සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

කතිකාවත් පුරාණයෙන් පිළිබිඹු වන භික්‌ෂු ජීවිතය



එකම සම්ප්‍රදායකට අයත් ලේඛන විශේෂයක්‌ වශයෙන් ගත හැකි ශාසනික කතිකාවත් ජයතිලක කතිකාවත් සඟරාවේ පළවෙයි. එයින් පළමුවැන්න පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු ගේ ගල් විහාර පර්වත ලිපියයි. කතිකාවත් හි අදහස්‌ හා ඒවා බිහිවීමට තුඩුදුන් හේතු පරීක්‌ෂා කර බැලීමේදී එහි ඉතිහාසයනුත් ඔබ්බට යයි.

සර් ඩී.බී. ජයතිලක කතිකාවත් හඳුන්වන්නේ සංඝ සම්මත වූ ව්‍යවස්‌ථා වශයෙනි. භික්‌ෂු ශාසනයෙහි පිරිසිදු කිරීමක්‌ අවශ්‍ය වූ කල මතු විනය විරෝධී ආචාර විචාරයන්ට අවකාශ නොතබනු වස්‌ භික්‌ෂුන් විසින් කාලයට හා දේශයට උචිත ලෙස විනයානුකූලව නීති පැනවී යෑයි ජයතිලක මහතා තවදුරටත් කරුණු විස්‌තර කරයි.

ඓතිහාසික කරුණු අනුව මොග්ගලීපුත්ත තිස්‌ස තෙරුන් විසින් 'කතාවත්ථු' නම් ග්‍රන්ථයක්‌ එහිදී සම්පාදනය කරන ලද බවක්‌ද කියෑවේ.අශෝකගේ කල්කටා පර්වත ලිපියේ 'විනය ග්‍රන්ථයක්‌ ගැන සඳහන් වෙයි. එසේම සාංචි අලහබාද් හා සාරානාත් යන ලිපිවලින්ද විනය නීති හා ඒවා කඩ කරන්නන්ට දඬුවම් ද නියමකොට අශෝක භික්‌ෂු ජීවිතයේ චිර පැවැත්මට මුළු සිතින්ම ක්‍රියාකර තිබෙන බව පෙනේ. මේ අනුව බලන විට පරාක්‍රමබාහු අශෝක ආදර්ශයට ගෙන පොළොන්නරු ගල් විහාර පර්වත ලිපිය පිහිටුවා භික්‌ෂු ශාසනය නිරුපද්‍රිත කරන්නට වෑයම් කළ බව කියන කතාවෙහි සත්‍යතාවක්‌ තිබේ. එයින් කතිකාවත් විකාශනය යනු භික්‌ෂු සංඝයාගේ විකාශනය බව තහවුරු වෙයි.

ලංකා ඉතිහාසයේ පළමු වැනි කතිකාවත වශයෙන් ගල්විහාර ලිපිය ගනිතුදු ඊට පෙරත් රජුන් විසින් වරින් වර කරන ලද කතිකාවත් ස්‌වරූපය දරන ලේඛන දැක්‌ක හැකිය. කතිකාවත් ස්‌වරූපය ගත් එබඳු ලේඛන රාශියක්‌ ගල්වල සටහන් කොට ඇති අතර ඇතැම් ලිපි කතිකාවත් නමින්ම හඳුන්වාදී ඇත. ඪ දප්පුලගේ (940-952) වෙස්‌සගිරි පුවරු ලිපිය 'මේ කතිකාවත මහ සඟුන් රැක්‌ක යුතු' යන්නෙන් සඳහන් කරයි. දැනට හමුවී ඇති කතිකාවත් ස්‌වරූපය දරන ලේඛන අතරින් ෂඪ සේන ගේ ලිපියකැයි සැක කරන කළුදිය පොකුණු ලිපියද එකකි. එහි 'කතිකාවත්' යන පදය කිහිප තැනකම සඳහන්ව ඇත. 'මෙ කතිකා පහණවා' ආදී එහි පෙනෙන 'කතිකාවත්' පදයෙන් භික්‌ෂුන් විසින් පිළිපැදිය යුතු රැක්‌ක යුතු ශික්‌ෂා පද ද විහාර සේවකයන් පිළිබඳ ව්‍යවස්‌ථා ද සංග්‍රහ කොට ඇත. රජයේ නියෝජිතයන් පිළිබඳ කටයුතු ද ඒ ලිපියේ සඳහන් වෙයි. 'කතිකාවත්' යන පදය නොයෙදුණ ද ෂඪ මිහිඳුගේ මිහින්තලා ලිපියේ ද සඳහන්ව ඇත්තේ ශික්‌ෂා ප්‍රඥප්ති හා නීති රීතිය ඪ කාශ්‍යපගේ අනුරපුර පුවරු ලිපිය, ෙ-තවනාරාම සංස්‌කෘත ලිපියද, අනුරපුර යුගයට අයත් කතිකාවත් ස්‌වරූපය ගත් ලිපිවලින් සමරහකි. මේ ලිපි අයත් වන්නේ කතිකාවත් ලිපි ගණයටය. විහාර කතිකාවත්හි විශේෂ ලක්‌ෂණයක්‌ වශයෙන් සඳහන් කළ යුත්තේ විහාර පාලනයට අවශ්‍ය වූ නීති රීති ඒ ලිපිවල ඇතුළත් කොට ඇති බවය.

