇත. මෙය ගැටලුවකි. බුද්ධ සාසනයට නම් ප්‍රබල ගැටලුවකි. වර්තමානය වනවිට භික්‌ෂුවගේ සිවුරු හැරයැම බෞද්ධයන් දකින්නේ ඉතා වැරැදි දෙයක්‌ ලෙසිනි. නමුත් තායිලන්තය වැනි බෞද්ධ රටවල සෑම බෞද්ධයෙක්‌ පැවිදිව සිවුරු හළ යුතුය. එම පැවිදිභාවය ගිහි දිවියට ඉතා ගෞරවාන්විත දෙයක්‌ ලෙස ඔවුහු සලකති. පැවිදිව නොසිටීම විවාහයකට පවා නොසුදුසු ලෙස මෙන්ම රැකියාවක්‌ ලබාගැනීමට පවා අපහසු කරුණකි. ඔවුන් අපේක්‌ෂා කරනුයේ පැවිදිභාවයේ ඇති සංයමයයි. ලංකාව දෙස බැලීමේදී මෙය වැරැද්දක්‌ නොව ගැටලුවකි. වැරැද්දක්‌වූ විට එයට වැරැදි ද පැටවීම මිනිසාගේ සංසාරික පුරුද්දකි. නමුත් මෙම ගැටලුව දෙස ඉතා සියුම්ව බැලිය යුතුය. සිවුරු හැර යන්නේ ඇයිදැයි සිතිය යුතුය. කුඩා කල සසුනට පිවිසෙන ළදරුවා සාමණේර භික්‌ෂුවක්‌ බවට පත්වේ. එතැන් සිටම තමා පැවිදිබිමට පත්කරවන වැඩිමහල් භික්‌ෂුව තම ගුරුවරයා බවට පත්වේ. එතැන සිට ගුරුවරයා හා ගෝලයා පිය-පුතු සබඳතාවයේ සිට කටයුතු කළ යුතුය.

නමුත් වර්තමානය වනවිට මෙය බරපතළ ගැටලුවක්‌ව ඇති බව ඇස්‌, කන් ඇති ඕනෑම බෞද්ධයකුට දැකගත හැකිය. තරුණ භික්‌ෂුව සිවුරු හැරයාම සැබැවින්ම ගැටලුවකි. භික්‌ෂුව රටට, දැයට මෙන්ම සසුනටද විශාල සම්පතකි. එම වටිනා සම්පත දිනෙන් දින අහිමිවන හේතු සොයා බැලිය යුතුය. බොහෝ භික්‌ෂුන් වහන්සේලා පැවිදි බිමට පත්වන්නේ ඉතා කුඩා අවධියේයදීය. කුඩා දරුවා විහාරස්‌ථානයට පැමිණෙන්නේ ඉතා ආසාවෙන්ය. එපමණක්‌ද නොව තම දෙමාපිය සෙනෙහස, උණුසුම අමතක කරමින් ය. එම ළදරුවා හට සෙනෙහස ආදරය, කරුණාව නිතැතින්ම ලැබිය යුතුය. පැවිදි බවට පත්වන කුඩා සාමණේරයන් රැක ගැනීම ගුරුවරුන්ගේත් දායකයන්ගේත් විශාල වගකීමකි. එම කුඩා සමණේර භික්‌ෂුවට විශේෂයෙන්ම ආදරය, කරුණාව, සෙනෙහස ලබාදිය යුතුය. දිනෙන් දින වැඩිවියට පත්වන භික්‌ෂුව අධ්‍යාපනික වශයෙන් ශක්‌තිමත් කිරීම ගුරුවරයාගේ මෙන්ම දායකයාගේද වගකීමකි. කරුණු සොයා බැලීමේදී සාමණේර භික්‌ෂුවගේ අධ්‍යාපනය ලැබීමද තම ගුරුවරුන්ගේ, අනෙක්‌ සහෝදර හිමිවරුන්ගේ පමණක්‌ නොව සමහර දායකයන්ගේද බාධාවට හේතුවකි. සමහරුන්ගේ ආකල්පය වන්නේ භික්‌ෂුව උගතකු නොවිය යුතු බවයි. සරල ලෙස ආගමික කටයුතු කර ගැනීමේ දැනුම පමණක්‌ ප්‍රමාණවත් බව ඔවුහු අපේක්‌ෂා කරති. තමා අභිබවා අධ්‍යාපනය ලැබීමද ශාසනික ගැටලුවලට හේතුවකි. භික්‌ෂුව කුඩා කල සිටම තම ගුරුවරුන්ගෙන් සහ දායකයන්ගෙන් ආදරය බලාපොරොත්තු වෙයි. කුඩා වරදකදී ආදරයෙන් කරුණාවෙන් එම වරද පෙන්වාදී භික්‌ෂුවගේ ඇති වටිනාකම පිළිබඳව කියාදීම තුළින් සාසනය තුළ භික්‌ෂුව රඳවාගත හැකිය.