1. භික්‌ෂුන් විසින් රැක්‌ක යුතු ශික්‌ෂා ප්‍රඥප්ති

2. විහාර සේවකයන්ගේ යුතුකම්

3. විහාරයට පැමිණෙන රාජ්‍ය සේවකයන් පිළිපැදිය යුතු නීතිරීති

මුළු රටේම වැඩ සිටින මහා සංඝයා වහන්සේ විසින්ම පිළිපැදිය යුතු ලෙස වරින්වර පනවා ගන්නා ලද ව්‍යවස්‌ථා ශාසනික කතිකාවත් වශයෙන් සැලකෙයි. මෙබඳු ශාසනික කතිකාවතක්‌ කළ පළමුවැනි වාරය විජයබාහු කාලයට අයත් වෙයි. 

අනුරාධපුර යුගයේ කතිකාවත් වශයෙන් හැඳින්විය හැකි වූ ශිලා ලිපිවල විශේෂ ලක්‌ෂණයක්‌ ඇත. අභයගිරි පක්‌ෂයට පමණක්‌ බලපෑ ව්‍යවස්‌ථා හා නීතිරීතී ඒ ලිපිවලින් පැහැදිලි වෙයි. එය විශේෂ ලක්‌ෂණයකි. මහා විහාරයීය සංඝයා වහන්සේට ඒ ලිපිවලින් ආඥ හා නීති හෝ විහාරයීය භික්‌ෂුන්ට නොපැනවූ බවද පෙනේ. ගල්වල කෙටූ ලිපිවලින් එබඳු නීති මහා විහාරයීය භික්‌ෂුන්ට නොපැනවූ නමුත් උන්වහන්සේ විසින් පිළිපැදියයුතු නීති ඇතුළත් පොතක්‌ තිබුණු බවද පෙනේ.එය 'සිකවළඳ විනිසයි'. අභයගිරි භික්‌ෂුන් රැකි නීති රීති ගල් ලිපිවල සඳහන් වූ අතර මහා විහාරීය භික්‌ෂුන් ඉහත කී ග්‍රන්ථාගත අණපනත් රැක්‌ක යුතු විය. එහෙත් ගල්ලිපිවල සඳහන් වූ නීති මහා විහාරවාසී වූ භික්‌ෂුන් පිළිගත් බවට කරුණු නැත. පොළොන්නරු ගල් විහාර ලිපියේ එයට පෙර කතිකාවත් ගැන නොකියන්නේ මේ නිසා විය හැකිය.

පොළොන්නරු කතිකාවතින් පසු හැටදාගේ බිත්ති ලිපිය ෂෂෂ වැනි විජයබා ලිපිය ෂෂ වැනි පරාක්‍රමබාහුගේ දඹදෙණි කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධි රාජසිංහ කතිකාවත ආදී කතිකාවත් කීපයක්‌ ගැන අපි දනිමු. මෙසේ කතිකාවත් ස්‌වරූපය ගත් කෘති මුල් කාලයේ සිටම පැවැති බවට සාධක ඇතත් දැනට කතිකාවත් හැටියට පිළිගැනී ඇත්තේ සතරකි. පොළොන්නරු කතිකාවත පළමුවැන්නයි. ෂෂ වැනි පැරකුම්බාගේ දඹදෙණි කතිකාවත දෙවැන්නයි. කීර්ති ශ්‍රී රාජසිංහගේ කතිකාවත තුන්වැන්න වූ අතර සිව්වැන්න රාජාධි රාජසිංහගේ කතිකාවතයි. ෙ-තවන අභයගිරි හා සඳගිරි විහාරාරාමවලට පමණක්‌ සීමා වූ මුල් කතිකාවත් ථෙරවාදී භික්‌ෂුන් අයෝග්‍ය සේ සලකා බැහැර කරන්නට ඇතැයි සමහරු සලකති. කතිකාවත් සඟරාවට ඒ ලිපි ඇතුළත් නොකළේ එහෙයි නැයි ද සලකති. ථෙරවාදී භික්‌ෂුන් සඳහා 'සිකවළඳ විනිස්‌ත් මහායානික භික්‌ෂුන් සඳහා ගල් ලිපිත් පැනවූ අතර නිකායාන්තර සමගිය ඇති කොට පොදු විනය නීති මාලාවක්‌ සකස්‌ කරන්නට ඇතැයි ද ඇතැමෙක්‌ සලකති.

කෙසේ හෝ ප්‍රධාන කතිකාවත් සතර එකම රචනා සම්ප්‍රදායකට අයත් ලිපි විශේෂයක්‌ වශයෙන් ගත හැකිය. දඹදෙණි කාලයේ පටන් මහනුවර කාලය තෙක්‌ ලියෑවුණු කතිකාවත් කීපයෙන්ම කියෑවෙන්නේ කතිකාවත් සම්ප්‍රදාය ආරම්භය මහ පැරකුම්බාගේ කතිකාවත් ක්‍රමය ඇසුර ලැබූ බවය. මහ පැරකුම්බා කතිකාවත ගැනත් හිමි විජයබා කතිකාවත් ගැනත් දඹදෙණි කතිකාවතෙහි සඳහන් වන අතර කීර්ති ශ්‍රී රාජසිංහ ගේ කතිකාවතෙහි පෙරකී කතිකාවත් තුනම ගැන සඳහන් කර ඇත. 'පූර්ව කතිකාවත්' යනුවෙන් ප්‍රාරම්භ වාක්‍යයේ දැක්‌වීමෙන් පැහැදිලි වන්නේ මුල් කතිකාවත් අභාවයට ගිය බවය. මෙසේ කාලයාගේ විකාශනයෙන් ඇති වූ කතිකාවත් පුරාණය පොළොන්නරු කාලයෙන් පසුව ශාසනිකව කතිකාවත් බවට පත්ව එකාකාර ලේඛන මාලාවක්‌ වූ හැටි පැහැදිලිය.

වර්තමාන භික්‌ෂු නිකායන්හි ප්‍රතිපත්ති හා නීති රීති ඇතුළත් කොට අලුත් කතිකාවත් කීපයක්‌ම ලියා ඇත. මල්වතු විහාර පාර්ශ්වයේ භික්‌ෂුන් වහන්සේ උදෙසා ලියා පළකළ කතිකාවත හා රාමඤ්ඤ නිකායික භික්‌ෂුන් සඳහා ලියූ කතිකාවත නිදසුන් වශයෙන් දැක්‌විය හැකියි. කතිකාවත් සාහිත්‍යයෙහි මුල්කෘතිය වශයෙන් සැලකෙන එසේම ශේෂව පවත්නා පොළොන්නරු පර්වත ලිපිය ගැන මේ ලිපියේ මුලදීම සඳහන් කළෙමි. පසුව ඇති වූ කතිකාවත් ඒ ලිපිය සංස්‌කරණය හා අනුකරණය කිරීමෙන් නිෂ්පාදනය කරන ලදැයි කීම නිවැරැදිය. මෙසේ බිහිවූ පොළොන්නරු කතිකාවතෙහි මුල් කොටසින් එතෙක්‌ සංක්‌ෂිප්ත ශාසනික ඉතිහාසයත්, දෙවැනි කොටසින් භික්‌ෂුන් වෙනුවෙන් පනවා ඇති නීති රීතිත් දැක්‌වෙයි. කතිකාවත් පිහිටුවීම පිsළිබඳව මහාචාර්ය පරණවිතාන දක්‌වන අදහසද මෙහිදී සඳහන් කළ හැකිය.

'සැදැහැවත් රජකු දුශ්ප්‍රතිපත්ති හා අසමගිකම් දුටු විට පිටකයන් ස-ක්‌ධායනා කරවා කතිකාවත් ප්‍රකාශයට පත් කරයි, අල-ජි දුශ්ශීල ශ්‍රමණ වේශධාරීන් ශාසනගත වීමෙන් එහි චිරස්‌තිථියට බාධාවක්‌ ඇතිවූ කල්හි මෙවැනි කතිකාවත් බිහිවිය. පරසතුරු උවදුරු හා බේද භින්නාදියෙන් ද යුද්ධ කෝලාහලවලින්ද රට කැළඹුණු අවස්‌ථාන්හිදී මෙවැනි ශාසනික වැඩපිsළිවෙළක්‌ අඩංගු විය. උදාහරණයක්‌ වශයෙන් මහායාන, ථෙරවාද ගැටීම් නිසාද කතිකාවත් බිහි විය. කාලානුරූපීව ශාසනය සකස්‌ කිරීමේදී ද කතිකාවත් අවශ්‍ය වේ.'

මහාචාර්ය සෙනරත් පරණවිතාන ගේ හා සර් බාරොන් ජයතිලක ගේ කතිකාවත් පිළිබඳ ඉහත සඳහන් කළ අදහස්‌ මේ ලිපියේ මුලදීම මා ඇතුළත් කළේ කතිකාවත් හා ඒවා බිහිවීමට තුඩුදුන් මූලික කරුණු ගැන පාඨකයාට සුළු අවබෝධයක්‌ ලබාදීමටය.

බුද්ධ වර්ෂාරම්භයත් සමගම ආරම්භ වූ භික්‌ෂු ජීවිතයේ ආකල්පය හා ආජීවය පිළිබඳ ගැටීම් හා පෙරළීම් කතිකාවත් පුරාණයේ වත ගොත සොයා බැලීමේදී හෙළිවෙයි. ධර්ම සංගායනා පැවැත්වූයේද ඒ ගැටීම් හා පෙරළීම් මුල්කොටගෙනය. මුල් සංගායනා තුනේදීම වෙනසකට සිදු වූයේ තිබුණු දේ නිවැරැදි ලෙස සැකසීම පමණය. කතිකාවත් පුරාණයෙන් හෙළිsවන්නේ නොතිබුණු නොපැන වූ යම් යම් ව්‍යවස්‌ථා හා ශික්‌ෂා පැනවීමය. තෙවැනි ධර්ම සංඝායනාව වශයෙන් ගැනෙන අශෝක සංස්‌කරණය කතිකාවත් ස්‌වරූපය දැරීය. 