සාසන ඉතිහාසය තුළ ඇති ඉතා වැදගත් කතා පුවතක්‌ ඇත. එක්‌තරා කුටියක රහතන් වහන්සේ නමක්‌ වැඩ සිටියේය. උන්වහන්සේගේ ගෝලයා සිවුරු හැර යාමට සිතමින් පසුවිය. ගුරුවරයා තම ගෝලයාගේ සිතුම් පැතුම් පිළිබඳව අවධානයෙන් සිටි නිසා ගෝලයාගේ වෙනස තේරුම් ගත්තේ ය. ගෝලයාගේ සිතිවිලි වෙනස්‌ කිරීමෙන් එම අදහස වෙනස්‌කළ හැක බව තේරුම්ගත් ගුරුවරයා තම ගෝලයාට තමා හට ගල් ගුහාවක කුටියක්‌ සෑදීමට අවශ්‍ය බව පැවැසූ අතර වහා සිවුරු හැරයාමට සිතමින් සිටි ගෝලයා ගුරුවරයාට එම කාර්ය කරදී සිවුරුහැරීමට සිතයි. මෙම කුටිය දිනෙන් දින ඉදිවීමත් සමගම ටිකෙන් ටික තම සිවුරු හැරයාමේ අදහස ද පහව ගොස්‌ ඇත. පසුව තම ගුරුවරයාගෙන් කුටියක අවශ්‍යතාවක්‌ නොවන බවත් සිවුරු හැරයාමේ අදහස ඉවත් කිරීම අරමුණු වූ බව දැනගන්නට ලැබිණි. එලෙසට සෑම වැටිහිටි භික්‌ෂුවකටම මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ්‍යක්‌ තිබීම ඉතා වැදගත් බව මෙයින් දැකගත හැකිය. තරුණ භික්‌ෂුවගේ මනස සහ ගැටලු හඳුනාගෙන එම ගැටලුවලට විසඳුමක්‌ ලබාදීම ඉතා වැදගත්ය. එය සමස්‌ත බෞදධයන්ගේම වගකීමකි. සිවුරු හැරයාමෙන් පසුව විවේචනය කිරීම විවේචනය කිරීම නොව සිවුරු හැරයැමට පෙර රැකගැනීම ඉතා වැදගත්ය. එම භික්‌ෂුව ඵලදායී ලෙස සාසනික ආගමික කටයුතුවලට යොමුකර ගැනීම ඉතා වැදගත්ය. සාසනය 

වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කළයුතු කටයුතු අපමණය. එම කටයුතු සඳහා තරුණ භික්‌ෂුව යොමුකරවා ගැනීමෙන් සෑම සිතිවිල්ලක්‌ම යහපත් කරගත හැකි වීමත්, උපැවිදිවීමේ අදහසත් ඉවත්ව යාමත් තුළින් මෙම ගැටලුව විස¹ගත හැකිය.

මේ පිළිබඳ විවිධ විද්වතුන් අධ්‍යයනය කර ඇති අතර උපැවිදි වීමට විවිධ හේතු සාධක ඇති බව හඳුනාගෙන ඇත. ඒ අතර තනිවීම, ආදරය, සෙනෙහස නොලැබීම, රැකවරණය නොලැබීම, ගුරුවර වැඩිහිටියන්ගේ අවධානය අඩුවීම වැනි හේතු දැකගත හැකිය. එමෙන්ම මා කළ අධ්‍යනයට අනුව හේතු රැසක්‌ දැකගත හැකිවිය. විශේෂයෙන්ම බෞද්ධයන්ගේ ආකල්පවල ඇති ගැටලු නිසා මෙන්ම විවිධ අවස්‌ථාවල ඔවුන් ක්‍රියාත්මක වන 

ආකාරයත් නිසා මෙම ගැටලු උග්‍රවී ඇත. උපැවිදිවීමට සිටින පැවිද්දන් උපැවිදි නොවී සසුන රැකගනිමින් බෞද්ධයන්ට අර්ථවත් ලෙස ක්‍රියාකිරීමට පොළඹවා ගැනීමට දායකයා දක්‌ෂ විය යුතුය. නමුත් සිදුවන්නේ එහි අනෙක්‌ පැත්තයි. එනම් සාසනයේ රැඳී සිටීමට සිතන භික්‌ෂුව සසුන පිsළිබඳ කළකිරී උපැවිදි වන මට්‌ටමට පත්වීමයි.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්‌දිවට වැඩමවීමත් සමග බුදුදහමින් පෝෂණය වූ ලක්‌වැසියන් බුදුදහමත් පන්සලත් භික්‌ෂුවත් අතර දැඩි බැඳීමක්‌ ඇති වූ අතර සෑම ගමකම විහාරස්‌ථාන ඉදිවිය. වර්තමානය වනවිට විවිධ හේතු නිසා විහාරස්‌ථානවල භික්‌ෂුන් වහන්සේලා නොමැතිවීමෙන් එම විහාරස්‌ථාන වැසී ගොස්‌ ඇත. භික්‌ෂුන් වහන්සේලා වැඩසිටින විහාරස්‌ථානවල පවා එක භික්‌ෂුවකට සීමාවී ඇත. මෙම භික්‌ෂුන් වහන්සේලා හිඟවීමේ ගැටලු හඳුනාගෙන එම ගැටලුවලට පිලියම් සැපයීම සහ භික්‌ෂුන් වහන්සේලා ආරක්‌ෂා කර ගැනීම අප කාගේත් වගකීමකි. අනාගතයේ භික්‌ෂුන් බෙහෙතකටවත් සොයාගැනීමට අපහසු වෙයි. රටේ මූස්‌ථානවල සිටින මහනායක හිමිවරුන් විශේෂයෙන් එකතුවී මෙම ගැටලුව පිළිබඳ දැන්වත් අවධානය යොමුකළ යුතු කාලය එළැඹ ඇත. මේ පිළිබඳව දැඩි අවධානයක්‌ යොමු කොට බෞද්ධ විහාරස්‌ථානත්, භික්‌ෂුන් වහන්සේත් රැකගැනීම බෞද්ධයන් වශයෙන් ඔබගේ වගකීමකි.


free counters

දහම් රස වින්දෝ