මහ පැරකුම්බා රජුගේ ශාසනික ශුද්ධියේදී ආශෝකාධිරාජයාගේ ආදර්ශය ගත් බවක්‌ පෙනේ යෑයි ආචාර්ය සුරවීර මහතා කියයි. භික්‌ෂුන්ට අනිවාර්යයෙන් පිළිපැදීමට නීති රීති පනවා තෙවැනි සංගායනාව අවසන් කළේ එහෙයිනැයි සුරවීර මහතා වැඩිදුරටත් කියයි. පොළොන්නරු අවධියේ භික්‌ෂු සමාජයේ බාහිර හා අභ්‍යන්තර ජීවන තත්ත්වයන් ආකල්ප හා ආජීව පිළිබඳ තොරතුරුත් පිළිබිඹු වන මුල් කතිකාවත පොළොන්නරු ගල් විහාර ලිපිය බව අද පිළිගෙන ඇත. භික්‌ෂු ශාසනයේ විධිමත් පාලනයත් සාමය හා පාරිශුද්ධියත් ඇතිකරලීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන් ප්‍රතිෂ්ඨාපිත මේ ගල් ලිපිය නිසා පැරකුම් රජු ගේ ශාසනික සේවයද ප්‍රකට වෙයි.

'මා වැනි ආඥචක්‍රවර්තියක්‌හු මෙවැනි කිළුටක්‌ දැක උදාසීන වුවහොත් බුදු සස්‌නනස්‌සි... දුර්ලබාධි මැඬ ශාසන මළ විශොධා...'පූර්ව රාජයන් විසින් මහෝත්සාහයෙනුදු සමඟි නොකොට ගතහුනු තුන් නිකා සමඟි කිරීමෙන් එක්‌නක කොට' මෙබඳු යෙදීම්වලින් පැරකුම් රජුගේ ආගමික භක්‌තියත් භික්‌ෂු ගෞරවයත් ප්‍රකට වෙයි. අර්ධ ශත වර්ෂයක්‌ පමණ කාලයක්‌ මුළුල්ලේ පැවැති සොළීs අධිරාජ්‍යයක බලය අනුරාධපුරයේ පැවැති යුගයක ශාසනයට හා බෞද්ධ සමාජයට වැදී ගිය පහර මෙසේ වැළැක්‌වීමට පැරකුම්බා රජුගේ ප්‍රයත්නය කොතරම් වහල්වීද යනු තේරුම් ගැනීමටද මේ ගල් ලිපි කතිකාවත අතිශයින්ම ප්‍රයෝජනවත් වෙයි. විහාරාරාම විනාශ වී, භික්‌ෂු ප්‍රතිපත්ති පිරිහී, ශාසනය අන්තයටම දූෂණය වූ මේ වකවානුව ලංකා ඉතිහාසයේ අඳුරුම පරිච්ඡේදය වශයෙන් සැලකිය යුතුව ඇත. භික්‌ෂුහු සී සී කඩ පලා ගියහ. අපතිපත්ති හා දුශ්පතිපත්ති බහුල භික්‌ෂු ගණයාගේ බලය හා පාලනය මහා විහාර වංශික භික්‌ෂුන් වහන්සේගේ නොරිස්‌සූහ. දළදා වහන්සේද ද්‍රවිඩයන්ගේ ආරක්‌ෂාව යටතේ පැවැතියේද මේ කාලයේදීමය. වේලක්‌කාර සෙල් ලිපියේ ඒ බව සඳහන් වී ඇත.

ෂ විජයබා කාලයේ මේ ශාසන විලෝපය තරමක්‌ අඩු වුවද පසුව ඇති වූ අරගලවලින් නැවතත් උග්‍ර අතට හැරිණි. පැරකුම්බා රජුගේ ප්‍රයත්නය නොලැබිණි නම් ශාසනයේ චිර පැවැත්ම එතැනින් අවසන් වන්නට ඉඩ තිබිණි. තුන් නිකාය එක්‌ නිකායක්‌ බවට පත්කොට ශාසන සංග්‍රහයකට ඉදිරිපත් වූයේ ඔහුය. මහා විහාර, අභයගිරි හා ෙ-තවන වශයෙන් හෝ ථෙර, වෛතුල්‍ය, ධර්මරුචි වශයෙන් නිකායත්‍රයක්‌ අනුරාධපුර යුගයෙහි පැවැති බව පැහැදිලිය.

ධර්මරුචි සාගලික හා වෛතුල්‍යයන මහායානික බෞද්ධ මත දැඩිව ගත් නිකායන්හි භික්‌ෂුන් මහ පැරකුම්බා රජුන් විසින් එක්‌සත් කළ බව නිකාය සංග්‍රහයෙහි ද සඳහන් වෙයි. භික්‌ෂුන් ඒකීය බල මණ්‌ඩලයක සාමාජිකයන් වශයෙන් බැඳී ක්‍රියාකිරීමටත් භික්‌ෂු ප්‍රතිපත්තිවලින් පරිබාහිර වූ ආකල්පයෙන් හා ආජීවයෙන් මුදවාලීමටත්, පොළොන්නරු කතිකාවත මහෝපකාරී වූ බව අතිශයෝක්‌තියක්‌ නොවේ.

'ග්‍රාමවාසී', 'ආරණ්‍යවාසී' යන භික්‌ෂු ආයතන ක්‍රමයක්‌ ආරම්භ වූයේ එයින් පසුය. 'දුශ්ශීල භික්‌ෂුන් නෙරපා හැරැ' යනුවෙන් පොළොන්නරු පර්වත ලිපියේ සඳහන්ව ඇතත් භික්‌ෂු ශාසනයේ සම්පූර්ණ පාරිශුද්ධියක්‌ මහ පැරකුම්බා කාලයේද ඇති නොවූ බවද තවත් මතයකි.

නිශ්ශංකමල්ල ගේ හැටදාගේ ලිපියෙහි 'ආචාරියව උපාධ්‍යායව, සිටිනා වහන්සේ වරුන් ද, ශට කූට කෛරටික' යන පද ඇතුළත් වීමෙන් ඒ බව සනාථවනු ඇතැයි සමහරු කියති. නැවතත් සඟසසුන පිරිහුණු බව ඔවුහු කියති.

පැවිදිවීම, අධීශීලයෙහි පිහිටුවීම හා ශ්‍රමණ දින චරියාව හැර භික්‌ෂු දුශ්ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු පොළොන්නරු කතිකාවතෙහි ඇතුළත් වී ඇත්තේ මඳ වශයෙනැයි ඒ සඳහා නිදසුන් විසින් ඔවුහු දක්‌වති. පොළොන්නරු කාලයේ පැවැති පොහෝ කිරීම් වැනි සංඝ කර්මවලට උපසපන් භික්‌ෂුන් සිව් නමක්‌ අවශ්‍ය යෑයි සම්මත වී තිබුණ ද දඹදෙණි කාලය වන විට එබඳු ශාසනික කර්මවලදී යටත් පිරිසෙයින් අට නමක්‌ අවශ්‍ය යෑයි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ භික්‌ෂු ජීවිතය පිරිහී පැවැති බවය.

'කාව්‍යනාටකාදී ගර්හිත විද්‍යා තමා නූගත යුතු' බව ආදි ව්‍යවස්‌ථා පැනවීමෙන් දඹදෙණි කතිකාවත සකස්‌කොට ඇත්තේ ඒ පිරිහී පැවැති භික්‌ෂු තත්ත්වය පුනර්ජීවනයකට පත් කරනු පිණිස යෑයි කියති. 'ජාති ගෝත්‍ර විචාර කුල දොaෂයන්, ක්‍රියා දොaෂයන් නැතැයි ප්‍රතිඥ කළ පමණින් මහණ කටයුතු' යෑයි දඹදෙණි කතිකාවතෙහි සඳහන් වීමෙන්ද පැහැදිලි වන්නේ භික්‌ෂු ශාසනයට එල්ලවී පැවැති තත්ත්වයමය. දඹදෙණි කාලයේදී කුල ගෝත්‍ර බේදය ද භික්‌ෂුන් අතර පැවැති බව එයින් පෙනේ.

හින්දු සමාජ චාරිත්‍ර හා සිද්ධාන්ත පිළිබඳ දැඩි සැලකිල්ලක්‌ භික්‌ෂු සමාජය දක්‌වන්නට යැමෙන් මේ තත්ත්වය උදාවූ බව සමහරුන්ගේ මතයකි. මහා පරාක්‍රමබාහු කතිකාවතෙහි නොපෙනෙන මේ ව්‍යවස්‌ථාව රාජ සම්මතයෙන් කරන ලද්දකැයි සර් ඩී. බී. ජයතිලක සඳහන් කරයි. කෙසේ හෝ කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවතට ද මේ ව්‍යවස්‌ථාව ඇතුළත් වීම නිසා අද දක්‌වාම ඒ ආඥව රාජාඥාවක්‌ ලෙස පිළිපැදීමට මහා විහාර වංශික භික්‌ෂුහු කැමැතිවී සිටිති.

භික්‌ෂුන් වහන්සේ අතර 'පදවි' පත් කිරීමටද දඹදෙණි කතිකාවතෙහි නියම කොට ඇත. එසේම භික්‌ෂුන් සතු වූ දේපල ඉතා දැඩි ලෙස ආරක්‌ෂා කිරීම පිsළිබඳවද කරුණු මේ කතිකාවත්හි සඳහන්ව ඇත. දැසි-දසු, වැව්, කුඹුරු, හරක වැනි වස්‌තු පවා පිළිගැනීමට ව්‍යවස්‌ථාවක්‌ දඹදෙණි කතිකාවත්හි සඳහන් වෙයි.

භික්‌ෂු චරියාව ගැන ව්‍යවස්‌ථා කරන ලද පොළොන්නරු කතිකාවත ඒ පිළිබඳ මනා පාලනයක්‌ ද ආරක්‌ෂාවක්‌ ද ඇති කරයි. නොකල්හි නගරයෙහි හැසිරීම බෙහෙත් ගැනීම, පිරිත් කීම වැනි අවශ්‍ය කාර්යයකට ආරාමයෙන් පිටවී රෑ පාන නගරයට යතොත් ඒ සඳහා ද ආචාර්ය උපාධ්‍යායන් විචාරා අවසර ගෙන යා යුතු බව එහි සඳහන් වෙයි. ආගන්තුක භික්‌ෂුවකට රෑ නැවතීමට අවසර දිය යුත්තේ ගණදෙටු පැවිද්දාගෙන් ලැබුණු හැඳිනීමේ බලපත්‍රයක්‌ ඇති අවස්‌ථාවකදී පමණය.

භික්‌ෂු ජීවිතය මෙසේ කාලයෙන් කාලයට ව්‍යස්‌ථාපිත නීති රීති අනුව වෙනස්‌ වුණු තත්ත්වයකට පත්ව අද දක්‌වා පවත්නා අතර මෑත කාලයේදී සංඝ සමාජයේ අවශ්‍යතා සලකා බලා කිසියම් කතිකාවතක්‌ සැකසීමට යම් යම් භික්‌ෂු ආයතන උත්සාහයක්‌ දැරූ නමුත් එබඳු ප්‍රයත්නයක ප්‍රතිඵල දැක්‌ක නොහැකි විය.

ගුන්නෑපානේ ඤාණ සෙනෙවිරත්න

ගුන්නෑපානේ ඤාණ සෙනෙවිරත්න ගුරුවරයෙකි, ග්‍රන්ථ කතුවරයෙකි. පරිවර්තකයෙකි, සංස්‌කාරකවරයෙකි, පුවත්පත්-සඟරා ලිපි රචකයෙකි. ඔහු විසින් 1967 සැප්තැම්බර් මස 'රසවාහිනි' සඟරාව සඳහා රචනා කරන ලද ලිපියකි මේ.


සම්භාව්‍ය අධ්‍යාපනයේ පදනම පිරිවෙනයි


ක්‍රි. පූර්. 3 වැනි සියවසේ ආරම්භයත් සමඟම ලාංකික ජනයාගේ චින්තාවලිය නව මඟකට යොමු වීමක්‌ කාලානුරූපීව සිදුවන්නට විය. මේ හා සමඟම මිනිසා තුළ පැවැති ආකල්ප බුදුදහම හා ගැටී මිශ්‍රව අලුත් පරිවර්තනයකට දොරගුළු විවර විය. ඉන්පසු මෙරටට ආවේණික සංස්‌කෘතියක්‌, පුළුල් ප්‍රචාරණයක්‌ ගොඩනැංවිණි. මෙකී සංස්‌කෘතියේ කොටසක්‌ වශයෙන් සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය මුල්බැස ගැනීමට එතරම් කාලයක්‌ ගත නොවිණි. මුලින්ම මෙහි පුරෝගාමී මෙහෙවරක්‌ සිදුකරන ලද්දේ මහාවිහාරවාසී මහතෙරවරුන්ගේ දායකත්වයෙන්ය. මහා විහාරවාසී මහතෙරවරුන්ගේ පරම්පරානුගතව ඒ ඒ දිසාවන්ට සුදුසු භික්‍ෂුන්ගෙන් යුක්‌තව කල්යාමේදී මෙම සම්භාව්‍ය අධ්‍යාපනය රටපුරා දීපව්‍යාප්ත විය. මේ සඳහා පූර්ණ රාජ්‍ය දායකත්වය නිතැතින් හිමිවිය. එනිසා මිනිසාගේ දෙනෙත් සම්භාව්‍ය අධ්‍යාපනය කෙරෙහි දැඩිව යොමු විය. මෙහි වැඩි වපසරියක්‌ම හිමිව තිබුණේ භික්‍ෂූන් සඳහාය. නමුත් ගිහි ජනයා, හටද එය විවර වූ ආකාරය විද්‍යා චක්‍රවර්තීන්, ගුරුළුගෝමීන් යන අද්විතීය ගිහි පඬිවරුන් දෙස බැලූ කල විශද වේ. මොවුන් සම්භාව්‍ය අධ්‍යාපනය හරහා බිහිවූ බව මෙහිලා දත යුතුය.

පෙදෙන් බුදු සිරිත - බසින් වත් සිරිත් ඈ

පද යුතු බසින් නලු ඈ - අනතුරු ලකුණු දක්‌වමි

සියබස්‌ලකර කෘතියට අනුව බුද්ධ චරිතය වස්‌තු විෂය වශයෙන් තබා ස්‌වකීය කාව්‍යයන් ඉදිරිපත් කළ යුතු බව මින් ප්‍රකට වේ.

එනමුත් පසුකාලයේදී එම මතය බිඳගෙන විවිධ විෂයයන් ග්‍රහණය කරගත් ක්‍රමයක්‌ බවට පත්විය. ප්‍රථමයෙන්ම ත්‍රිපිටකයට හා අටුවාගත කරුණු වලට පමණක්‌ සීමා වී තිබූ සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය, දෙවනුව, විවිධ ටීකා හා ප්‍රකරණත්, තෙවනුව සංස්‌කෘත භාෂාව, වියරණ, ජන්දස්‌, අලංකාර, කොෂ, නිඝණ්‌ඩු, ශතක, වෛද්‍ය, නක්‍ෂත්‍ර ආදියද කාව්‍ය නාටක ආදි ගර්හිත විද්‍යා ද ඒ අතර වැදගත් වේ. මේවායේ සංකලනයත් සමඟ සම්භාව්‍ය අධ්‍යාපනයට අලුත් එළියක්‌ ලැබුණු බව නම් නිසැකය.

සම්භාව්‍ය අධ්‍යාපනයට සුවිසල් බලගැන්වීමක්‌ පිරිවෙන හරහා ලැබුණු බව ඉහතින් දැක්‌වූ කරුණු තුළින් සපථ කරවයි. මෙනිසා බුදුදහම අනාගතයට සුරක්‍ෂිත කිරීමේ අරමුණක්‌ වත්මන් පාලකයන් හට වෙත්නම් පිරිවෙන ගොඩනංවන්නට යුහුසුළුව කටයුතු කළ යුතුමය. ෙ€දයකට මෙන් වර්තමානයේ සම්භාව්‍ය අධ්‍යාපනයේ පදනම වන "පිරිවෙන" සඳහා දක්‌වන දායකත්වය අවම වීම නිසා මෙම ක්‍ෂේත්‍රයේ පැහැදිලි කඩා වැටීමක්‌ දක්‌නට ලැබීම හද කම්පා කරවන්නකි. අලුත් සංකල්පනා සිත තුළ ඇති වන්නට නම් සාහිත්‍ය රුචිකත්වය අත්‍යවශ්‍ය යෑයි වියතුන්ගේ පිළිගැනීමයි. මෙවන් සංකල්පනා සාහිත්‍ය අභිවර්ධනය පිණිස ඉවහල් වන හෙයින් මේවායෙහි නියුක්‌ත විය යුතු පිරිසක්‌ කලින් කලට පහළ විය යුතුය. අනුරපුර යුගයේ සිට මේ දක්‌වා කාලය තුළ ඒ සඳහා අවශ්‍ය යුගකාරකයන් පහළ වීම සිංහල ජාතියේ පිනට ඉස්‌මතු විය. එහෙත් මින් ඉදිරියට සාහිත්‍ය සංකල්පනා බිහිවේද යෑයි යම් අවිනිශ්චිත තත්ත්වයකට අවාසනාවන්ත ලෙස අද අපි කවුරුත් ගොදුරුවී සිටී. මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පිරිවෙන් ක්‍ෂේත්‍රයේ පැහැදිලි කඩාවැටීමය. කඩාවැටීම කුමක්‌ද යෑයි මෙහිදී සඳහන් කළ යුතුය. කෙසේද යත් යම් ක්‍ෂේත්‍රයක පවතින අඩුපාඩුකම්, අතපසුවීම්, නොවියත්කම නුසුදුස්‌සන් පත්වීම, අවතක්‌සේරුවට ලක්‌කිරීම යනාදී කරුණු එකට එක්‌වූ තැන බලාගෙන සිටියදී කඩාවැටීම සිදු වන්නේ නිරායාශයෙනි. එවැනිම තත්ත්වයක්‌ උක්‌ත මාතෘකාගත පිරිවෙන් ක්‍ෂේත්‍රය වෙලාගන තිබීම කිසිදු සංවිධානයකට නොපෙනෙන්නත් වීම අහො· පුදුමයකි. රට, ජාතිය, ගොඩනඟන්නට විවිධ සංවිධාන අද වනවිට බිහිවී ඇතත් රටට අත්‍යවශ්‍ය සේවාව සිදුවෙනවා දැයි ගැටලුවකි. මන්දයත් රට ජාතිය රැකගත හැක්‌කේ පිරිවෙන් අධ්‍යාපනය ගොඩනැංවීමෙන්ම පමණක්‌ වීම නිසාය. එයට හේතුව රටක්‌ ජාතියක්‌ ගොඩනංවන්න නම් බහුශ්‍රැත බව ඉතා වැදගත් කරුණකි. කුමක්‌ නිසාද, යම් අවස්‌ථාවකදී පෙර අතීතයේ ඇතිවූවාසේ "පානදුරාවාදය" වැනි වාද නැවත වතාවක්‌ අනාගතයේ ඇතිවුවහොත් එවැනි වාද ජයගෙන සම්බුදු සසුන බැබළ වීමට යටකී බහුශ්‍රැත භික්‍ෂුන් වහන්සේලාගේ සේවාව අත්‍යවශ්‍ය නොවේද? පානදුරාවාදය පැවැති වකවානුවේ අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්, යන යතිවරුන් නොසිටින්නට අද වන විට බුදුදහම ලංකාව තුළ පොළවට පස්‌වී හමාරය. වසර 5000 ක කාලයක්‌ සසුන පවත්වාගෙන යන්නට මේ යුගයේ පිරිවෙන් ශිෂ්‍යයන් සංවිධානය කළ යුතුය. එවිට මෙම අනතුරෙන් ජාතිය ආගම, රට, රැක ගැනීමට හේතු සාධක වනු ඇත. මේ වන විට ශේෂව පවතින පිරිවෙන් අධ්‍යාපනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ සූක්‍ෂ්ම ලෙස ක්‍රියාත්මක වන බව අඳුරු සෙවණැලි මඟින් සපථවන්නේය. මේ සඳහා අවධානයෙන් සිටීම පමණකින් මෙයින් සෑහීමකට පත්විය නොහැක. පිරිවෙන් අධ්‍යාපනයට සිදුවන අසාධාරණකම් පිළිබඳව පවතින රජය දැනුවත් කළ යුතු යෑයි වටහා ගැනීම මනාය. දෙන දෙයක්‌ වළඳා වෙන දෙයක්‌ බලා සිටියහොත් පිරිවෙන් අධ්‍යාපනය දොයිතුවකටවත් මායිම් නොකරනු නිසැකය. දැනටත් ප්‍රාචීන පණ්‌ඩිත ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන පරීක්‍ෂණ අවතක්‌සේරුවට ලක්‌වීම ඉතා ෙ€දජනක සිදුවීමකි. මෙය සිංහල ජාතියට, බුද්ධ ශාසනයට විෂ පෙවීමක්‌ නොවේදැයි මහරජාණන් තේරුම් ගත යුතුය. මහරජාණන් විධායක අසුනෙන් බිමට නොහෙළා හොවාලන්නට මහෝපකාරී මෙහෙවරක්‌ මහා සංඝයා කරන ලද බව අමතක නොකළ යුතුය. උතුමාණන් නූපන් දරුවාගේ අනාගතයට රට, ජාතිය, ආගම සුරක්‍ෂිත කළ යුතු යෑයි චින්තනය කරන බව නිසැකය. එනිසා උතුමාණනි, පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයක්‌ යොමුකරන්නේ නම් මැනැවි. විද්‍යාලංකාර පිරිවෙණ ගොඩනැඟීමෙන් පමණක්‌ සමස්‌ත පිරිවෙන් පද්ධතියම ගොඩනැඟෙන්නේද නැත. සමස්‌ත පිරිවෙන් පද්ධතියම ගොඩනැංවිය හැකි වැඩපිළිවෙළක්‌ කඩිනමින් අවශ්‍ය කර ඇත. සත්‍ය වශයෙන්ම මූලික පිරිවෙන් සඳහා නිකුත් කොට ඇති පෙළපොත් පළමු වරට මුද්‍රණය කොට ඇත්තේ එකදාස්‌නවසිය අසූව දශකයේ යෑයි පැවසුවහොත් ඔබ පුදුම වනවා නිසැකය. අවාසනාවකට සත්‍ය එයයි. මෙලෙස දිග හැරෙන පෙළපොත්හි අන්තර්ගත ඇතැම් කරුණු දොaෂසහගත වීම තවත් අර්බුදයකි. නැවත මුද්‍රණය වන විට එවැනි දොaෂ නිදොස්‌ නොවී දොaෂ සහිතවම මුද්‍රණය කිරීම මගින් පෙනෙනුයේ මෙම කාර්යයෙහි අනවධානය හා නොසැලකිල්ල ප්‍රකට වීමක්‌ නොවේද? මූලික පිරිවෙන් පෙළපොත් මුද්‍රණය කිරීමෙහිලා "යුනිසෙµa" අනුග්‍රහය විශාල දායකත්වයක්‌ දක්‌වා තිබීමට කරන ලද ප්‍රදානයද මේ.

පිරිවෙන් අධ්‍යාපනය හරහා භික්‍ෂුවකට ත්‍රිපිටක ධර්මය පිළිබඳ මනා අවබෝධයක්‌ සැබැවින් අවශ්‍ය වේ. එම අවශ්‍යතාව පූර්ණය කරනු වස්‌ බලධාරීන් කටයුතු කරනු ඇතැයි අප තවමත් යන්තමින් හෝ විශ්වාස කළත් එය වැඩිකල් පවතින්නේද නැත.

සංස්‌කෘත භාෂාවට වඩා පාලි භාෂාවේ ප්‍රගුණත්වය වර්තමානයේ භික්‍ෂුන් වහන්සේලා හට ඉතා වැදගත් බව චින්තනය කළ යුතුය. මන්දයත් පාලි භාෂාවෙන් මුහුකුරා යැමෙන් ත්‍රිපිටකගත ගැඹුරු දහම් කරුණු අවබෝධ කොට ගෙන එය බෞද්ධ ජනයා සද් මාර්ගයෙහි යෙදවීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟෙනවාට කිසිදු සැකයක්‌ නැත. නමුත් අවාසනාවකට මෙන් පාලි භාෂාවේ වටිනාකමක්‌ ඇති යුගයක එය වටහා නොගැනීම හා පිරිවෙන් පද්ධතිය මගින් පාලි බස පිළිබඳ රුචිකත්වයක්‌ ගොඩනැඟීම උදෙසා කටයුත සිදු නොවීම කනගාටුදායකය. නිතැතින් අවසානයේදී සිදුවන්නේ

පාලි නැති ත්‍රිපිටකයක්‌

ත්‍රිපිටකයක්‌ නැති දර්ශනයක්‌

දර්ශනයක්‌ නැති ජාතියක්‌

ජාතියක්‌ නැති රටක්‌

සුබ අනාගතයක්‌ ඇතිකිරීම සඳහා මේ රට තුළ උගත් බහුශ්‍රැත භික්‍ෂුන් වහන්සේලා වැඩසිටිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රධානතම කාරණය වන සම්භාව්‍ය අධ්‍යාපනයේ පදනම වන පිරිවෙන් ජාලය ශක්‌තිමත් කළ යුතු නොවේද යෑයි සිතීමට කාලය දැන් එළඹ ඇත.

පූජ්‍ය අමුහේන්කන්දේ නන්ද හිමි
විහාරාධිකාරී, ශ්‍රී මෙත්තාරාමය
පොහොරඹාව, පරකඩුව


free counters

දහම් රස වින්දෝ